X Advertisement
IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


නෑනයි දුවයි නිවෙසට ඇරලන්න ගිය මස්සිනා මහමඟ දමා ඇවිත්

(කමල් ශ්‍රී ලියනගේ - කොස්ගොඩ)


නෑනාත් දුවත් රාති‍්‍ර ගෙදරට ඇරලන්න ත‍්‍රීරෝද රථයකින් ගිය මස්සිනාකෙනකු ත‍්‍රීරෝද රථ රියැදුරු මහ මඟ දමා ආපසු පැමිණීමේ සිද්ධියක් අහුන්ගල්ලෙන් වාර්තා වේ.
මෙදින විශේෂ ගමනක් ගිය දෙදරු මවක් ඇයගේ දුව අක්කාගේ නිවසේ නතර කළාය. රාත‍්‍රි 8.30ට පමණ යළි ඇය අක්කාගේ නිවෙසට ත‍්‍රීරෝද රථයකින් පැමිණියේ දුව රැගෙන යෑමටය. රෑ බෝවී තිබූ නිසා අක්කා ඇයගේ සැමියාටත් ත‍්‍රීරෝද රථයෙන් නංගීගේ ගෙදරට පරෙස්සමට යන ලෙස දන්වා සිටියාය. ඒ අනුව මස්සිනා ද නෑනාත් දුවත් ඇරලවීමට ත‍්‍රීරෝද රථයට නැගී ගමන් කළේය. ඔවුන් සමඟ මස්සිනා ත‍්‍රීරෝද රථයට නගිනවා දුටු ත‍්‍රීරෝද රථ රියදුරු මස්සිනා යන්නේ කොහේටදැයි විමසා තිබේ. ‘‘නංගීලාගේ තනියට යනවා. මට ඉතින් ආපසු පයින් වුණත් එන්න බැරියෑ’’.

මෙසේ ඇඟට නොදැනෙන්න මස්සිනා ත‍්‍රීරෝද රථ රියදුරාට පවසා තිබේ. තමා සමඟ ආපු නෑනා දුවත් සමඟ තනියට යෑම නොරිස්සූ මස්සිනාගේ මේ උපක‍්‍රමය ගැන හිත් රිදුන රියදුරා  මස්සිනාට පාඩමක් උගැන්වීමට සිතුවේය. ඔහු තිදෙනාම රැුගෙන නෑනා ගෙදරට ගොස් බස්සවා මස්සිනා වත්ත ඇතුළට ගිය මොහොතේ ඉක්මනින් ඔහු දමා රිය හරවා ගෙන ආවේය. මේ නිසා මහ රෑ මස්සිනාට පයින් ඒමට සිදුවී තිබේ.



අදහස් (0)

නෑනයි දුවයි නිවෙසට ඇරලන්න ගිය මස්සිනා මහමඟ දමා ඇවිත්

යසංග Wednesday, 07 January 2015 10:37 PM

මොකක්ද රියදුරාට ඇතිවුණ කණස්සල්ල? (නි)

:       0       0

වාසනා Thursday, 08 January 2015 02:17 AM

එයා ගියා කියලා රියදුරාට මොකද? (නි)

:       0       0

දුම්මලසූරිය Thursday, 08 January 2015 04:18 AM

මොකද?රියදුරාට නෑනා ගැන පිළිබඳ සිතක් පහළ වෙලාවද්ද? අනේ මන්දා තමන් බාරගත් රාජකාරිය කරනවා මිස ඒ ත්‍රීවිල්කරුට මොකද කවුරු ආවා ගියත්.... (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 08 January 2015 04:41 AM

අමතක කරන්න එපා. දෙපාරක් පිටපිටම අර මොකක්ද එක හොයපු එකට ගූගල් එකෙන් කප් ගහපු ජාතියක් අපි. (නි)

:       0       0

අශෝක රළපනාව Thursday, 08 January 2015 05:48 AM

රියදුරාාට වෙනත් යටි අරමුණක් තිබිල‍ා වගෙයි (නි)

:       0       0

දකුණේ අපි Thursday, 08 January 2015 11:09 AM

අද ලංකාවේ සිද්දවෙන දේවල් දන්නවනම් ත්‍රී වීල් රියදුරාට කේන්ති යන්න විදියක් නැහැ. (ස)

:       0       0

ඛාන් Thursday, 08 January 2015 11:24 AM

ත්‍රීරෝදකරුට නෑනා ගැන හිතක් පහළවෙලා වෙන්න ඇති (නි)

:       0       0

සඳුන් Thursday, 08 January 2015 06:58 PM

ත්‍රීරෝද රියැදුරා හදන්නේ මස්සිනා වැඩක් නැහැ කියලා පෙන්වන්න. එතකොට ඊළඟ වතාවේ මස්සිනා නැතුව නෑනා එක්ක යන්න පුළුවන්. (නි)

:       0       0

කේ. පී. සිරිවීර Thursday, 08 January 2015 08:14 PM

මනමාල රියදුරාට මස්සිනා කණ පැලෙන්න එකක් දුන්නා නම් හරි (නි)

:       0       0

ලක්මාල් Saturday, 10 January 2015 09:17 AM

රියදුරාගේ හිත දූෂිතයි (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 10 January 2015 10:19 AM

මෙහෙම පටු විදිහට හිතන මිනිස්සු එක්ක ගමනක් බිමනක් යන්නේ කොහොමද මහා රැයක තනියෙන්. (නි)

:       0       0

මාලි Sunday, 11 January 2015 04:30 PM

ත්‍රීවීල්කරු දැනගත යුතුයි තමන් ත්‍රීවීල්කරුවෙකු බව (නි)

:       0       0

උපුල් Monday, 12 January 2015 11:08 AM

සිරිවීර, මස්සිනා දාලා ආවහම කොහොමද කණ පැලෙන්න ගහන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site