X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


නැතැයි කී පොත සාප්පුව පීරා සොයාගෙන අවවාදයකුත් දීලා

වේලාව සවස හයයි තිහට පමණය. තරුණයෙක් පරිගණක පොතක් මිලදී ගැනීම සඳහා අගනුවර පිහිටි පොත් සාප්පුවකට ගොඩවිය. පහත මහලේ සිටි තරුණිය ‘‘මොනාද ඕනේ?’’ යනුවෙන් විමසුවාය. ‘‘කොම්පියුටර් හාඞ්වෙයාර් පොතක්’’ ඔහුගේ පිළිතුර විය. ‘‘සෙකන්ඞ් ෆ්ලෝ එකට යන්න’’ ඇය කීවාය. එතැනට පැමිණි ඔහුට සේවකයන් දෙදෙනෙක් පිළිසඳරේ යෙදී සිටුනු දැක ගන්නට ලැබුණි. ඔවූහු තරුණයාව දුටුවත් ගණන් නොගෙන කතාව කරගෙන ගියහ. තරුණයා පොත් රාක්කවලින් පරිගණක පොත් සොයන්නට විය.
අවසානයේදී පරිගණක පොත් යනුවෙන් සඳහන් වූ පොත් රාක්කයක් ඔහුට හමුවිය. කතාව නිමාකර පැමිණි එක් සේවකයෙක්, ‘‘මොකක්ද පොත?’’ යනුවෙන් විමසුවේ කිසිම ගරුත්වයක් නොදක්වමිනි. ‘‘මම හොයන්නේ කොම්පියුටර් හාඞ්වෙයාර් පොතක්’’ තරුණයා පැවසීය. ‘‘හාඞ්වෙයාර් පොත් නැහැ’’ සේවකයා පොල්ලෙන් ගසන්නාක් මෙන් පිළිතුරු දුනි. තරුණයා තම උත්සාහය අත්නොහැර පොත් එකිනෙක අදිමින් අවශ්‍ය පොත සොයන්නට විය. එවිට පැමිණි තවත් සේවිකාවක් ‘‘මොනාද හොයන්නේ’’ යනුවෙන් ඇසුවාය. ‘‘කොම්පියුටර් හාඞ්වෙයාර් පොතක්’’ ඔහු කීය.
එවිට මුලින් කතාකළ සේවකයා, ‘‘ඔයාට මම කලිනුත් කීවානේ හාඞ්වෙයාර් පොත් නැහැ කියලා’’ යැයි පැවසුවේ ඈනුමක් ද මුදා හරිමිනි. කෙසේ හෝ අවසානයේදී නැතැයි පැවසූ ‘‘හාඞ්වෙයාර්’’ පොත තෝරාගත් ඔහු සේවකයින් අමතා, ‘‘කස්ටමර් කෙනෙක් ආවාම ඔයාලගේ ලේසියට පොත් නැහැයි කියන්න එපා. දැක්කානේ නැහැයි කියපු පොත හම්බ වුණා. ඔහොම කම්මැලි වුණොත් ඔයාලගේ මුදලාලිට දෙයියන්ගේම පිහිටයි’’ යනුවෙන් පැවසීය.



අදහස් (0)

නැතැයි කී පොත සාප්පුව පීරා සොයාගෙන අවවාදයකුත් දීලා

නිමල් ඩඩ්ලි Friday, 04 July 2014 03:54 PM

මෙය ලංකාවේ හැම තැනකම තියන ලෙඩක්. සාප්පුවේ සේවකයා කතා කරන්ඩ දන්නේ නැහැ ඔවුන්ව ට්‍රේන් කරන්නෙත් නැහැ ඔහේ වැඩ ගන්නවා. පැමිණිලි කලත් වැඩක් නැහැ ඉතින් කරබාගෙන ඉන්නවා. (නදී)

:       0       0

ටෙරන්ස් Thursday, 03 July 2014 06:16 PM

මේ වගේ හුඟක් ආයතන තිබෙනවා.විශේෂයෙන් රජයේ ආයතන. (නි)

:       0       0

ගාමිණී - සිරි Thursday, 03 July 2014 07:24 PM

පෙරකදෝරුවෙකුගේ ලියුමක් රැගෙන ගියත් පැමිණිල්ලක පිටපතක් පොලීසියකින් ලෙහෙසියෙන් ගන්න බැහැ. ග්‍රා.සේ. සහතිකයක් ගන්න, උප්පැන්නයක පිටපතක්,ශිෂ්‍යයෙකුට පාසල් සහතිකයක්, ත්‍රීරෝද රියකින් ගමනක් යන්න, පිටකොටුවෙන් පළතුරු ගන්න,පොළෙන් එළවලු ගන්න.... මේ කොයි වැඩ වලට ගියාමත් බලන්න ඕනෑ අහන්න වෙන රෙකුලාසි විතරක්!! (නි)

:       0       0

ගාමිණී Friday, 04 July 2014 01:51 AM

ෂුවර් එකටම ඔය සේවකයෝ දෙන්නා මුලින් රාජ්‍ය සේවයේ ඉන්න ඇති (නි)

:       0       0

සමන්ති Friday, 04 July 2014 05:59 AM

ප්‍රසිද්ධ කතුවරයෙකුට අයත් පොත් සාප්පුවකට නිතරම පැමිණ එකම පොතක් බලන පුද්ගලයෙක් සිටියා .මේ ගැන සොයා බැලු පොත් හලේ හිමිකරු කියවන්නට පොත ගැනීමට මුදල් නැති නිසා ඔහුට එම පොත නොමිලේ ලබාදුන්නා. (නි)

:       0       0

ශානක Friday, 04 July 2014 06:19 AM

සියල්ලටම පෙර පාරිභෝගිකයින්ට කතාකරන හැටි එයාලට උගන්වන්න ඕනෑ (නි)

:       0       0

කල්හාර Friday, 04 July 2014 07:12 AM

ඉතින් කොහොමද ආයතනයක් දියුණු වෙන්නේ? (නි)

:       0       0

මහේන්ද්‍ර Friday, 04 July 2014 11:35 AM

පොත් සාප්පුවේ සේවකයා පොත් පත් ගැන උනන්දුවක් නැති කෙනෙක් වෙන්න ඕනේ (නදී)

:       0       0

රූපවතී Friday, 04 July 2014 01:42 PM

පසුගිය මාසෙක මා ලංකාවට ගොස් නිවාඩුවකට කුරුනෑගල ප්‍රසිද්ද කාන්තා ඇදුම් කඩයකට ගොඩ වුනේ මට බ්ලාව්ස් දෙක තුනක් ගන්නයි. ලාබාල තරුණ කාන්තාවන් කීප දෙනෙක් උන්නා. මම සෝකේස් උඩ නවා තිබු ඇදුම් දිග හරිමින් මට අවශ්‍ය ඇදුමක් සොයද්දී ඒ කාන්තාවන් මදෙස ඔරවා බලමින් ඔයාට මොන පාටද ඕන ...? කියමින් මම ඇදුම් දිගහරින තෝරණ එක නවත්වන්න මා පිටුපසම දුවමින් අල්ලන අල්ලන ඇදුම විගහට නවමින් හරිගස්වනවා. මට ඇත්තෙන්ම හිනා එයාලගේ සේවාව මහජනයාට සපයන්න ඇති කම්මැලි කමට (නදී)

:       0       0

නිමාලි Friday, 04 July 2014 02:23 PM

මට හොදටම විිිශ්වාසයි ඔය පොත් කඩේ තියෙන්නේ නුගේගොඩ හන්දියේ. මොකද ඔය වගේ සේවකයෝ එතන වැහි වැහැලා (නදී)

:       0       0

ඥානරත්න Thursday, 03 July 2014 05:43 PM

මම සෞදි අරාබියේ තිබුන ටූල්ස් ෂොප් එකකට ගියා ටූල් බොක්ෂ් එකක් ගන්ට ලංකාවට ගේන්ට. මම සුදුසු බොක්ස් එකක් බලල ගාන කීයද කියල ඇහැව්වා. මුලින් මම දන්නේ නැහැ සේවකයා ලංකාවේ කියලා. මිනිහ මට කීවා රියල් සීයක් දෙන්ට මුදලාලිට මට රියල් පන්සීයක් දෙන්ට කියලා. රියල් සීය බොක්ස් එකට. ඇතුලේ තිබුන ටූල්ස් වල සල්ලි මිනිහට. මම දන්නේ නැහැ ඒ මුදලාලිට දෙවියන්ගේම පිහිට තමා මේ වගේ සේවකයෝ එක්ක වැඩ කරනකොට. (නදී)

:       0       0

සෑම් Friday, 04 July 2014 04:25 PM

මීට වසර තිහකට පෙර මා සේවය කල රාජ්‍ය සමාගම ආනයනය කල යතුරුපැදියක් මිලදී ගැනීමට බණ්ඩාරවෙල ප්‍රදේශයේ ගුරු මහතෙක් පැමිණියා. මම කිසිම ආකාරයකින් මේ යතුරුපැදි (යතුරුපැදියක් නොවේ ඒක ලෙඩ වාට්ටුවක් ) වෙළඳාමට සම්බන්ධ නොවුවත් ඒවා ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබුනේ මගේ භාරයේ පවතින ගොඩනැගිල්ලකයි. මේ මනුස්සයා වැටෙන්න යන අමාරුව ගැන මම මගේ සේවකයන් එක්ක කනගාටු උනත් මට කළහැකි දේ බොහොම සීමිතයි. නමුත් අවසානයේ මම මගේ රැකියාව හෝ අවංකකම යන දෙකෙන් එකක් තෝරා ගත්තා. මම ඔහුට සත්‍ය පහදාදුන්නා. රුපියල් සීයක අත්තිකාරම් මුදල අතහැර දමා ඔහු ආපසු ගියා. එසේ යනවිට සෑම අඩි දෙක තුනකදීම මා දෙසට හැරී දෑත් එක්කොට වැඳ, මාව මේකෙන් බේරාගත්තාට මට ජාති ජාතිත් පින් දෙනවා කියා කීම මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. බැරිවෙලාවත් මේ මනුස්සයා මේ ගැන ඉහලට කොම්ප්ලේන් කලානම් මගේ රස්සාව එදාම ගහලා යනවා. නමුත් වසර තිහකට පසුවත් මම මගේ ප්‍රතිපත්ති ගැන තනියම සතුටු වෙනවා. මට තවමත් මේ මහත්මයා හඳුනා ගැනීමට අවශ්‍ය තොරතුරු මගේ මතකයේ තියනවා.(නදී)

:       0       0

සමන් කුමාර Friday, 04 July 2014 05:56 PM

මම හිතන්නේ අනුන්ගෙ ව්‍යාපාර වලට ගරහනවාට වඩා, හරිහැටි වෙලඳාම කරන එක ගැන අපේ කටිටිය දැනුවත් කලා නම් හොඳයි කියලා. ඇයි ජාතිය නගා සිටුවීමට දඟලන අයට ඒ වගෙ ධනාත්මක පියවර ගන්න බැරි? (නදී)

:       0       0

ටිරෝන් Saturday, 05 July 2014 12:38 AM

රූපවති මහත්මිය ඔබ කියපු දෙය සියයට සියයක්ම නිවැරදියි. ඔය අත්දැකීම බොහෝ දෙනෙකුට ඇති. මුස්ලිම් කඩේකට ගිහින් සාරි තෝරන්න බලන්න. මුළු කඩේම තියන සාරි එලියට අරගෙන කෙසේ හෝ වෙළදාම කර ගන්නවා. ඉතින් කාලයක් යද්දී ඒ මිනිස්සු දියුණුවෙනවා. අපේ අය ගේ කඩ වැහෙනවා. ඉතින් අනුන්ට ඉර්ශ්‍යා කරලා පලක් තියනවද? (නදී)

:       0       0

පහන් Saturday, 05 July 2014 01:08 PM

දැන් තේරෙනවා නේද මුස්ලිම් අයගේ දියුණුවේ රහස ටිරෝන් ඔබට ජය. (නදී)

:       0       0

කුමාරසිරි Saturday, 05 July 2014 08:37 PM

පළමුවෙන්ම උගන්වන්න උවමනා කස්ටමර් කෙනකුට කතා කරන විදිහ. (නදී)

:       0       0

සූරියාරච්චි Sunday, 06 July 2014 04:02 AM

දිමුතුගේ කතාව ඇත්ත. ඕස්ට්‍රේලියාවේ කඩයකට ගොඩ වුණොත් පුදුම පිළිගැනීමක් තියෙනවා. කඩයට ඇතුළු වෙනකොටම ආචාර කරනවා.අවශ්‍ය දේ අහලා තියෙන තැන පෙන්නලා දෙනවා. (නි)

:       0       0

ඩෑම් Sunday, 06 July 2014 06:08 PM

අන්න සමන් කුමාර හොඳ පැත්තක් බලලා. (නි)

:       0       0

අසේල Sunday, 06 July 2014 10:13 PM

ඉතින් කොහොමද ආයතනයක් දියුණු වෙන්නේ? (නි)

:       0       0

දිල් Wednesday, 10 September 2014 07:18 AM

මා දන්නා පරිදි ..... සුපිරි වෙළඳසැල් ජාලයේ නම් වැටුප්, නවාතැන් සහ ආහාර පාන සමඟ පාරිභෝගික සත්කාරය ගැන හොඳ පුහුණුවක් ලබා දීමෙන් පසුවයි සේවයට යොදවන්නේ. නමුත් එම ක්‍රමවේදයන්ට අනුව පාරිභෝගිකයන්ට සලකන සේවක පිරිසක්නම් ඇත්තෙම නැති තරම්. (ස)

:       0       0

සමිත් Thursday, 03 July 2014 02:25 PM

ආයතනයේ ලොක්ක සේවකයාට සලකන්නේ නැතුව ඇති හරියට මුලින්ම ඒක හොයල බලන්න (නදී)

:       0       0

හේමන්ත Thursday, 03 July 2014 03:53 AM

පසුගිය දිනක රෝහලේ සිටි රෝගියකු බැලීමට යන අතරමඟදී මම සුපිරි වෙළද සැළකට ගොඩවී අඹ තිබෙනවාදැයි ඇසුවෙමි. එහි සේවිකාවක කීවේ අඹ නැති බවයි. නමුත් මම නිකමට මෙන් එහි ඇවිද බැලුවෙමි. එහි අඹ තිබුනේය. ඇයට මම එම අඹ පෙන්නු කල ඇයගේ පිළිතුර වුයේ, ඒවා රට අඹ බවය. (නි)

:       0       0

සමන්ති Thursday, 03 July 2014 06:07 AM

හාර්ඩ්වෙයාර් කිව්වම හිතන්න ඇත්තේ වැලි ගඩොල් ගැන වෙන්න ඇති. (නි)

:       0       0

ගමගේ Thursday, 03 July 2014 07:20 AM

පොත් ගැන හොයලා බලන්න පොත් නාමාවලියකුත් නැහැ, ඒ ගැන දන්නා කෙනෙකුත් නැහැ. (නි)

:       0       0

සමීර Thursday, 03 July 2014 08:06 AM

සමහර පොත් සාප්පු වල වැඩ කරන අයගෙන් ඕනෑම පොතක නමක් ඇසු පමණින් කටපාඩමින් කියන්න පුළුවන්. තියෙන තැන, මොන පොත් රාක්කේද , කියලා කියන්න පුළුවන් (නි)

:       0       0

පොන්නම්බලම් Thursday, 03 July 2014 09:43 AM

සවිමත් ගුණාංග නැතිව ජාතියක් විදියට ඉදිරියට යාම අසීරුයි. අපි මේ සැමදෙයක්ම හදාගෙන ඉදිරියට යා යුතුයි. සැවොම මේ සඳහා කැප විය යුතුයි. නැත්නම් අරගොල්ලෝ ඉහල යයි. අපි අඩියට යයි. (ස)

:       0       0

මධුෂානි හේවාදේව Thursday, 03 July 2014 11:49 AM

මේ පොත් හලේ නම මොකක්ද ? (නදී)

:       0       0

සෑම් Thursday, 03 July 2014 01:00 PM

මේක ලංකාවේ තියන නුගත්කමත් සමග ඇති වෙන ප්‍රශ්නයක්. කඩේ වැඩකරන සේවකයින්ට දැනුමක් නැහැ ඔවුන් ජීවත් වෙන්නේ ගනුදෙනුකරුවන් නිසා කියලා. ඔවුන් හිතන්නේ ගනුදෙනුකරුවන් කියන්නේ කරදරකාරයෝ කියලයි. දියුණු රටවල ඕනෑම සුළු දෙයක් මිලදී ගන්න උපදෙසක් ඉල්ලුවොත් ඕනෑවටත් වඩා උපදෙස් ලැබෙනවා. තමා නොදන්නවා නම් දන්නේ නැහැ කියලා දන්නා කෙනෙක්ව එක්ක ඇවිත් උදව් කරනවා. මොකද ඔවුන් දන්නවා තමා ජීවත් වෙන්නේ ගනුදෙනුකරුවන් නිසා කියලා. මේක ලංකාවේ හැම තැනකටම පොදු ප්‍රශ්නයක්.(නදී)

:       0       0

දිමුතු Thursday, 03 July 2014 01:47 PM

ලංකාවේ වෙළඳ සහායකයන් හිතන්නේ ගනුදෙනු කරුවන් තරම් හිසරදයක් තවත් නැහැ කියලා. ආයතනයේ වැඩකට මම ඔස්ට්‍රේලියාවට ගියා . පොත් සාප්පුවකට ගොඩ වුනා විතරයි දොරටුව ළඟ හිටපු වෙළඳ සේවිකා කාන්තාව බොහොම සුහද ව පිළිගත්තා. පොත් තේරීමේදී නිදහසත් තිබුනා, තිබෙන තැන දන්නේ නැති පොතක් ඇහුවාම සේවකයන් හරිම කඩිසරව ඇවිත් සොයා දුන්නා. එහි නැති පොත් ඇත්නම් ගෙන්වා දිය හැකි බව කිව්වා. පොත ගන්නේ නැතිව නිකම් අත ගාල ගිය අයටත් නැවත එන්න කියලා සුහදව කීවා මිසක් පොත් අත ගාල මොනවත් මිලදී ගත්තේ නැහැ කියලා රැව්වේ නැහැ. සේවය ඉතා ඉහලයි. (නදී)

:       0       0

චින්තක Thursday, 03 July 2014 02:21 PM

දිමුතු,සීම, ඔබ දෙපල හරි, පොත් සාප්පුවල විතරක් නොවේ සමහර ඇදුම් පැළඳුම් ගන්න ගියත් අහන්නත් කලින් කියන්නේ නැහැ කියලා. ඉතින් මිනිස්සු ඊට පස්සේ එතනට යන්නේ නැහැ. මුදලාලිට වෙන්නේ කඩේ වහල දමන්ට නමුත් අර සේවකයා වෙනත් තැනක අයෙත් වැඩ කරනවා. (නදී)

:       0       0

ප්‍රනීත් Thursday, 03 July 2014 02:27 AM

ඒකනේ ඔය කඩ සාප්පු වල වැඩ කරන කට්ටියට කිසිම දියුණුවක් නැත්තේ. හැමදාම එකම තැන පල්වෙනවා. අනික උගත් කමක් තියෙන අය ඔය වගේ ජොබ් කරන්නෙත් නැහැ. ඔය මනුස්සයා හිතන්න ඇති හාඩ්වෙයාර් බඩුගැන ලියපු පොතක් කියලා. (නදී)

:       0       0

සමන්ති Thursday, 03 July 2014 02:32 PM

වෙලදාම් කරන්නේ කොහොමද මේ විදිහට (දී)

:       0       0

සුභා 02 Thursday, 03 July 2014 02:39 PM

බොහෝ ආයතන ඔහොම තමයි (දී)

:       0       0

සරත් Thursday, 03 July 2014 02:46 PM

කම්මැලි කම තමයි ලොකු (දී)

:       0       0

රසික Thursday, 03 July 2014 03:03 PM

මේවා ඉතින් ලංකාවේ අපිට ඉතා සාමාන්‍ය දේවල්. සේවය හොදට කරන්න ගියාමත් නැති ප්‍රශ්න. එක ආයතනයක අලුතින් කෙනෙක් මුර වැඩට ආවලු. රස්සාව ගැන හරිම සැලකිලීමත්. මුත්‍රා කරන්න ගියත් පොතේ අත්සන් කරලා යන්නේ, එන්නේ. දවසක් ලොක්කා ඇවිත් අත්සන් පොත චෙක් කරලා, වැඩ තහනම් කරලා ලිපියක් ගැහුවලු. හේතුව ලෙස තිබුනේ නොදන්වා විදේශ ගත වීම. ඇත්තටම මොහු "නේපාලයට ගියෙමි". "නැවක පැමිණියෙමි" කියා ලියල අත්සන් කරලා. වැඩිදුර සොයා බැලු විටලු හෙළි වුනේ මොහුට ලියන්න ඕනි උනේ "තේ පානයට ගියෙමි" "නැවත පැමිණියෙමි" (ස)

:       0       0

සීනු Thursday, 03 July 2014 03:10 PM

කම්මැලි මිනිස්සු සේවයට බඳවා ගත්තාම ඔහොම තමයි (දී)

:       0       0

සංජිව Thursday, 03 July 2014 03:33 PM

කරුණාකර සියල්ලම කියවන්න.. මේකේ දාල තියෙන කමෙන්ට්ස් දැක්කහම මටත් යමක් කියන්න සිතුන,,ඇත්තටම මෙහෙම සේවකයෝ ඉන්නවා,,නමුත් රටේ නමගිය ප්‍රදාන පෙලේ පොත් සාප්පුවක වැඩකරන කෙනෙක් විදියට මම කියන්නේ,,.හැම තැනම මෙහෙම නැහැ,, අනික ප්‍රනීත් මහත්මය කියල තිබුන කිසිම උගත්කමක් නැහැ කියල ,,නැහැ මහත්තයෝ අපේ පොත් සාප්පුවට ගන්නේ අද්‍යාපන සුදුසුකම් නිසිපරිදි සපුරපු අය.එක මකුනෙක් කාපු පලියට ඔක්කොම මකුණෝ මරණ එක වැරදි,,ස්තුති...(දී)

:       0       0

සංජිව Thursday, 03 July 2014 03:45 PM

ඕනෑම ආයතනයක හොඳ සහ නරක දෙවර්ගයේම සේවකයෝ ඉන්නවා,, මේකේ කොමෙන්ට්ස් දාන අයත් ජොබ් එක කරද්දී එකේ ස්වබාවය සහ ආයතනයෙන් ලැබෙන වේතනය මත වැඩකරන විදි ඇති,,,, කියනකොට මෙහෙමයි කරනකොට එහෙමයි වගේ,,මේකේ කොමෙන්ට්ස් කරපු බුද්ධිමත් උගත් අයට මගේ ප්‍රණාමය..... (දී)

:       0       0

නිස්තා Thursday, 03 July 2014 04:30 PM

හාඩ්වෙයාර් කියුවහම හිතුවද දන්නේ නැහැ ගල් වැලි විකුණන එකක් කියලා (දී)

:       0       0

මාලික Thursday, 03 July 2014 05:11 PM

නුගේගොඩත් ඇඳුම් සාප්පුවක් තියනවා ගොඩක් ලොකු එකක්. ඒකේ වැඩ කරන අයත් ඔය වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site