(වියලුව වාර්තාකරු)
තම ගෙවත්තේ පැළ කිරීම සඳහා වැඩි මුදලක් දී රැගෙන ආ කුන්දිරා පොල් ගෙඩි තොගයක් සිය නැන්දණිය විසින් පොල් තෙල් හිඳවීම් සඳහා දෙපලු කර වියළීම සඳහා අව්වට දැමූ බව කියවෙන පුවතකි.
සිද්ධිය මෙසේය.
විවාහයෙන් පසුව ඔහුට සිය බිරියගේ මවද නිවෙසට කැඳවාගෙන ඒමට සිදුවූවේ ඇය පවුලේ බාල දියණියවීමත් බිරිඳගේ පවුලේ සෙසු සාමාජිකයන් දුර බැහැර ප්‍රදේශවල සිටීමත් නිසා ය.
නැන්දම්මාගේ ඇතැම් ක්‍රියා කලාප පිළිබඳව ඔහු තුළ එතරම් මනාපයක් නොවුණත් ඇයගෙන් ඉටුවන සේවා නිසා ඔහු ඒ සියල්ල දරා සිටියේ පවුල් සංස්ථාව ද රැකගත යුතු බව මෙනෙහි කරමිනි.
පසුගිය දිනෙක හෙතෙම කුලියට ගත් ත්‍රී රෝද රථයකින් බොහෝ දුර බැහැර ප්‍රදේශයකට ගොස් වැඩි මුදලක් ගෙවා කුන්දිරා පොල් ගෙඩි තොගයක් රැගෙන ආවේ ඒවා පැළකර පාළුවට ගොස් ඇති තම යාබද ඉඩමේ සිටුවීම සඳහා ය.
රැගෙන පැමිණි පොල් ගෙඩි තොගය නිවස පිටුපස ගොඩගසනු ලැබුවේ පැළ කිරීම සඳහා අවශ්‍ය පොලිතීන් මලු සහ පස් මිශ්‍රණය සකස් කර ගන්නා තෙක් ය.
පොල් ගෙඩි ටික පැළ කිරීමේ කටයුත්ත ඔහුට දිනෙන් දින කල් දමන්නට සිදුවූයේ දිනපතා යෙදෙන කුමක් හෝ අමතර කටයුත්තක් නිසාය.
නිවෙස පිටුපස ගොඩ ගසා තිබූ පොල් ගෙඩි තොගය දුටු නැන්දම්මාට ආවේ කදිම අදහසකි. ආහාරයට ගැනීම සඳහා අවශ්‍ය තරම් පොල් ගෙවත්තේ ඇති බැවින් මෙම අතිරික්ත පොල් ගෙඩි තොගය පලු කර වේලා ගතහොත් එයින් සෑහෙන තෙල් ප්‍රමාණයක් යාබද වෙළෙඳසලේ ඇති පොල් තෙල් මෝලට දී ලබා ගත හැකි බව ඇයට සිතිණි.
පිහියක් රැගෙන පොල් ගෙඩි සියල්ල දෙපලු කළ ඇය පොල් මද ගලවා ගෙමිදුලේ වේළෙන්නට ඉඩ හැරියේ තවත් දින දෙක තුනකදී හොඳ පොල් තෙල් ප්‍රමාණයක් නිවෙසට රැගෙන ඒමට හැකි බව සිතින් මෙනෙහි කරමිනි.
පොල් ගෙඩි තොගය පැළ කිරීම සඳහා අවශ්‍ය පොලිතීන් ද රැගෙන නිවෙසට පැමිණි බෑනාගේ ඉහමොළ රත් වූයේ තමන් වැඩි මුදලක් ගෙවා රැගෙන ආ කුන්දිරා පොල් තොගයට අත්වූ ඉරණම දැකීමෙනි.
සියල්ල සිදුවී අවසන් වග දැනගත් හෙතෙම පොලිතීන් තොගය මුල්ලකට විසිකර නිහඬ වූයේ “උන්දෑ කළොත් කරන්නේ ඔය වගේ වැඩක්” යැයි සිය බිරියට පවසමිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නැන්දම්මා තෙල් හොයද්දී බෑණාට දවල් තරු පෙනිලා
fairoos Thursday, 24 March 2022 12:52 PM
හොඳ බෑණා කෙනෙක්...