වෘත්තියෙන් රියැදුරෙකු වූ සිය එකම පුතු මනාලියක් නිවසට කැඳවාගෙන ආවේ මීට දින දෙකකට පෙරය. මංගල උත්සවය ඉතා ඉහළින් පැවැත්වීමට හැකිවීමත් තම පුතුට රුවැති යහපත් ගතිගුණ ඇති චාම් යුවතියක් ලැබීම පිළිබඳවත් නැන්දම්මා සිටියේ මහත් සතුටකිනි.
තාත්තා නැතිවෙනකොට උඹට අවුරුදු හතරයි. මම උඹව ලොකු මහත් කෙරුවේ හුඟක් දුක් මහන්සි වෙලා. අපේ පවුලට ලැබිල ඉන්න දුව අපේ වාසනාවට ලැබුණ කෙල්ලක්. මට දුවක් නැති වුණාට ඒ මගේම දුවක් වගේ. ගෙදරට ආව දා ඉඳන් ගෙදරත් එක්ක එළිය වැටිලා. ඒ ළමයි ආදරෙන් බලාගන්න ඕනෑ.” අම්මා පුතාට කීය.
ඒ මනාලිය නිවසට පැමිණ ගෙවෙන තුන්වන රාත්‍රියයි.
මැදියම් රාත්‍රියේ මව තිගැස්සී ඇහැරුණේ ඇය නිදා සිටි කාමරයේ දොර ඇර කව්රුන් හෝ කාමරයට ඇතුළුවනු ඇසීමෙනි. ඇය සිතුවේ කිසියම් අවශ්‍යතාවක් සඳහා පුතා පැමිණ ඇතැයි කියාය. එහෙත් පැමිණ සිටියේ පුතා නොව ඔහුගේ බිරියයි. ලේලිය සිටියේ ඇස්වල කඳුළු පුරවාගෙන මහත්වූ සිත්වේදනාවකිනි.
“ඇයි දුවේ මොකක් හරි ප්‍රශ්නයක්ද? කරදරයක්ද? පුතාගෙන් වරදක් වුණාද? කලාතුරකින් දවසක එයා පෙඩි අඩියක් ගහනවා. අද වැඩට ගිහින් එනකොට ටිකක් බීලාවත් ආවද?
මහත් කුතුහලයකින් යුතුව නැන්දම්මා විමසුවාය.
“නෑ අම්මේ එහෙම දෙයක් නෑ. එයාගෙන් වරදක් වුණේ නෑ. එයා මට පණ වගේ ආදරෙයි.
කියන්න මගේ දුවේ කියන්න ‘නැන්දම්මා එසේ පැවසුවේ දුව අසලටම ගොස් ඇය සිප වැළඳගනිමිනි.
අම්මේ මට මේ දවස් දෙකේම රැට හරියට නින්දක් නෑ. දවල් කාලේ තමා ටික වේලාවක් නිදා ගන්නේ. එයා රෑ එළිවෙනකන් ගොරවනවා. ලී ඉරන මැෂිමක සද්දේ වගේ. මට නින්ද යන්නේ නෑ.
ඔයා දුවේ අද මගේ ඇඳේ නිදා ගන්න. ඔයා කලබල වෙන්න එපා. පුතාට ඩොක්ටර් කෙනෙක් ළඟට එක්කරගෙන යමු. දුව දිගටම මේ ඇදේ නිදාගන්න. පුතාගේ ගොරවන ලෙඬේ සුව වෙනකම්.
(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නැන්දම්මාගෙන් ලේලිට අපූරු යෝජනාවක්
pitigala Saturday, 08 September 2018 01:53 AM
ඉතාමත් හොඳ නුවණැති නැන්දම්මා කෙනෙක්.
chamee Saturday, 08 September 2018 05:35 AM
හොඳ ගතිගුණ හා තැනට ඔබින අයුරින් වැඩ කරන අම්ම කෙනෙක්
rihan Saturday, 08 September 2018 06:24 AM
මහදැනමුත්තව මතක් වුණා...