පෙර පාසලකට දරුවෙක් ගෙන ආ මවකගේ නැති වූ රන් මාලය අසල ඇති ආයතනයක කැමරා දර්ශන ඔස්සේ සොයාගත් පුවතක් පසුගියදා නයිනමඩම ප‍්‍රදේශයෙන් වාර්තා විය. සතියේ දිනක ඉතා කලබලයෙන් ති‍්‍රරෝද රථයකින් පැමිණි මවක් තම දරුවා පෙර පාසලට දමා නිවසට ගොස් බලන විට තමන්ගේ ගෙල බැඳි රන් මාලය නොමැති බව දැක නැවතත් පෙර පාසලට පැමිණ පරීක්ෂා කළත් එහි නොමැති බව දැක පෙර පාසල් භුමියේ වැටෙන්නට ඇතැයි තිබූ සැකය මත එහි පරීක්ෂා කළත් හමුවී නොමැත.
මෙම අවස්ථාවේ පෙර පාසලට වෑන් රථයකින් දරුවන් රැගෙන එන කාන්තාවක් දැක මාලයක් බිම වැටී තිබෙනවා දුටුවා දැයි විමසා ඇත. එහිදී එම කාන්තාව එහෙම දෙයක් නම් දැක්කේ නෑ. ඒත් එම ස්ථානයෙන් කීපදෙනෙක්ම ගියා. ඒ අයගෙන් අහන්නැයි කියා පිටව ගොස් ඇත. මාලය ගැන කිසිදු හෝඩුවාවක් නොමැති නිසා මාලය එම ස්ථානයේම වැටෙන්නට ඇතැයි තිබූ සැකය නිසාත් පෙර පාසල ආසන්නයේම ඇති හිතවතකුගේ ආයතනයක තිබූ සී.සී.ටී.වී. කැමරාවක් පරීක්ෂා කිරීමේ දී මාලයක් නොදුටු බව පැවසූ කාන්තාව බිමට පහත් වී යමක් ගන්නවා දැක ඇති අතර ඉතා අපහසුවෙන් ඇය ඉන්න ස්ථානය සොයාගෙන ගොස් මේ ගැන නැවත විමසීමක් කළත් එය ප‍්‍රතික්ෂේප කර ඇත. කැමරාවේ දර්ශන හා පොලිසියට යන බව පැවසීමෙන් පසු කලබලයට පත්වූ ඇය ඔව් මාලයක් හම්බවුණා. ඒක පෙර පාසලේ කාර්යාලයට දෙන්න හිටියේ කියා පවසා ඇති අතර පොලිසියට නොගොස් තම ගැටලූව විසඳා දුන්නැයි මාලයේ හිමිකාරිය සී.සී.ටී.වී. කැමරාවට පින්දෙන බව වාර්තා විය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නැතිවූ මාලය සොයා දුන්නාට කැමරාවට වැඳලා
ටිකිරි Thursday, 26 November 2015 08:06 AM
අනේ මෙහෙමත් ගැහැණු! පේනවා නේද හොර හිත? (නි)
ලතා Thursday, 26 November 2015 08:25 AM
කොහොමින් හරි නැතිවුණ දේ ලැබුන නිසා හොඳයි. ඇත්තටම වඳින්න තරම් වටිනවා (නි)
අතුල Thursday, 26 November 2015 08:43 AM
නිකන් වැඳලා මදි. මල් පහනුත් තියනවා මම නම් (නි)
අබරන් Thursday, 26 November 2015 09:01 AM
දැන් ඔයගොල්ලෝ ගමනක් ගියාම ඒ ගිය වාහනේට දෙකට නැමිලා වඳිනවද ? එහෙම නොවේ නම් ඔබ ගෙන ගිය පුද්ගලයාට ස්තුති කරනවාද ? (ම)
සරත් කුමාර Thursday, 26 November 2015 10:39 AM
පේනවා නේද හොර හිත? ගැහැණු හොඳයි. ඇත්තටම වඳින්න තරම් වටිනවා (බ)
නුමා Thursday, 26 November 2015 11:15 AM
ඔහොම වඳින(ගෞරවකිරීම/සමාව අයැදීම) එක ජපානයේ නම් සාමාන්‍ය දෙයක්. මා වැඩකරන ආයතනයේ බොහෝවිට වැරදි දෙයක් මුද්‍රණයෙන් කලවිට මුද්‍රණ යන්ත්‍රයට හිස නමා සමාව ඉල්ලීම බොහෝම සාමාන්‍ය දෙයක්. (ස)
දුමීන්ද Thursday, 26 November 2015 12:11 PM
මොන හිතකින් අනුන්ගේ දේ ගන්නවාද මන්දා! මේ දේවල් තමන්ගේ පවුල් පසුබිමෙන් ලැබෙන ඇවතුම් පැවතුම් තමයි. (ස)
සමරසේකර Thursday, 26 November 2015 12:30 PM
"අන් සතු සැපතක් දැක දල ලොබිනේ, උන්ට නොවී මට වේවයි සිති නේ, උන් කල ඒ දුක් හටගත් පවි නේ, මින් මතු නිරයේ දුක් මයි විඳි නේ" බුදුගුණ අලංකාරයේ තියෙන්නෙ ඔහොමයි. ඕකට කියන්නේ විෂම ලෝභය කියලා විශම ලෝභය ඉපදෙන්නේ ක්‍ෂනිකවයි.මිනිස් සිතේ ස්වභාවය අනුව හොඳ සහ නරක සිතුවිලි ඇතිවීම ස්වාභාවිකයි. එහෙත් නරක සිතුවිල්ලක් ඇතිවූ විගසම එය වැරැද්දක් බවත් එඅ නොකළ යුතු බවත් සිතට නැගෙන පැරණි අධ්‍යාපනයක් තිබුනා . නමුත් අලුත් අධ්‍යාපන ක්‍රමයේදී ඕවා උගන්වන්නේ නැති නිසා අලුත් පරම්පරාව ඇතිවූ ලෝභය විශම ලෝභයක් බව දන්නේ නැහැ. මට හිතෙන අන්දමට නම් වැරැද්ද තියෙන්නේ මේ විශම ලෝභය ඇතිවූ කාන්තාව තුල නෙමෙයි. ඇයට එවැනි අධ්‍යාපනයක් නොදුන්න අය තුලයි. (ස)
අජිත් Thursday, 26 November 2015 01:22 PM
අන්න බලන්න සීසීටීවී කැමරාවේ තිබෙන වටිනාකම මොනවට පැහැදිලි වෙනවා නේද? (නි)
අජිත් Thursday, 26 November 2015 01:30 PM
මම ලබන සුමානේ නිවාඩු යනවා. නැවත ජනවාරි මාසයේදී අපි නැවතත් හමුවෙමු. ඔබට සුබ නව වසරක් ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි! (නි)
සහන් Thursday, 26 November 2015 02:20 PM
බලන්නකෝ අපේ කට්ටියගේ අදහස් ටික... (නි)
චන්න බුවනක Thursday, 26 November 2015 04:02 PM
අපේ සිත නිතරම සැහැල්ලුවෙන් තියාගන්න ඕනෑ. එමනිසා වැරදි වැඩවලින් හැකි තරමින් ඉවත්වෙන්න ඕනෑ. අර රත්‍රන් දම්වැල අහුලාගත් කාන්තාව ලැජ්ජාවට පත්වුණා නේද? එම කාන්තාවගේ සිතට දැන් මොනතරම් බරක් දැනෙනවා ඇද්ද? (නි)
අනුශ්ක Friday, 27 November 2015 01:29 AM
නියම කතාවක් (නි)
රුවන් සම්පත් Friday, 27 November 2015 04:05 AM
මෙහෙමත් ගැහැණු ...! (නි)
ක්‍රිෂ්ණා-ලන්ඩන් Friday, 27 November 2015 08:28 AM
අජිත් මහතාණෙනි, පරිස්සමෙන් නිවාඩුව ගතකර එන්න. ඔබටත්, මේ පාඨක සභාවේ සියලු දෙනාටත්, ලංකාදීපයේ සියලුම කාර්ය මණ්ඩලයටත් සුබ අලුත් අව්‍ුරුද්දක් වේවායි පතමි! සියලු දෙනාටම දෙවි පිහිටයි.....! (නි)