(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කලකට පසු නැගණියගේ ගෙදර ආ අවස්ථාවේ ඇගේ නිවෙස සොයා ගැනීමට නොහැකිව පැය තුන හතරක් තිස්සේ ඒ මේ අත ත්‍රිරෝද රිය පදවමින් නිවෙස සෙවූ අයියණ්ඩියක පිළිබඳව පසුගියදා වාර්තාවිය.
නැගණියගේ විවාහය සිදුවූයේ සැතපුම් හත අටක් දුරින් වූ තරුණයකු සමගය. නැගණියට සහෝදරයෙක් වූයේය. මේ මස්සිනාලා දෙපළද ඉතා කුලුපග මිතුරන්සේය. දෙදෙනා නිතර නගරයේදී හමුවී සතුටු සාමීචියෙන් කල් ගත කරමින් මධුවිත තොල ගාන්නේ පවුලේ අයට හොර රහසේය.
ඒ නිසාම මස්සිනාලා නිවසේදී හමුවන්නේ කලාතුරකිනි. නැගණියගේ නිවසේදී මේ දෙන්නා අවසන් වරට හමුවූයේ ගිය වසරේ අග භාගයේ දිනකය. ඉන්පසු දෙදෙනා හමුවීමේ අවස්ථාව ගිලිහී ගියේ කොරෝනා පැමිණීමත් සමගය. නැගණියගේ නිවෙස අවට පරිසරය තිබුණේ ඉතා අපිළිවෙළකටය. නිවෙස ඉදිරිපිටම මඩ වළකි. අවට ගස් කොළන් පිරිලාය. ඒවාද අපිළිවෙළය.
තත්ත්වය මොනවා වුවත් කොරෝනා පැමිණීමත් සමග නිවෙසටම කොටුවූ නැගණියගේ සැමියා වත්ත පිටිය එළි පෙහෙලි කළේය. වැට සැකසීය ගේට්ටුවක්ද සවි කළේය. දැන් මනරම් උයනක සිරි ගෙන දෙන නිවසක් බවට පත්ව අවසානය.
ඉකුත් දිනක නැගණියට කතා කළ අයියා ‘නංගී මම අද ඔය පැත්තේ එනවා මල්ලීට කියන්න ටිකක් රෑවෙයි’ පැවසුවේ හවස් වරුවේය. සැමියා ආ විගස අයියාගේ පැමිණීම ගැන දැනුම් දුන්නේ මහත් සොම්නසිනි. දෙදිනකට පෙර නගරයේදී හමුවීමෙන් පසු කළ කතාබහක ප්‍රතිපලයක් බව දන්නා සැමියා ඇත්තදැයි විමසුවේ කිසිත් නොදන්නා ගානටය.
රාත්‍රි හත අට පසුවිය. අයියා නැත. මස්සිනාගේ පැමිණීම බලමින් සිටින සැමියා කණගාටුවෙන් පසුවේ. වේලාව රාත්‍රි නවයද පසුවිය. තවමත් නැත. අයියා කිව්වේ ටිකක් රෑ වෙයි කියලනේ තව ටිකක් බලමු බිරිඳ පැවසුවේ වෙන කළ හැකි දෙයක් නැති තැනය. රාත්‍රි දහයේ කණිසමද ගෙවී ගියේය. දැන් වේලාව රෑ එකොළහට දහයකි.
කරන්නට දෙයක් නැති තැන මස්සිනාට ඇමතුමක් ගෙන අයියේ තවම පරක්කු ඇයි’ දැයි විමසීය. අනේ මල්ලීයේ මම අටට විතර ආවා. ගේ හොයාගන්න බැරිවුණා. ‘මම මේ පාර දිගේ එහාට මෙහොට දහ දොළොස් පාරක් ගියා. කියන්න ලැජ්ජා නිසයි නොකියා හිටියේ’ ඔහු කියාගෙන ගියේය. ‘අයියා එන්න මම පාර අයිනේ ඉන්නම්’ කී මස්සිනා බිරියද සමග පාරට ගියේ කඩිනමිනි.
වේගයෙන් ආ ත්‍රීරෝදය නතර කෙරිණි. මම මෙතන කී පාරක් නතර කළාද. අඳුන ගන්න බැරිවුනානේ. මෙතන මොන තරම් වෙනසක් වෙලාද අනේ මට වෙච්ච දේ. කී මස්සිනා නැගණියගේ නිවසට ගොඩවූයේ දැඩි හෙම්බත්කමින් යුතුවය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නංගි ගේ වෙනස් කරලා: අයියා නන්නත්තාර වෙලා