(බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බිරිය වෙනතක ගියේ යැයි කියා සහනයක් සොයා දේවාලයක කපුවකු හමුවට ආ පුද්ගලයකු කපුවාගේ බිරිය කරකාරෙට රැගෙන යාමේ පුවතක් දකුණු කළුතර පළාතේ පොලිසියකින් වාර්තා වෙයි.
වාර්තා වූ අන්දමට සිද්ධිය මෙසේය.
කළුතරට ආසන්න ගමක පුද්ගලයකුගේ තරුණ බිරිය හිටිහැටියේම ඔහු අතහැර දමා නිවෙසින් පිටව ගියේය. තම බිරිය සොයාගැනීමට නොයෙක් උපක්‍රම යෙදුවත් ඇය සොයාගැනීමට නොහැකි විණි. මේ අතර මිතුරකු හමුවූ අප කතානායකයා සිද්ධිය පිළිබඳව පවසා උදව්වක් පැතීය. සිය මිතුරාගේ මඟ පෙන්වීම මත කතානායකයා දේවාලයකට ගියේය. බිරිය තමා අතහැර ගොස් දැන් සති ගණනක් ගතවන බවත් ඇය සොයාගැනීමට පිහිටවෙන්නැයි කඳුළුපිරි දෙනෙතින් යුතුව ආයාචනා කළේය.
සේවාකරුගේ අඳෝනාව සාවදානව අසා සිටි දේවාලයේ කපු මහතා අඳුනක් අසලට ගොස් මතුරන්නට විය. ගත වූයේ සුළු වේලාවකි. කපුවා ආරූඪ විය. අඳුන බලාගෙන පේන කියන්නට විය. ආතුරය උඹේ බිරිය තවත් අයකු සමඟ නිවසක ඉතා සතුටින් වාසය කරන බව මෑණියන් කියනවා.
ඇය යළි ගෙන්වා දීමට හැකියි. හැබැයි කොන්දේසි කීපයක් තියෙනවා. ඒ සඳහා කැපවිය හැකිනම් ගෙන්වා දෙන බව මෑණියන් පවසනවා කීවිට කපුවාට වැඳ වැටුණු කතානායකයා බිරිය ගෙන්වා ගැනීම වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්නම් දේවගැතියා ඉදිරියේ පින්සෙන්ඩු විය.
සතියේ දින දෙකක් පිරිසුදුව දේවාලයට පැමිණ දේවාලය අවට පිරිසුදු කර මල් පහන් පූජා කොට දේව මෑණියන්ට කන්නලව් කරන ලෙස මෑණියන් කියනවා.
එම උපදෙස් අකුරටම පිළිපදින්නම් පොරොන්දු වූ කතානායකයා දේවගැතියාගේ දැන්වීම මත සතියකට දින දෙකක් දේවලය පිරිසුදු කිරීමටත් කන්නලව් කිරීමටත් පැමිණියේය. එසේ පැමිණෙන අතරතුර දේවගැතියාගේ රූමත් බිරිය කතානායකයාගේ නෙත ගැටුණි. ටිකක් ඉඟිබිඟි පෑ ඇය කතානායකයා සමඟ ඇයි හොඳයි කමක් ඇති කර ගත්තේය. ජංගම දුරකතන අංක ද මාරු විය.
හොරාට හොරාට දෙදෙන කතාබහ කළේය. ඒ ඇයි හොඳැයිය දැන් දුරදිග ගොසිනි. දෙදෙනා එකම වහලක් යටට යෑමට කතිකා කර ගත්තේය. ඊට හොඳ උපක්‍රමයක් යෙදීය. තම අවුරුදු දෙකක් පමණ වයසැති දරුවාගේ කටවටේ භූමිතෙල් ගෑ කපුවාගේ බිරිය දරුවා භූමිතෙල් පානය කර ඇති බවත් ඉක්මනට රෝහලට රැගෙන යායුතු බවත් කපුවාට පවසා අප කතානායකයා සමඟ පැන ගියාය. අවසානයේ කපුවා තම බිරිය සොයා දෙන්නැයි කළුතර පොලිසියට පැමිණ බැගෑපත් විය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නැතිවූ බිරිය හොයාගන්න ෙද්වාලයකට ඇවිත් කපුවාගේ බිරිය රැගෙන ගිහින්
ශංඛ Thursday, 12 March 2020 08:37 AM
කපුවට බැරිද දන්නෑ අංජනමෙන් නෝනව හොයාගන්න.
Kumar Thursday, 12 March 2020 04:18 PM
තමන් අතහැර දමලා ගිහින් තිබෙන්නේ එපාම වෙලා වෙන්න ඇති. තවත් සොයන්න ඕනේ නැහැ. මොන දෙවියන්ගේ ළගටවත් නොගොසින් කරන්න තිබෙන්නෙ විවාහය අවලංගු කරන එකයි.