(පුස්සැල්ලාව නිහාල් කරුණාරත්න)
තම නැගණිය සතු එළුවකු සොරකම් කර මස් කඩයට දුන් අයියා කෙනෙකු පිළිබඳ පුවතක් කඳුරට පැත්තෙන් වාර්තා විය.
උදෑසන බලනවිට තම එළුවා අතුරුදන්ව සිටි හෙයින් අදාළ කාන්තාව ඒ පිළිබඳව පුස්සැල්ලාව පොලිසියට පැමිණිලි කර ඇත. ඒ මීට පෙර සොරකම්වලට සම්බන්ධව සිටි ඇගේ අයියා සැක කරන බව පවසමිනි.
පුස්සැල්ලාව පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් එම සැකකරු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී ඔහු එම සොරකම කළ බව හෙළිවී ඇත. පසුව ඔහුට සහාය වූ බව කියන තවත් පුද්ගලයකුද අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු විසින් එළුවා පුස්සැල්ලාවේ මස්කඩ හිමියෙකුට දී පසුව ගනුදෙනු බේරා ගන්නාතුරු රුපියල් දහසක මුදලක් ලබාගෙන ඇත. එහෙත් එළුවා මැරීමට පෙර සොයා ගැනීමට පොලිසියට හැකිවී තිබේ. අනතුරුව සැකකරුවන් නාවලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී එළුවා සොරකම් කළ පුද්ගලයා වරද පිළිගත් අතර ඔහුට සහාය වූ මිතුරා තමන් නිවැරදිකරු බව පැවැසීය.
එහිදී මහේස්ත‍්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා එළුවා සොරකම් කළ පුද්ගලයාට රුපියල් පන්දහසක දඩයක් නියම කර ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරියේය. නිවැරැදිකරු බව පැවසූ පුද්ගලයා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහල අතර නඩුව 2017 නොවැම්බර් මස 1 වැනි දිනට කල් තබනු ලැබීය.
පුස්සැල්ලාව පොලිස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සරත් බණ්ඩාර පලිපාන මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක හේමන්ත තිලකරත්න මහතාගේ මෙහෙයැවීමෙන්, පොලිස් සැරයන් (52048) නිශාන්ත, පොලිස් කොස්තාපල්වරුන් වන (22322) උපතිස්ස, (49399) කෝලිත, (37304) අමරසිංහ යන නිලධාරීන් පරීක්ෂණ සිදුකර ඇත.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නංගිගේ එළුවා අයියා මස් කඩයට විකුණලා
chintha Wednesday, 11 October 2017 08:18 AM
හොර බඩු ළඟ තබා ගත්ත මස් කඩකාරයා ඒකෙන් ගැලවුනේ කෙසේද ?