(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
රාත්‍රියේ නාන කාමරයේ දිය නාමින් සිටි තරුණියක සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ කරමින් සිටි තරුණයකුට බලු ප්‍රහාරයකට ලක්ව රෝහලේ ප්‍රතිකාර ලබන්නට සිදුවූ පුවතක් දකුණේ ගමකින් වාර්තා වේ.
ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන තරුණියකි. වැඩ ඇරී රෑ බෝවී සිය නිවසට එන ඇය පුරුද්දකට මෙන් සිය නාන කාමරයට ගොස් ඇඟ සේදීම හෝ දිය නෑම සිදුකරන්නීය.
එදාත් ඇය වැඩ ඇරී රාත්‍රියේ නාන කාමරයට ගියේ නා ගැනීමටය. එසේ ඇය නාන කාමරයේ දිය නාමින් සිටියදී එක පාරටම දඩෝස් ගා නාන කාමරය පිටුපස දෙසින් ශබ්දයක් ආවේය. ඒ සමගම නිවසේ ඉදිරිපිට ලිහා සිටි බල්ලා ද කලබලවී ඒ දෙසට දිව ආවේ ආගන්තුකයකු සිය නිවසට පැන ඇතැයි ඉව වැටුණු නිසා විය යුතුය.
නාන කාමරයේ පිටුපස තරමක් උස ලී කොටයකින් වැටී එය පෙරළී දුවනා කෙනකු පිටුපස කලුවරේ එළවාගෙන ගිය බල්ලා සපා කෑවේ ඔහු මර හඩ තලමින් සිටියදීය. නිවසේ සිටි අයියමලෝද ඒ දෙසට දිව ආවේ නිරායාසයෙන්මය. සිදුවූදේ ඔවුනට තේරුම් ගියේය. බලු ප්‍රහාරයට ලක්ව ලේ ගලමින් සිටි ඔහුගේ අත තිබූ ජංගම දුරකතනය නිරීක්ෂණය කර බැලීමෙන් එය තව දුරටත් තහවුරු විය.
සිය නිවසට හොරෙන් ඇතුළුවීමෙන් කලබලයට පත් බල්ලා සපා කෑවාක් මෙන්ම ජංගම දුරකතනයේ වීඩියෝව දැකීමෙන් කලබලයට පත් මේ අයියමලෝ ඔහුට හොඳටම නෙළුවේ ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නම් අනිවාර්යයෙන්ම රෝහල් යා යුතුම තරමටය.
කට්ට කළුවරේ තිබූ නාන කාමරයේ කවුළුවට උස මදි නිසා මේ තරුණයා නාන කාමරයේ දිය නාමින් සිටි තරුණිය වීඩියෝ කිරීමට භාවිතා කර තිබුණේ ඒ ආසන්නයේ තිබූ ලී කොටයක නැඟය. නාන කාමරයේ ඇතුළත හොදින්
වීඩියෝ කරන්නට ගොස් තමාට උන්හිටි තැන්ද අමතකවී සමබරතාවය බිඳී ඔහු එම ලී කොටයෙන් බිමට වැටී ඇත්තේ ශබ්ද නඟමින් බව ඒ පිළිබඳව නිරීක්ෂණයේදී එම නිවැසියන්ට දැක ගන්නට ලැබී තිබේ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නාන හැටි බලලා බල්ලෙක් පාඩමක් උගන්වලා