(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
සිය නෑනාට දැමූ ආදර බස් තමන්ගේ නෝනා ශ්‍රවණය කිරීමෙන් නෝනාගේ නෝක්කාඩු දිරවා ගැනීමට නොහැකිවූ අයෙකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
නෝනාට වඩා ඔහු ආදරය කළේ නෑනාටය. නෑනා ඔහු හොඳටම හඳුනාගන්නේ නෝනා ගෙදරට කැන්දාගෙන ආ දවසේ සිටය. ඔහුට ටික දිනකින්ම නෝනා එපා වූයේ ඇයගේ හැකර කට නිසාය. තමාට කිසි ගරුසරුවක් නොදැක් වූ නිසාය. ඒත් නෑනා ඔහුට ඉතා ලැදි බවක් දැක්වූවාය. ඒ සමගම ඔහුත් ඇයට ඉතාම ලෙන්ගතු වූවේය.
ඇයගේ රූප සොභාවත් තමා දිහා බලන කරුණාවන්ත බැල්මත් නිසා නෑනාට ඔහුගේ සිත ගියේ ඉබේටමය.
නෑනා ඔහුට ළංවූයේ තමාට සොහොයුරකු නැති අඩුව මකා ගැනීමටය. ඔහු මේ තමාට ළංවනුයේ එය පලදරමින් බව නෑනා සිතුවාය. නමුත් නෑනාගේ ඒ සිතිවිල්ල වැරදි බව ඇයට හැඟී ගියේ ඔහුගේ හැසිරීම එන්න එන්නම නරක අතට හැරුණු නිසාය. මේ පිළිබඳව සිය මස්සිනාට ගතු කීවත් ඊට පලක් නොවීය.
මේ සම්බන්ධයෙන් ඇය සිය සොහොයුරියට කීමට මැලි වූයේ ඔවුන් දෙදෙනාගේ යුග දිවියට එයින් ලොකු පහරක් වැදේ යයි සිතූ නිසාය. ඒත් මස්සිනාගේ වැඩ නිසා එය තව දුරටත් වසන් කිරීම සිය දිවියට ලොකු කැළලක් වේ යයි සිතූ ඇය මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගත්තාය. ඒ සොහොයුරිය දැනුම්වත් කිරීමටය. ඒ අනුව ඇය සිය සොහොයුරිය දැනුම්වත් කළාය.
සොහොයුරිය එය පිළිගැනීමට මැලිවූවාය. සිය නැගණියට ඔහු සොහොයුරෙකු ලෙස දැඩි ලෙන්ගතුව සලකන නිසා මෙලෙස ඇයට සිතෙන්නට ඇතැයි ඇය සිතුවාය. මේ නිසා ඇය සිය සැමියාට බොරු චෝදනා එල්ල කරන්න එපා යැයි නැගණියට කීවාය.
මේ අතර වාරයේ දී නෑනා ඔහුගේ නිවසේ සිටින විට දී ඔහු ඇයගේ දුරකතනයට ඇමතුමක් දුන්නේය. මෙය සිය මස්සිනාගේ කෙරුවාව සොහොයුරියට පෙන්වන්න හොඳ අවස්ථාවක් බව සිතූ ඇය තමාට මස්සිනා කතා කරන බවත් මෙයට සම්බන්ධ වී සැමියාගේ තරම බලා ගන්නා ලෙස ද ඇය කීවාය.
නැගණියගේ කීම සත්‍යයක්දැයි සොයා බැලීමට නෝනා ඔහුගේ ඇමතුමට සම්බන්ධ වූයේ නැගණිය මෙන් කතා කරමිනි. ‘‘ආ මගේ සුදු මැණිකේ මොකෝ කරන්නේ’’ යැයි ඔහු කී විට ආ ‘‘මමත් ඔයා මතක් කර කර තමයි හිටියේ’’ ඇය කීවාය. ඒකනේ මම දන්නවානේ මගේ සුදු මැණිකේ මට ආදරේ බව. ඔයා කැමති නම් මම හෙට වුණත් ඔයා එක්ක යනවා, ඔහු පෙරළා කීවේය.
මේ සමගම නෝනාට උන්හිටි තැන් පවා අමතක වී ගියාය. ‘‘හා එක්කන් යන්න උඹ අද ගෙදර වරෙන් කෝ’’ යැයි ඇය කීවිට මේ සම්බන්ධවී ඇත්තේ නෑනා නොව නෝනා බව පසක් වූ විට ඔහුට දෙවියන් බුදුන් සිහිවූවේය. සැමියාගේ තරම එදා ඉදලා දැන්ගත් ඕ මොන ප්‍රශ්නයක් නිවසේ ඇතිවුවත් සැමියාට කට උස්සන්න නොදී නෝක්කාඩුම කියමින් ඔහු දමනය කරන්නේලු.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නෑනාට දුරකතනයෙන් කී පෙම්බස් නෝනාට අසුවී ජංජාලයක්
millawa Wednesday, 21 July 2021 12:51 PM
අම්මෝ...!!!