(හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන)
උණ හා කැස්ස හිසරදය වැළඳුණු රෝගියකු ප්‍රතිකාර ලබා ගැනීමට වෛද්‍යවරයකු හමුවට ගිය අවස්ථාවේ ඔහු කළ අරුම පුදුම ප්‍රතිකාර ලබාදීමක් පිළිබඳ පුවතක් දකුණු පළාතේ දුෂ්කර ප්‍රදේශයකින් වාර්තා වේ.
ග්‍රාමීය පෙදෙසක ජීවත්වන තම ඥාතියකුගේ සුවදුක් බැලීමට ගිය තරුණයකු මෙලෙස අසනීපව ප්‍රතිකාර ගැනීමට ගොස් ඇත. මෙම වෛද්‍යවරයා ප්‍රතිකාර කරන්නේ තම නිවසේ දීය. එදින වෛද්‍යවරයා බැහැරට ගොස් සිටි අතර ඔහුගේ බිරිඳ පමණක් නිවසේ සිටි අතර බෙහෙත් ගැනීමට පැමිණි තරුණයා වෙද නළාව ද තබමින් පරීක්ෂා කළ වෛද්‍යවරයාගේ බිරිඳ බටහිර ඖෂධ වර්ග පහක් පමණ ලබා දී රුපියල් පන්සියයක මුදලක් ද ලබාගෙන ඇත.
බෙහෙත් රැගෙන ඥාති නිවසට ගියපසු ප්‍රතිකාර ලබාගත් ස්ථානය පිළිබඳව ඥාතීන් විමසා සිටි අතර තරුණයා සියලු විස්තර පවසා තිබේ. තරුණයාගේ කතාවට සවන් දුන් ඥාතීන්ට උන්හිටි තැන් ද අමතක විය. එම වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර කරනු ලබන්නේ ආයුර්වේද වෛද්‍යවරයෙකි. ඔහුගේ බිරිඳ වෛද්‍යවරියක් ද නොවන අතර ඇය සාමාන්‍ය කාන්තාවක් වේ.
එම ස්ථානයෙන් ලබා දුන් බෙහෙත් ද රැගෙන වහාම වෙනත් වෛද්‍යවරයකු හමුවූ නිවැසියන් ලබා දී තිබූ ඖෂධ පිළිබඳව විමසා ඇති අතර ඒවා විටමින් හා වේදනා නාශක ඖෂධ වර්ග කිහිපයක් බව එම වෛද්‍යවරයා පවසා ඇති බව ද පැවසේ. පිරිස නැවත එම වෛද්‍ය මධ්‍යස්ථානයට ගොස් ප්‍රතිකාර කිරීම පිළිබඳව වෛද්‍යවරයා හමුවී පිරිස ප්‍රශ්න කර ඇති අතර සිද්ධිය කිසිවකුට නොපවසන ලෙස වෛද්‍යවරයා බැගෑපත් වී මුදල් ද නැවත ලබාදී ඇතැයි ද පැවසේ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දොස්තර ගෙදර නැතිවෙලේ බිරිය අපූරු බේතක් දීලා