X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 29 වන ඉරිදා


නැන්දම්මාගේ හිත ගන්න ගිය ලේලිට මල පනී

තමා සහ සැමියා රැකියාවට ගොස් ආපසු එනතුරු සිය කුඩා දරුවා බලා ගැනීමට දිනපතා නිවෙසට පැමිණෙන නැන්දනියගේ සිත සතුටු කිරීම සඳහා ඇයට නවීන පන්නයේ ජංගම දුරකථනයක් ගෙනවිත් දුන් දිනට පසු දිනම ලේලියට රැකියාවට නොගොස් නිවාඩු දැමීමට සිදුවූ පුවතක් අගනුවරට ආසන්න ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 


මෙම අඹු සැමි යුවළ රජයේ ආයතන දෙකක සේවය කරන බැවින් ඔවුන් රැකියාවට ගොස් එනතුරු තම කුඩා දරුවා රැකබලා ගැනීම ඔවුනට බලවත් ගැටලුවක් විය.


මේ සඳහා සේවිකාවන් දෙතුන් දෙනෙකුම වරින් වර යොදවා ගත්තද විවිධ හේතු නිසා ඔවුන් වැඩි කලක් රඳවා ගැනීම අපහසුවිය.


කෙසේ වෙතත් විශ්‍රාමිකව නිවසේ පසුවන නැන්දනිය එනම් සැමියාගේ මව මේ කාර්යය සඳහා කැමතිකරවා ගැනීමට ලේලිය සමත් වූයේ බලවත් ඇවිටිලි කිරීමකින් පසුවය. ඒ අනුව තමාට නිවසේද වැඩකටයුතු බෙහෙවින් ඇති බව පැවසූ නැන්දනිය උදෑසන පැමිණ සවස තම නිවෙසට යෑමේ කොන්දේසිය මත රාජකාරිය බාර ගත්තාය.


වැටුපක් වශයෙන් විශාල මුදලක් ද වැය නොකොට සැකයකින් බියකින් තොරව දරුවා සහ නිවෙස බාර දී යාමට ලැබීම දෙදෙනාගේ මහත් අස්වැසිල්ලකට හේතු විය.


සැමියා කලින්ම නිවෙසින් පිටත්ව යන අතර බිරිඳ නිවසේ සියලු වැඩකටයුතු නිමවා නිවෙසින් පිටත්වීමට ආසන්න වනවිට නැන්දනිය පැමිණෙන අතර ඇයට නිවෙස සහ දරුවා බාර දී ලේලිය පිටත්ව යන්නීය. දිගු කලක් තිස්සේ මේ දිනචරියාව මෙසේ සිදුවෙද්දී නැන්දනිය තම සේවය කේවල් කරමින් ලේලියගෙන් විවිධ ඉල්ලීම් දිනා ගැනීමටද සමත් වූවාය.


ඇයගේ අලුත්ම ඉල්ලීම වූයේ තමාට ද නවීන පන්නයේ ජංගම දුරකථනයක් අවශ්‍ය බවයි. නැන්දනියගේ සිත සතුටු කිරීම ඉතා අත්‍යවශ්‍ය බැවින් ඊට පසුදිනම එම ඉල්ලීම ඉටු කෙරිණ.


එහෙත් දුරකථනය ගෙනවිත් දුන් දිනට පසු දිනම ලේලියට නොසිතු විරූ අකරතැබ්බකට මුහුණ දීමට සිදු විය. වෙනදා වේලාවට පැමිණෙන නැන්දනිය එදින පැමිණියේ නැත. ඇය පැමිණෙන බසය ද යනු දක්නට ලැබිණ. හදිසියේම රැකියාවට යාමට නොලැබීමෙන් ඇය බලවත් අපහසුතාවට පත් වූවාය. විශාල මුදලක් වැයකර දුරකථනයක් ගෙනදුන් පසු දිනට මෙසේ නොපැමිණීම ගැන ලේලියට මල පැන්නේය. ඇය වහාම නැන්දනියට ඇමතුමක් ගත්තද එයද විසන්ධි වූ බවක් කියවිණි.


විනාඩි විස්සකට පමණ පසුව හත්මුණින් දහඩිය පෙරාගෙන නැන්දනිය පැමිණ සිදු වූ සන්තෑසිය පවසා ඇත්තේ ‘අනේ දුවේ මම ෆෝන් එකෙන් පිංතූර වගයක් බල බලා ආවෙ. හෝල්ට් එකේ බහින්න අමතක වුණා. කිලෝ මීටරයක් විතර එහා ගිහිල්ලා තමයි බහින්න මතක් වුණේ. ඒ මදිවට පිංතූර එහාට මෙහාට තල්ලු කරල කෝල් එක ගන්න හදනකොට ඒකත් කට් වුණා’ යනුවෙනි.


කෙසේ වෙතත් එදින නිවාඩුව ප්‍රයෝජනයට ගත් ලේලිය නැන්දම්මාට ෆෝන් එක පාව්ච්චි කිරීම පිළිබඳව හොඳ පුහුණුවක් ලබා දුන්නාලු. 

 

 


(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)

 



අදහස් (0)

නැන්දම්මාගේ හිත ගන්න ගිය ලේලිට මල පනී

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site