(හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
මව පදිංචිව සිටි නිවස ඇයට හොරෙන් දියණිය සහ බෑනා විසින් වෙනත් අයෙකුට බද්දට දීම හේතුවෙන් අධික මිලකට වෙනත් නිවසක් බද්දට ගෙන මවට ලබාදීමට සිදුවූ පුවතක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
කාන්තාවක් මෙලෙස තනිවම සිය මහ ගෙදර ජීවත්වී ඇති අතර එම නිවස විශාල ආර්ථික වටිනාකමකින් යුත් නිවසක් බව පැවසේ. ඇයට දූ දරුවන් කිහිපදෙනකු සිටින අතර ඒ සියලුම දෙනා රජයේ සහ පෞද්ගලික අංශයේ උසස් රැකියාවල නිරතවෙති. වැඩිමහල් දියණිය සහ බෑණා මවගේ නිවසට නිතර එන යන අතර එම භූමියේ ආර්ථික වටිනාකම ගැන කල්පනා කර මව තම නිවසට රැගෙන ගොස් එම නිවසින් අාදායමක් ලබාගැනීමට ඔවුහු සැලසුම් කළහ.
කාන්තාව දියණියගේ නිවසේ ටික කලක් ජීවත් වූ අතරතුර දියණිය සහ බෑණා මව සිටි නිවස අලුත්වැඩියා කර කුලී පදනම මත පිරිසකට බදු දුන්හ. දියණියගේ දරුවන් නවීන පන්නයට හැඩගැසී ඇති අතර ඔවුන්ගේ හැසිරීම් රටාව මිත්තණියට එපා වීම නිසා තම නිවසට රැගෙන යන ලෙස දියණියට සහ බෑණාට ඇවිටිලි කළද ඔවුහු එය ගණන් නොගෙන තම කටයුතු කර ගෙන ගියහ. නිවසේ කිසිවකුත් නැති අවස්ථාවක මෙම කාන්තාව හොර රහසේම පිටත්ව තම නිවසට ගොස් ඇති අතර නිවස ඉබියතුරු අගුළු දමා තිබීම පිළිබඳව අසල්වාසීන්ගෙන් විමසා ඇය සියල්ල හෙළිකර ගෙන තිබේ.
කාන්තාව තමන්ට මුහුණදීමට සිදුව ඇති තත්ත්වය ප්‍රදේශයේ වගකිවයුතු නිලධාරියකුට පැමිණිලි කර ඇති අතර එම නිලධාරියා කඩිනමින් දියණිය සහ බෑණා සිය කාර්යාලයට කැඳවා සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදුකර ඇති බවත් මවට නිදහසේ සිය නිවසේ සිටීමට අවශ්‍ය වාතාවරණය ඇති කරන ලෙසට එම නිලධාරියා තරයේ අවවාද කර මව දියණියගේ නිවසට හෝ වෙනත් දරුවකුගේ නිවසට යාම ප්‍රතික්ෂේප කිරීම නිසා වෙනත් නිවසක් ඉහළ මිලකට කූලි පදනම මත ලබාගෙන මව එහි නතර කිරීමට දියණියට හා බෑණාට සිදුව ඇත.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නැන්දම්මා පැන්නීමේ ‘බිස්නස් එකෙන්’ බෑනාත් දුවත් කබලෙන් ළිපට