වෘත්තියෙන් මොටර් කාර්මිකයෙකු වූ ඔහු නව අවුරුද්දේ ප්‍රථම රාජකාරිය ලෙස තෝරා ගත්තේ හිතවතකු මගින් හඳුනාගත් අයෙකුගේ යතුරු පැදියක් අලුත්වැඩියා කිරීමටය. සුබ නැකත උදාවීමත් සමගම ඔහු තම යතුරුපැදියට නැගි එම නිවස සොයා පිටත්විය. නිවසට යන විට යතුරු පැදි හිමිකරු පෙනෙන්ට නොසිටි අතර හිමිකරුගේ රූමත් බිරිඳ පැමිණ ‘ආයුබෝවන් සුබ අලුත් අවුද්දක් වේවා’ කියා ඔහු පිළිගත්තේය.
බොහොම හොඳයි ඔහොම එනවා නම් නිකන් උනත් බයික් එක හදල දෙන්න බැරි යැයි සිතු මොටර් කාර්මිකයා තමා පැමිණි කාරණය බිරිඳට කීය. බිරිඳ නිවසේ සිටි සැමියා කැඳවිය. පැත්තක තිබූ යතුරු පැදිය පෙන්විය. පැයක් යන්නට මත්තෙන් යතුරු පැදිය පණගන්වා “ඕවා මට මහ වැඩ නොවේ” කියා උජාරුවෙන් කීවේ හිමිකරුගේ බිරිඳට ද ඇසෙන්නටය.
හිමිකරුටද ඒ පිළිබදව පැහැදීමක් ඇතිවූ අතර අවුරුද්දට ගෙනා මත්පැන් බෝතලයක් ඉතිරිව ඇති නිසා ‘‘බාස් උන්නැහැ කටගැස්මට ටිකක් ගන්නවා’’ දැයි විමසීය. ‘‘ගමු,ගමු’’ කියා සෙට්වූ දෙදෙනා බෝතලය අවසන්වන වන විට පදමට වෙරිවී හොඳ මිතුරෝ බවට පත්ව සිටියහ. කාර්මිකයාගේ කතා බහෙන් වැඩි කොටසක් හිමිකරුගේ රූමත් බිරිඳ පිළිබඳවමය.
මුදල්ද එපා කී කාර්මිකයා නැවතත් දිනෙක එන බව පවසා පිටත් වන්නට සූදානම්ව නිවසේ පෙනෙන්නට නොසිටි බිරිඳ පිළිබඳව විමසීය. ඇය පහළ දොළට නාන්න ගිය බව දැනගත් කාර්මිකයා දොළ අයින දිගේ වැටී ඇති මාර්ගය ඔස්සේ වෙරි මතින් යතුරු පැදිය පැදවූයේ මිතුරාගේ බිරිඳ දැක ගැනීමේ ආසාවෙනි. අහක බලන් ගිය නිසා යතුරු පැදිය පාරෙන් ඉවතට පැන ඔහුත් සමගම දොළට පෙරළුණි. දඩිබිඩිගා නැගිට ගත් ඔහු යතුරු පැදිය දොළ මැද කෙළින් කළත් ගොඩට ගැනීමට තනිවම නොහැකි විය.
දිය නාමින් සිටි බිරිඳ මේ බව නොදත් නිසා බඩ ගාගෙන පාරට පැමිණි කාර්මිකයා ගෙදර ගියේය. දිය නෑම අවසන් කළ බිරිඳ යතුරු පැදියක් දොළ මැද තිබෙනු දැක බියට පත්ව දිව ගොස් සැමියාට පැවසීය.
අනේ බාස් උන්නැහැ යනුවෙන් පැවසූ සැමියා අසල්වාසීන්ගේද සහය ඇතිව දොළ අවට සෝදිසි කර බැලුවත් බාස් උන්නැහැ පෙනෙන්නට නොසිටි නිසා ඔහුගේ දුරකථනයට ඇමතුක් ගත්තේය.
බාස් උන්නැහැ ඉන්නවා දැන් නාගෙන ඇවිත් කාමරේ නිදි, ඇයි හදිසියක්ද, බාස් උන්නැහැගේ බිරිඳ ඇසුවාය. නෑ.නෑ දැන් හදිසියක් නැහැ. යතුරු පැදියක් දොළේ තියනවා. ඒකයි හෙව්වේ. හිමිකරු කීය. සවස් යාමයේ දෙතුන් දෙනෙකු සමග පැමිණි බාස් උන්නැහැගේ බිරිඳ යතුරු පැදිය රැගෙන යනු දක්නට ලැබිණි.
(සුමති කුඩලිගම)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නාන ළඳ දෙස බැලූ යතුරුපැදිකරු ඇළේ