(කරන්දෙණිය - එම්. සුසිල් පි‍්‍රයන්ත)
නීතිඥවරියකට දෙපැයක් පොදු වැසිකිළියක් තුළ සිරගතවීමට සිදුවූ අපූරු පුවතක් දකුණු පළාතේ ප‍්‍රධාන නගරයකින් වාර්තාවේ.
බස් පොළක තිබූ පොදු වැසිකිළියකි. බස් පොළට පැමිණි නීතිඥවරියක් ශාරීරික අවශ්‍යතාවකට එහි ගියාය. ඒ අවස්ථාවේදී එම වැසිකිළි පද්ධතියේ සේවයට කිසිවෙකු සිටී ද නොසිටී ද වත් විමසීමකින් තොරව මේ නීතිඥවරිය වැසිකිළි පද්ධතිය තුළට ගියේ තිබූ අවශ්‍යතාව බලවත් වූ නිසාමය.
යම් අවශ්‍යතාවකට එළිපහළියට ගොස් සිටි මෙහි සේවය කරන තැනැත්තා පැමිණ දහවල් ආහාරය සඳහා එළියට ගියේ එම වැසිකිළි පද්ධතියේ ඉදිරිපස දොරට ඉබියතුරු ද දමාය. ඔහු එනවිට මේ තුළ කිසිවකු ඇතැයි නොසිතූ නිසා මෙලෙස ඉබියතුරු දමා කෑමට ගියේය.
අවශ්‍යතාව ඉටුකර ගත් නීතිඥවරිය සිය වැසිකිළියේ දොර ඇර එළියට ඒමට පැමිණියාය. ප‍්‍රධාන දොර වසා තිබිණි. ඇය සිතුවේ එය සුළඟට වැහෙන්න ඇතැයි කියාය. එහෙයින් ප‍්‍රධාන දොර අරින්න හැදුවත් එය විවෘත නොවූ කල ඇයට තරු විසිවිණි. එම වැසිකිළි පද්ධතියේ ප‍්‍රධාන දොරට ගසා කෑගැසුවද කිසිදු ඵලක් නොවුයේ ඒ අසලට කවුරුවත් නොපැමිණි නිසාය. ප‍්‍රධාන දොර වසා තිබෙන බව දුරතියාම දකින බොහෝ දෙනා මේ වැසිකිළි පද්ධතියට නොපැමිණීම ඇයට වැසිකිළි අඩස්සිය තුළ තවදුරටත් රැදීමට හේතු කාරණාවක් ද විය. සේවකයා දහවල් කෑම කා එනවිට දෙපැයක් පමණ ගතවී තිබිණි.
දුරදීම දොරට තඩිබබා කෙනෙකු වැසිකිළි පද්ධතිය තුළින් කෑගසන ශබ්දය ඇසුණු ඔහුට සිදුවූ දේ තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගත නොවූයේය. එහෙයින් ඔහු ඉක්මනින්ම වැසිකිළියේ ප‍්‍රධාන දොර විවෘත කළේය. ඒ සැනින්ම එළියට පැමිණි නීතිඥවරිය ඔහුට බැණගෙන බැණගෙන ගියාය. එයින් නොනැවතුණු ඇය මේ වැසිකිළිය පාලනය කරන නගර සභාවට ද තමාට වූ අකර තැබ්බය පිළිබඳව පැමිණිලි කළාය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නීතීඥවරිය පැය දෙකක් පොදු වැසිකිළියේ
anula Tuesday, 19 September 2017 05:53 AM
ඒවගේ කෙනෙකුටම වෙන්න ඕන දෙයක් නිවැරදි වෙන්න...... පිටකොටුවේ වැසිකිලිය දැක්කම බල්ලොත් බත් කන්නේ නැහැ..... අනික ආබාදිත කෙනෙකුට යන්න කිසිම පහසුකමක් නැහැ.කොමඩ් එකක් දෙකක් තිබිය යුතුයි. මේක හැම නගරයකම එහෙමයි පිළියන්දල වසිකිලිවල දොරවල් නැහැ ප්‍රාදේශීය සභාව ළගමයි තියෙන්නේ......
naradhaTuesday, 19 September 2017 09:21 AM
මේ ප්‍රාදේශීය සභා මිනිසුන්ගෙන් එකතු කරගන්නා බදු මුදල් වලින් මොනවද කරන්නේ? රටේ සියලු ප්‍රාදේශීය සභා එකතු කරන බදු මුදල්, වියදම් කරන ආකාරය ප්‍රදේශවාසීන්ට මුද්‍රිතව දැන්විය යුතුයි. තවත් සිහි තබා ගත යුතු කරුණක් නම්, අපේ බොහෝ දෙනා පොදු වැසිකිලි භාවිතා කරන්නට නොදැනීමයි. උදාහරණයක් ලෙස, බොහෝ දෙනා මුත්‍රා කරන්නේ වැසිකිලි පොච්චියෙන් පිටතටයි.
chapa Tuesday, 19 September 2017 11:28 PM
කාර්යබහුල ජීවිත ගතකරන අයට ජීවිතේට පැය 2 ඉස්පාසුවක් ලබාදුන්නට ස්තුති කරමු....
gawus Wednesday, 20 September 2017 02:17 AM
එතකොට අර රුපියල් 20 අය කරගන්න පුලුවන් වුණාද?
jayath Wednesday, 20 September 2017 12:47 PM
මට හිතාගන්න බැරි දේ තමයි දැන් හැම කෙනා ලඟම තියන ජංගම දුරකතනයක් මෙතුමිය ළඟ තිබුනේ නැත්ද කියලා... එහෙම තිබුණා නම් ඕක සුළු වෙලාවකින් විසඳගන්න තිබුණා.
husen-riyad Friday, 22 September 2017 06:55 AM
මේ වගේ දෙයක් උනොත් තමා මොවුන්ට සමස්ථ ජනයාගේ සුභ සිද්ධිය වෙනුවෙන් යමක් කරන්න හිතෙන්නේ.