ගම්පොළ -සුරංග රාජනායක
විවාහ චාරිත්‍රවලින් පසු මංගල ගමනට යාමට නියමිත යුවළකට ඒ සුන්දර මොහොත අමතක කර පොලිසියේ රෑ පහන් කිරීමට සිදු වූ පුවතක් ගම්පොළින් වාර්තා වෙයි.
මොවුන් දෙදෙනා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට අයත් එක් අංශයක සේවය කරන අතර මනාලයා දකුණු පළාතේ ගාල්ල ප්‍රදේශයේත් මනාලිය ගම්පොළ පළාතේත් පදිංචි අය වෙති. ආදර සම්බන්ධතාවයකින් පසු මොවුන්ගේ විවාහය සිදු වී එය මනාලියගේ ගම්පොළ නගරයේ උත්සව ශාලාවක පැවැත්විණි.
මඟුල ජයටම කෙරීගෙන යන අතරතුර දෙපාර්ශ්වයේම වැඩි පිරිසක් පදම ඉක්මවා ගැනීමට ද අමතක කළේ නැත. මනාලියගේ පාසල් මිතුරෝ සිව් දෙනෙක් ද උත්සවයට පැමිණ සිටියහ. පදම වැඩිවෙද්දී පාසල් කාලයේ සිදුවීම් ද ඔවුන්ට කියවීමට වැඩි වේලාවක් ගත නොවීය. මනමාලයාගේ වැඩිමහල් සොයුරාගේ කේන්තියට එය හේතු වී ඇත. එහි ප්‍රතිඵලය වූයේ ඔහු එම තරුණයන් සිව් දෙනාට දොස් කීමය.
එයට කේන්ති ගත් සිව්දෙනා මනමාලයාගේ සොයුරාට පහර දී ඇත්තේ මඟුල ද අමතක කරමිනි. අවසානයේ උත්සව ශාලාවේ මහා ගැටුමක් නිර්මාණය වී ඇති අතර උත්සව ශාලාවට ද හානි සිදුවිය. මනමාලියගේ පාර්ශවයේ කීප දෙනෙකු රෝහල් ගත කළ අතර මනමාලයාගේ සොයුරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගැනුණි.
අත්අඩංගුවට ගත් සොයුරා ඇතුළු ඥාතීන් හැර යාමට අකමැති වූ මනාලයා ගම්පොළ පොලිසියට වෙත පැමිණියේය. මනාලිය ද ඔහු පසු පස විය.
සාක්ෂි සටහන් කිරීම ඇතුළු නීති කටයුතු සිදු කිරීම මහ රෑ දක්වාම සිදුවිය. .
මංගල ගමනට සූදානම් කර තිබූ මෝටර් රථය ආපසු පිටත් කළ මනමාල යුවළ එළිවන තුරු එහි තිබූ වෑන් රථයක රැය ගත කළේ සොයුරා නිසාය.
ගම්පොළ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම් .එම්.එච්.එස් .යාලේගම මහතා ඇතුළු නිලධාරිහු පරීක්ෂණ පැවැත් වූහ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නව යුවළගේ මංගල ගමන පොලිසියේ