දේශපාලන පම්පෝරි ගැසීමට යාමේ අතුරුඵලයක් ලෙස පාක්ෂිකයන් දෙදෙනකුට රුපියල් දෙදහසක දඩයක් බැදීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ අගනුවරට ආසන්න උප නගරයකිනි.
මැදිවියේ වූ මේ දෙදෙනා දැඩි හිතවතුන් වූවත් දේශපාලන වශයෙන් සිටියේ පිල් දෙකකය. පසුගිය මැයි රැලියේදී තම පක්ෂයේ ජයග්‍රහණය පිළිබඳව එක් අයකු කඩපිලක කතා කරද්දී ප්‍රතිවාදී පිල නියෝජනය කළ හිතවතා ඊට එරෙහිව අදහස් පළ කළෙන් තරමක උණුසුමක් ඇතිවිය.
මොහොතකින් ආවේගයට පත් වූ එක් අයකු “අනේ පලයන් යන්න” කියා හිතවතා තල්ලු කළ විට සමබරතාව රැක ගැනීමට අසමත් වු ඔහු කැරකී ගොස් කඬේ ආහාර දමා තිබූ උස වීදුරු අල්මාරියක වැදී එහි වූ බඩුත් සමඟ ඇද වැටුනේ මහ හඬක් නගමිනි. වීදුරු කුඩුවී ආහාර වර්ග විසිරී ගියේය.
වහා එතැනට ආ මුදලාලි අලාභය ගණන් බලා එය රුපියල් දෙදහස් විසි පහක් බව පවසා “හිතල මතල දෙයක් නෙමෙයිනෙ. ඒ නිසා දෙදාහක් දෙන්න” කීවෙන් දෙදෙනාටම තරු පෙනුනාලු.
(තිහගොඩ - උපසේන ලියනගම)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දේශපාලනය කතාකරන්න ගිහින් 2000 ක අලාභයකුත් ගෙවලා
සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 10 May 2016 08:44 AM
අපේ සමහරුන්ට කතා කරන්න ගියහම තැනක් වෙලාවක් බලන්නේ නැහැ. මොනවද අවට තියෙන්නේ කියලා කිසිම සිහියක් පතක් නැහැ. ඒ අයට මේ කතාව හොඳ ආදර්ශයක්. සමහරු අන්තර්ජාලය භාවිතා කරනවා මේ වගේ ප්‍රවෘත්තිවලට ප්‍රතිචාර දක්වන්න. නමුත් අන්තර්ජාල සම්බන්ධතාව සඳහාත් ඩේටා සදහාත් අතින් මුදල් වියදම් කරගන්නවා. එහෙම කර කර එක එක පුද්ගලයට එක එක අදහස්වලට ගැති වෙනවා අන්තවාදීව හිතලා මතලා අනුන් අතර විවිධ වාද භේදකම් කෝන්තර එදිරිවාදිකම් ඇති කර ගන්නවා. අනේ මෙහෙමත් මිනිස්සු. අපේ රටටම හොදයි ඉතින්.(බ)
පිටබැද්දර ජයා Tuesday, 10 May 2016 12:31 PM
දැන් ඉතින් දෙන්න එක්ක ගෙවන්න්කෝ... අමතක නොකර මුදලාලිගෙන් කුවිතාන්සියක් ඉල්ලගෙන දෙන්නගේ පක්ස නායකයන්ට ගෙනිහුන් දෙමු , බලමු නය බේරයිද කියලා. එහෙම බේරුවොත් දෙපැත්තට බෙදිලා වැඩ කරන්න . මොකද බලාගන්න නායකයෝ ඉන්නවා , නොගෙවුවොත් නැවත කවදාවත් යාලුවෙක් හිතවතෙක් ගමේ ගොඩේ මිනිහෙක් එක්ක දේසපාලනය කතා නොකර ඉන්න. (ර)
රොෂාන් Tuesday, 10 May 2016 01:05 PM
අනිත් එක අපේ රටේ මිනිස්සු කොහොමත් දේශපාලන උන්මන්තකයෝනේ. එහෙම එකේ දේශපාලනය කතා කරන්න තැනක්, තොටක් වෙලාවක් තියෙන්න ඕනද?(හේ)
ධම්ම Tuesday, 10 May 2016 04:04 PM
ගුටි ඇනගැනීම දේශපාලනයේම කොටසකි. (නි)
මොහොට්ටාල Wednesday, 11 May 2016 02:51 AM
මේක නම් හොඳ පාඩමක් (නි)
අජිත් Wednesday, 11 May 2016 01:30 PM
මුදලාලි නම් නියමෙට පාඩම උගන්වල තියෙනවා. අන්තර්ජාලයේ දමන ඒවාගැන කාටවත් මොකුත් කියන්න බැහැ. ඒක ඔවුන්ගේ කැමැත්ත. මමත් ඕන තරම් FB එකට අදහස් දමනවා. (අ0
සුජිත් නිශාන්ත හේවගේ Thursday, 12 May 2016 02:50 AM
මම මෙහි අන්තර්ජාලය ගැන සඳහන් කළේ මුහුණු පොත්වල දමන ඒවා ගැන නොවෙයි, මෙහි අදහස් ප්‍රතිචාර දක්වන එක ගැනයි. කියලා තියෙන්නේ නිවැරදිව වටහාගන්න මුලින්ම අදහස් දක්වන්න ප්‍රථම. අපේ ලංකාවේ මිනිස්සු ක්‍රියාවට වඩා කයිවාරුවට මුල් තැන දීලා කටයුතු කරන බව පේන්න තියෙනවානේ. (නි)