X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


නැන්දම්මා ගෙදරින් පන්නන්න බෑණාගෙන් 119 ට ඇමතුමක්

(අයගම ඩබ්ලිව්.ජී. විජේතුංග)
පොලිස් දුරකතන අංක 119 කතාකොට නැන්දම්මා නිවෙසින් එළවාගත් බෑණා කෙනකු පිළිබඳ අපූරු පුවතක් සබරගමුව පළාතේ ගමකින් වාර්තා වේ. 


දැනගන්නට ඇති අන්දමට එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා විවාහ දෙකක් කරගත් අයෙකි. මොහු දෙවැනි විවාහය කරගෙන තිබෙන්නේ දකුණු ප්‍රදේශයෙනි. දෙවැනි විවාහයේ කාන්තාව ද කලින් විවාහ වී දීගය අත්හැරුණු කාන්තාවකි. 


මෙම සිද්ධියට සම්බන්ධ බෑණා නැන්දම්මා සහ ඇගේ පවුලේ අය සමඟ එතරම් ඇඟෑලුම්කම් නොදැක්වූ පුද්ගලයෙකි. කොටින්ම ඔවුන් තම නිවෙසට එනවාටත් ඔහුගේ කැමැත්තක් නොවීය. 


දිනක් නැන්දම්මාට සිය දියණිය බලන්න යන්න ආසාවක් ඇති වී, ඒ බව ඇගේ පුතාට සැල කර සිටියාය. මවගේ ඉල්ලීම ඉවතට දැමිය නොහැකි නිසා බිරියට කතා කොට ඇයත් කැටුව මව ත්‍රිරෝද රථයක නංවාගෙන සහෝදරියගේ නිවෙසට ගිහින් ඇරලා රාත්‍රී 10.00ට පමණ ඔවුන් දෙදෙනා ආපසු ගියේ, මව කැඳවාගෙන යෑමට සති දෙකකින් නැවත එන බව පවසාය. 


නැන්දම්මා නිවෙසට ගෙනැත් ඇරලූ වෙලේ සිට බෑණා පසු වුණේ කේන්තියෙන් පුපුරමින්ය. ඔහු නැන්දම්මා නිවෙසින් පන්නා දැමීමට මගක් සොයමින් කල්පනා කරමින් සිටිනා අතර අපූරු අදහසක් ඔහුට පහළ විය. 


වහා ක්‍රියාත්මක වී 119 පොලිස් දුරකතන අංකය ඇමතූ හෙතෙම නාඳුනන වයස්ගත කාන්තාවක් තම නිවෙස අසල පාරේ දමා ගොස් ඇති බව දැනුම් දුන්නේය. 


පොලිසිය රාත්‍රියේ එම ස්ථානයට පැමිණ තොරතුරු විමසා මෙම වයස්ගත කාන්තාව රෝහලට ඇතුළත් කළේ ඇය රෝගී තත්ත්වයෙන් පසු වූ නිසාය. බෑණාට තිබෙන බිය නිසා මෙම මහලු කාන්තාවත් ඇගේ දියණියත් පොලිසියට ඒ සම්බන්ධව සත්‍ය තොරතුරු වසන් කළහ. 


ගත වූයේ දින දෙකකි. මෙම සිද්ධිය මාධ්‍යයෙන් දුටු මෙම කාන්තාවගේ පුතා ඡායාරූපයේ සිටින්නේ තම මව බව හඳුනාගෙන රෝහලට පැමිණ ටිකට් කපාගෙන මව නිවෙසට කැඳවාගෙන ගොස් ඇත්තේ මස්සිනාටත් සිය සහෝදරියටත් දෙස් දෙවොල් තබමිනි.



අදහස් (0)

නැන්දම්මා ගෙදරින් පන්නන්න බෑණාගෙන් 119 ට ඇමතුමක්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site