(හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
ව්‍යාපාරිකයකුට මුහුණ පෑමට සිදුවූ සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.
ග්‍රාමීය ප්‍රදේශයක ජීවත් වූ ව්‍යාපාරික පවුල ඇසුරු කළේ ගමේ තෝරාගත් පිරිසක් පමණි. විවිධ ක්‍රම මඟින් ධනය රැස් කිරීම පමණක් සිදුකළ ඔවුන් ගමේ ජනතාවගෙන් ඈත්වීම ඉතා කෙටි කාලයක් තුළදී සිදුවිය. ව්‍යාපාරිකයාගේ පුතා ද ව්‍යාපාරිකයකු වූ අතර ඔහු දේශපාලන උණ හිසටත් ඉහළින් තිබූ අයෙකි.
ව්‍යාපාරික පුතා ළඟදී විවාහ දිවියට එළඹ සිටි අතර විවාහයෙන් පසු සිය සුවිසල් මහල් නිවසේ යුවළ ජීවත් වූහ. එම නිවසේ ආරක්ෂාවට ආරක්ෂිත කැමරා පද්ධතියක් ද සවි කිරීමට ව්‍යාපාරික පුතා කටයුතු කළේය.
දිනක් මෙම යුවළ බැහැර ගොස් ගෙදර පැමිණෙන විට නිවසේ බඩු මුට්ටු ඇද දමා ඇතැම් භාණ්ඩ කඩා බිඳ තිබුණි. වහා කලබල වූ මෙම ව්‍යාපාරික පුත්‍රයා නිවසට හොරු පැන ඇතැයි පවසා ආරක්ෂක අංශවල පිහිට පැතුවේය. ඒ සඳහා සිය දේශපාලන හයිය ද යොදා ගැනීමට ඔහු අමතක නොකළේය. ආරක්ෂක නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමේදී ඔවුනට කාරණය අවබෝධ වීමට වැඩි කාලයක් ගත නොවුණි.
ආරක්ෂක නිලධාරීහු ආරක්ෂිත කැමරා පද්ධති දත්ත ගළපා පරීක්ෂා කළහ. විශාල රිළවුන් රංචුවක් නිවසට පැන නිවස පුරා සැරිසරන අන්දම එම දත්තවල සටහන් වී තිබූ ආකාරය ඔවුන්ට නිරීක්ෂණය විය.
තාක්ෂණික දැනුම අල්ප ව්‍යාපාරිකයා ලජ්ජාවෙන් ඇඹරෙමින් ආරක්ෂිත අංශවලට ප්‍රශංසා කර සිද්ධිය වසන් කර ගැනීමට උත්සාහ දැරුව ද දින කිහිපයකින් සිද්ධිය ගම පුරාම ප්‍රචලිත වූයේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නිවෙසට පැන්න අමුතු හොරු සී.සී.ටී.වී යෙන් මාට්ටු