X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


නිවෙස වයි-ෆයි කලාපයේදැයි ඇහුවාම තෙත් කලාපයේ කියලා

(වැල්ලම්පිටිය - ශාන්ත සෙනෙවිරත්න)
සියලූ පහසුකම් සහිත දෙමහල් නිවෙසක් කුලියට දීමට තිබේ යනුවෙන් පුවත්පතක පළකළ දැන්වීමක් ගැන විමසූ තරුණයකු නිවෙස පිහිටා තිබෙන්නේ වයිෆයි කලාපයක ද කියා නිවෙස හිමිකරුගෙන් විමසූ විට නෑ පුතා තෙත්කලාපයක කියා පිළිතුරු දුන් සිද්ධියක් ගම්බද ප‍්‍රදේශයකින් අසන්නට ලැබුණි.


ලෝකය ශීඝ‍්‍රයෙන් දියුණුවෙමින් තිබෙන අතර නවීන තාක්ෂණික මෙවලම් භාවිතය ද සමාජයේ දිනෙන් දින ඉහළ යමින් තිබේ. ඒ අනුව විවිධ සන්නිවේදන ක‍්‍රම භාවිතය අපේ රටෙත් ව්‍යාප්ත වෙමින් ඇත. අලූත් පරපුරේ අය මේවා ගැන හොඳින් දන්නා නමුත් පැරැුන්නෝ වැඩි කොටසක් මේ ගැන නොදනිති.


මේ සිද්ධියත් එවැන්නකි. තරුණයා අන්කල් වයිෆයි තිබේද යනුවෙන් ඇසූ ප‍්‍රශ්නයෙන් අන්දුන් කුන්දුන් වූ ගෙහිමියා තව ඉදිරියට මොන ජාතියේ ඒවා සමාජ පරිහරණයට එක්වේදැයි සිතාගන්නට බැරිව නිහඬ වී ඇත.

 



අදහස් (0)

නිවෙස වයි-ෆයි කලාපයේදැයි ඇහුවාම තෙත් කලාපයේ කියලා

කැළුම් Tuesday, 09 June 2015 03:37 AM

මේක සිනහවට කාරණයක් නොවෙයි.මේ අලුත් වචන ගොඩ දෙනෙක් දන්නේ නැහැ. (ස)

:       0       0

දුමින්ද Thursday, 11 June 2015 01:39 PM

පිළිකාකාරක විකිරණ කලාපයක නෙමෙයිද කියලා ඇහුවේ නැද්ද? (නි)

:       0       0

සිරි Thursday, 11 June 2015 08:16 AM

වයි ෆයි කොහෙත් ඇත ඔබගේ ස්මාර්ට් ෆෝන් එකෙත් ඇත. එත් ලංකාවේ අන්තර්ජාල සම්බන්දත ගැනීමට අවශ්‍ය ADSL 3G 4G කලාප වල විමසීමක් කර ඇති බව හිත ගත හැක. (බ)

:       0       0

සිරි Thursday, 11 June 2015 07:43 AM

ඕවා මොනවද? ඉරිදා රෑට එක්තරා නාලිකාවකට එන තරුණ තරුණියන් ගණනාවක් අවදානම් කලාපයකට යවනවා මානව අයිතීන් උල්ලංඝනය කරමින්. (නි)

:       0       0

ජනක Wednesday, 10 June 2015 10:10 AM

අපේ ගමේ වැඩිහිටියෝ ඕවා දන්නේ නැතිවුණාට හොඳට මනුස්සකම අඳුනනවා. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 10 June 2015 04:30 AM

අසා ඇති පැනයට නියම පිළිතුරක් ...බඩ පැලෙනවා මේවා කියවද්දී. (ස)

:       0       0

බෝමිරියගේ දොන් Tuesday, 09 June 2015 07:47 AM

මේක සාමාන්‍ය දෙයක්. ඕනෑම කෙනෙක් දෙයක් ගන්නකොට වැඩි වාසි බලනවා. ඉතින් කවුද අකමැති ගන්න ගෙදර නොමිලේ අන්තර්ජාලය තියෙනවද බලන්න? (නි)

:       0       0

රෝහණ Tuesday, 09 June 2015 07:12 AM

උත්තර දෙන්නා හඳුනාගෙන ප්‍රශ්න ඇසීම අසන්නාගේද වගකීමය (නි)

:       0       0

මාලක Tuesday, 09 June 2015 06:20 AM

මම ලසිත් සමග එකඟ වෙනවා. හුඟක් වැඩිහිටියන් තාක්ෂණය ගැන දැනුවත්. මගේ මව (ගෘහනියක්) ඉතාම ආසාවෙන් කොම්පුටරය පාවච්චි කරන්න ඉගෙන ගත්ත (අවුරුදු 80) මගේ බිරිඳට අමතක වෙන කොට කියලත් දෙනවා. (ම)

:       0       0

කෙවින් Tuesday, 09 June 2015 04:42 AM

පිරරටවල ජිවත් වන දරුවන් සිටින වයසක දෙමව්පියන් වයිෆයි සහ ස්කයිප් ගැන දන්නවා. මගේ පියා වයස 85 යි. නමුත් කතාව ස්කයිප් එකෙන්.(ම)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 09 June 2015 04:39 AM

තාක්ෂණය කියන්නේ ඕනෑම කෙනෙකුට අතපත ගාල බැලුවොත් පරතෙරට නැති වුණත් යම් අවබෝධයක් ලබාගන්න පුළුවන් , සමහර අපේ මේකට දක්වන අකමැත්ත තමයි ප්‍රශෟනේ, එහෙම නැතුව අපේ ගම්වල ඉන්න වැඩිහිටියනේ දැනුම අවබෝෙධය නිසා නෙවෙයිද දරුවෝ අද ඉහලින් වජබෙන්නේ , (ම)

:       0       0

චතුරි Monday, 08 June 2015 08:36 PM

කොහෙද යන්නේ, මල්ලේ පොල් (නි)

:       0       0

දිලාන් Tuesday, 09 June 2015 03:31 AM

රෙජි, ගම්වල වැඩිහිටියන්ට ඒ ගැන දැනුම අඩු ඇති. නමුත් ලසිත්ගේ අම්මා නගරබද කාන්තාවක් වෙන්න ඇති. අනෙක් ගුරුවරියක්ලුනේ. ඒ නිසා ඔය දේවල් වලට අවකාශය ඉබේම ලැබෙනවා. හැබැයි ඉතින් දැන් කාලයේ වැඩිහිටියනුත් තාක්ෂණය ගැන දැන් දැනුවත් කියන එක මම පිළිගන්නවා. නැත්නම් කොහොමද හැට පැනපු පිවිතුරු යහපාල මෙතන අපිට බැන බැන අකුරු කොටන්නේ ? (නි)

:       0       0

චින්තක Tuesday, 09 June 2015 03:31 AM

අහපු මිනිහා තමයි මෝඩයා. සමහර තරුණයෝ ඉන්නේ හොල්මන් ලෝක වල. බාහිර මෙලෝදෙයක් දන්නේ නැහැ. පොළවේ පයගහලා ඉන්න කෙනෙක් නම් මොළය කල්පනා කරලා අදහස් හුවමාරු කර ගන්නවා. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 09 June 2015 03:08 AM

ලසිත්, ඔබගේ අමමා ඒ දේවල් දැනගත්තාට ගම්වල ජීවත්වන කීයෙන් කීදෙනාද ඔය දේවල් ගැන අහලා තියෙන්නේ. දැනගෙන තියෙන්නේ. (නි)

:       0       0

ඉමේෂ් Tuesday, 09 June 2015 01:50 AM

අහපු මිනිහත් මෝඩයෙක්නේ. ගෙවල් වල කොහෙද නොමිලේ වයිෆයි? ගෙහිමියා හොඳ උත්තරයක් දීලා තියෙන්නේ. (නි)

:       0       0

ලසිත් Tuesday, 09 June 2015 01:13 AM

තාක්ෂණය ගැන දැන් වැඩිහිටියන් පවා දැනුවත්. මගේ අම්මාගේ වයස 70 ක් විශ්‍රාමික ගුරුවරියක්. අම්මා මගේ වයස 14 ක ළමයින්ට වැඩිය හොඳට මයික්‍රොසොෆ්ට් ඔෆිස් මෘදුකාංග වලින් පරිගණකයේ වැඩ කරනවා. (නි)

:       0       0

දයා නන්දසිරි Tuesday, 09 June 2015 01:11 AM

එයා ඒක තව පැහැදිලිව ඇහුවා නම් අන්කල් උත්තර දෙයි (නි)

:       0       0

සමන්ති Tuesday, 09 June 2015 12:56 AM

මේක දාන්න තිබුනේ අර්ධ සුඛෝපභෝගී පහසුකම් සහිත කියලා. එතොකොට කවුරුවත් අහන්නේ නැහැ පහසුකම් ගැන. ඒසී ඇතත් දාඩිය දාගෙන කන් කරච්චලයෙන් යන හරියට අර පාරේ දුවන ප්‍රයිවෙට් බස් වගේ. (නි)

:       0       0

නන්දලාල් Monday, 08 June 2015 11:00 PM

ඔය ප්‍රශ්නය අහන්න තිබුණේ වයසක කෙනෙකුගෙන් නොවෙයිනේ.ඔය කතාවෙන් ඒ මනුස්සයත් යම් දෙයක් ඉගෙනගත්තා, නවීන ලෝකය සම්බන්ධව, අර තරුණයාට පින් සිද්ධවෙන්න. (නි)

:       0       0

සරත් Monday, 08 June 2015 10:53 PM

අද තරුණ පරපුර ඇසිය යුත්තේ මොනවද, නැත්තේ මොනවද යන්න පිළිබද නිසි අවබෝධයකින් තොරවීම අප සැමගේ අවාසනාවක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site