(රාජාංගණය නුවන්කුමාර)
නැති නෑදෑකමක් හඟවමින් මහ දවල් වේලීමට මිදුලේ දමා තිබූ වී ගොඩකින් වී ගෝනි දෙකක් සොරකම් කිරීමේ පුවතක් නොච්චියාගම බෝගස්හන්දිය ප්‍රදේශයෙන් වාර්තා වේ.
බෝගස් හන්දිය ප්‍රදේශයේ නිවෙසක අඹුසැමි යුවළක් සමඟ ඔවුන්ගේ දරුවෝ හා මව ජීවත් වෙති. මෙම යුවළ රජයේ රැකියා කරන අතර, දරුවන් දෙදෙනා පාසල් ගිය පසු දිවාකාලයේදී නිවෙසේ තනියම සිටින්නේ ඔවුන්ගේ මව පමණි. මෙම නිවෙසේ ගෘහමූලිකයා රජයේ රැකියාවට අමතරව හොඳින් ගොවිතැන්වල නියැලෙන්නෙකි. මෙවර යල් කන්නයේ ඔහුගේ කුඹුරේ ඉතා සාරවත් වී අස්වැන්නක් තිබූ අතර ඒවායෙන් වී උර 10ක් වේලීම සඳහා මිදුලට දමා ඇත.
පසුගිය දිනක එසේ වී වේලීමට දමා ඔහු බිරිය සමඟ රාජකාරි සඳහා පිටත්ව ගොස් ඇති අතර දරුවන්ද පාසල් ගොස් සිටි අතරවාරයේ මව වෙනත් රාජකාරියක් සඳහා නිවෙසින් පිටතටගොස් සිටියදී යතුරුපැදියකින් පැමිණි තරුණයන් දෙදෙනකු අවට පිරිස් බලා සිටියදීම ඔවුන් ගෙනා උරවලට වී පුරවාගෙන යෑමට සුදානම් වූ අවස්ථාවේදී අසල් වැසි කාන්තාවක් පැමිණ මොකද? මහදවල් වී සොරකම් කරන්නේ යැයි විමසා ඇත. එහිදී මෙම තරුණයන් දෙදෙනා මෙම නිවෙසේ සිටින කාන්තාව තමන්ගේ ලොකු අම්මා බවත්, ඇය විසින් තමන්ට වී උර දෙකක් රැගෙන යන ලෙස දන්වා සිටි නිසා තමන් පැමිණි බවත් පවසා වෙනත් අයකුට ඔවුන්ගේ දුරකථනයකින් කතාකොට “ලොකු අම්මේ අපි වී ටිකක් ගත්තා” යැයි පවසා අසල්වැසි කාන්තාවත් නොමග යවා වීත් රැගෙන යතුරුපැදියේ නැගී පලාගොස් තිබේ.
තමන් ගිය කාර්යය නිමවී ගෙහිමියාගේ මව නිවෙසට පැමිණි විට අසල්වැසි කාන්තාව සිද්ධිය ඇයට දැනුම් දුන් විට, තමන් කිසිවෙකුටත් එසේ නොකී බවත්, තමන්ට බාල සහෝදරියක් හෝ ඥාතීන් නොමැති බව පවසා ඇත. රාජකාරි නිමවී දරුවන් පැමිණි අවස්ථාවේදී මව විසින් සිද්ධිය සැලකරවිට ගෘහ මූලිකයා පවසා ඇත්තේ වී මිටි දෙකක අලාභය අයකර ගන්න මහන්සිවෙලා වියදම් කරලා පොලිසියේ රස්තියාදු වෙනවට වඩා වී මිටි දෙකක් වෙනත් තැනකින් ලබා ගැනීම ලාබ දායක බවයි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නැති නෑකමකින් ගේකට ඇවිත් වී ගෝනි 2 ක් උස්සලා