X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 22 වන ඉරිදා


නොදන්න ඉංගිරිසියට ගිහින් වරිගෙ නහගෙන

එය කොළඹ සිට මහනුවර බලා ධාවනය වන බස් රථයකි. බස් රථයේ බාගයක් පමණ මගීන්ගෙන් පිරී ඇත. හදිසියේම වගේ අතින් කටින් ගමන්මලූ උසුලාගෙන කොළඹ පන්නයට කලිසන් ඇඳ ගත් කන්තාවක් බස් රථයට ගොඩවූවාය. ඈ පැමිණ සිටියේ තම සිඟිති පුතු සමගය. ඈ බස් රථයට ගොඩවූ පසු මුලූ බස් රථයම විලවුන් සුවඳින් පිරී ගියේය. බස් රථයේ අසුනක හරි බරි ගැසී වාඩිවුණු කාන්තාවගේ කථාව තොර තෝංචියක් නැතුව ඉංග‍්‍රීසියෙනි. ඈ කථා කළේ තම පුතු සමගය. සිඟිති පුතු මවගේ කථාවට උත්තර දෙන්නේ සිංහලෙනි. බස් රථයට ගොඩවුණු වෙළෙන්ඳන් ගෙන එන සියලූ දේවල් පුතු ඉල්ලා සිටී. හොඳ බබා වගේ ඉන්න ”නෝටි” වෙන්න එපා ඇය කීවේ ඉංග‍්‍රීසියෙනි. ”මට බඩ ගිනී” පොඩි පුතු කියයි. ”ඩඩා” නුවර ස්ටේෂන් එකේ අපි එනකං කාර් එකත් තියාගෙන ඉඳී. අපි නුවර ගියාම මොනව හරි කමු” ඈ කීවේ ඉංග‍්‍රීසියෙනි. මේ අතර බැලූම් කාරයෙක් බස් රථයට ගොඩ විය. ”අම්මේ මට බැලූං එකක්නම්  ඕනමයි” පොඩි පුතු කියයි. ”මම එක සැරයක් කීවනේ ”නෝටි” වෙන්න එපා මව ඉංග‍්‍රීසියෙන් කියයි. ”බැලූං එකක් අරං දීපිය” පොඩි පුතු තරහින් කියයි. පොඩිපුතුගේ කථාවට බස් රථයේ සිටි සියලූ දෙනාම උපහාසයෙන් ලෙස සිනා සෙති. කම් විල් ගෝ.. ඉන් ඒ ටැක්සි (එන්න අපි කුලී රථයකින් යමු) යයි කී කාන්තාව පොඩි පුතුද අතින්අල්ලා ගෙන බස් රථයෙන් බැස නොපෙනී ගියාය.



අදහස් (0)

නොදන්න ඉංගිරිසියට ගිහින් වරිගෙ නහගෙන

අනිල් Sunday, 09 December 2012 08:47 AM

හොද වැඩේ (දී)

:       0       0

වාසනා Monday, 10 December 2012 04:30 AM

අයියෝ සල්ලි

:       0       0

ලහිරු Sunday, 09 December 2012 08:15 PM

ළමයිත් සංස්කෘතියට අනුව හැදුවනම් ඔහොම වෙන්නේ නෑනේ (ස)

:       0       0

සෑම් Sunday, 09 December 2012 04:55 PM

ඉංග්‍රීසි කතාකරන්න කව්රුවත් උපතින් දන්නේ නෑ... මේ ළමයාගේ අම්මා ළමයට ඉංග්‍රීසි පුරුදු කරන්න උත්සාහ කරනවා ඇති... ඒකේ කිසිම වැරද්දක් නෑ... තව අවුරුදු කිහිපයකින් ළමයා හොඳට ඉංග්‍රීසි කතා කරාවි... ඔය කොමෙන්ටු දාපු ගොඩාක් අයට ඉංග්‍රීසි බැරිබව තේරෙනවා.... ඔයාලත් අඩුගානේ පන්තියකට ගිහින් ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගත්තොත් ගොඩක් ප්‍රයෝජනවත් වේවි.... (ස)

:       0       0

ලක්මාල් Sunday, 09 December 2012 04:45 PM

අපේ දේ අපිට වටිනවා (දී)

:       0       0

රාජා Sunday, 09 December 2012 03:43 PM

අපේ අය (විශේෂයෙන්ම සිංහල) හිතන්නෙ ඉංග්‍රීසියෙන් කතාකරන එක මහා ලොකු දෙයක් කියල. මට සෞදියෙදි හමු වුණා ඉරිත්‍රියානු ජාතිකයෙක් ඔහුගෙන් ඉංග්‍රීසි බැරිද කියල ඇහුවම මට බැහැ මට පුලුවන් අරාබි පමණයි කියල ඔහු උත්තර දුන්නෙ හරිම අහංකාර විදිහට. ඒ තරමට ඒ අය එයාලගෙ භාෂාව අගය කරනවා. (ස)

:       0       0

කුරුවිට Sunday, 09 December 2012 03:09 PM

ඕක තමයි කියන්නේ සිංහලෙන් ඉපදිලා ඉංග්‍රීසියෙන් මැරෙන්න හදනවා කියාලා (ස)

:       0       0

සුදත් Sunday, 09 December 2012 10:55 AM

මොකද්ද ඉතින් මම කියන්නේ හොද වැඩේ කියලා කියුවොත් (දී)

:       0       0

අනිල් Sunday, 09 December 2012 08:53 AM

සිංහලයා සිංහල තාලෙට වැඩ කලානම් ඉවරයිනේ (දී)

:       0       0

වාසනා Monday, 10 December 2012 04:25 AM

අපි නිතරම අපේ දේ අගය කරමු (දී)

:       0       0

ගේල් Sunday, 09 December 2012 07:32 AM

නියමයි පොඩි කොල්ලෝ. (නි)

:       0       0

හේමන්ත Sunday, 09 December 2012 06:57 AM

සිංහල භාෂාව තමයි උපන් භාෂාව අපේ (දී)

:       0       0

සමන් Sunday, 09 December 2012 06:15 AM

කලු සුද්දියන් නිසා සිදුවන වින්නැහියට මෙය කදිම නිදසුනක්. (නි)

:       0       0

මලීන් Saturday, 08 December 2012 09:15 PM

නියම කොල්ලෙක්. (නි)

:       0       0

රංජිත් Saturday, 08 December 2012 06:56 PM

අපි මේවට කියන්නේ “බොරු සෝබන“ කියලයි. (නි)

:       0       0

පනාගොඩ Saturday, 08 December 2012 06:50 PM

ඉතාලි ඉන්න ලංකාවේ අයට ආපහු ලංකාවට ආවහම මේ ලෙඩේ උත්සන්න වෙනවා. (නි)

:       0       0

රොහාන් Saturday, 08 December 2012 05:44 PM

අයියෝ ඉංග්‍රීසි

:       0       0

ප්‍රසන්න Tuesday, 11 December 2012 06:45 AM

විකාර වැඩ

:       0       0

දොන් Thursday, 13 December 2012 07:55 AM

අරන් හදාගත්ත ළමයෙක් වෙන්න බැරිද? (නි)

:       0       0

කැලුම් Thursday, 13 December 2012 07:18 AM

සාධු.... සාධු.... හොදම වැඩේ . ගොඩ සුද්දට (දී)

:       0       0

සස Wednesday, 12 December 2012 03:18 PM

අනේ අපොයි කියන්න දෙයක් නැහැ. මොකද මේවා දැන් හැමතැනම වෙනවා. බිත්තර කටු හොයන්න වෙයි වගේ (දී)

:       0       0

අචිනි Wednesday, 12 December 2012 01:08 PM

අද අපේ රටේ සදාචාරයක් නැතිකමිනුයි මෙහෙම වෙලා තියෙන්නේ. (නි)

:       0       0

කැලුම් Wednesday, 12 December 2012 11:55 AM

මට නම් හිතෙන්නේ ළගදී පො‍හොසත් වුණු කෙනෙක් කියලයි. (නි)

:       0       0

මධුගී Wednesday, 12 December 2012 10:46 AM

නියමයි. (නි)

:       0       0

ලකී Tuesday, 11 December 2012 05:50 PM

ඉතිං අම්මා දරුවා එක්ක ඉංග්‍රීසියෙන් කතා කළහම මොකද වෙන්නෙ? දරුවට හුරු කරනවා වෙන්න ඇති. නිකන් පොශ් වෙන්න හදන අයට නම් කවුරුත් කැමති නැහැ තමයි. මේවට හිනාවෙන්නෙ මොන වගේ මානසිකත්වයකින්ද කියලා මට හිතාගන්න බැහැ. (නි)

:       0       0

තාරක Tuesday, 11 December 2012 09:13 AM

බොරු සෝබන ඇති කොළඹ අයට පාඩමක්... (නි)

:       0       0

රොෂාන් Saturday, 08 December 2012 05:39 PM

සුපිරියි. නියම පුතෙක්. අම්මට හොද වැඩේ. (නි)

:       0       0

රමණි Monday, 10 December 2012 07:48 PM

නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොද පාඩම්... (නි)

:       0       0

රත්නේ Monday, 10 December 2012 06:31 PM

සමහරුන්ගෙ කමෙන්ට් වලට හිනත් යනවා. (දී)

:       0       0

බණ්ඩාර Monday, 10 December 2012 06:15 PM

මටනම් ඉතින් හිනා යනවා (දී)

:       0       0

කුමාර Monday, 10 December 2012 04:32 PM

හොද වැඩේ.... හොද වැඩේ (දී)

:       0       0

රුවන් Monday, 10 December 2012 09:57 AM

අන්න නියම කතාවක්. අපේ දේ කලානම් ඉවරනේ (දී)

:       0       0

රාජ් Monday, 10 December 2012 09:27 AM

වලිගෙ නහගන්න යනවනේ (දී)

:       0       0

මිලානෝ Monday, 10 December 2012 04:30 AM

නොදන්නා දේට වඩා අපී දේ වටිනවා නේද (දී)

:       0       0

සිල්වා Friday, 07 December 2012 12:20 PM

ළමයාගේ අම්මා වෙන කෙනෙක්ද ? (ස)

:       0       0

අකිල Friday, 07 December 2012 07:51 PM

‘ඉන්න ටැක්සි‘ නෙමෙයි ‘බයි අ ටැක්සි‘ (ස)

:       0       0

ලීල් Friday, 07 December 2012 07:37 PM

ළමයගේ අම්මා ඉංග්‍රීසි කාන්තාවක් වෙන්න උත්සාහ ගන්නවා වගෙයි මට පේන්නේ (ස)

:       0       0

රෝහණ Friday, 07 December 2012 03:47 PM

අයියෝ සල්ලි

:       0       0

උදය Friday, 07 December 2012 03:36 PM

උසස් වීමක් (දී)

:       0       0

රසික Friday, 07 December 2012 02:32 PM

ඔය හරි බන්ඩාර (ස)

:       0       0

රත්න Friday, 07 December 2012 02:19 PM

" ඉන් අ ටැක්සි නෙමේ බයි අ ටැක්සි". නේද ??(ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 07 December 2012 02:04 PM

ළමයෙකුට බැලුමක් අරන් දෙන්නවත් අකමැති අය ඕනිතරම් ඉන්නවා (ස)

:       0       0

බන්ඩාර Friday, 07 December 2012 01:24 PM

මේ ළමයේ දෙමාපියෝ ගෙදර කතාකරන විදිය වෙන්න ඇති (ස)

:       0       0

මුතුකුඩ Friday, 07 December 2012 11:02 PM

ළමයාගේ අනාගතයට දෙයියන්ගේම පිහිටයි. (නි)

:       0       0

වරුණ Friday, 07 December 2012 12:14 PM

මට හිනා යනවා (දී)

:       0       0

සජී Friday, 07 December 2012 11:34 AM

අනේ පව් ඉතික් , ඔය වගේ බොරු සෝබන පෙන්වන්න හදන අය අද සමාජයේ කොච්චර ඉන්නවද ? (ස)

:       0       0

නදීක Friday, 07 December 2012 10:58 AM

අම්මගේ පණ්ඩිතකමට පුතාගෙන් හොඳ පාඩමක් (ස)

:       0       0

ගිහාන් Friday, 07 December 2012 10:59 AM

පුතාගෙන් අම්මට හොඳ පාඩමක් (ස)

:       0       0

රොහාන් Friday, 07 December 2012 10:30 AM

මට මතක් වෙන කොටත් හිනා යනවා දී)

:       0       0

රුවන් Friday, 07 December 2012 10:24 AM

මේ කතාව මීට ඉස්සර මම කියවල තියෙනවා (ස)

:       0       0

ශලනි Friday, 07 December 2012 09:33 AM

විකාර වැඩ (දී)

:       0       0

සරත් Friday, 07 December 2012 09:13 AM

හිනාත් යනවා, දුකත් හිතෙනවා. (නි)

:       0       0

බණ්ඩාර Friday, 07 December 2012 11:17 PM

මේ ළමයා ගෙදර කතාකරන්නේ සිංහල වෙන්න ඇති. (නි)

:       0       0

සෑම් Friday, 07 December 2012 11:12 PM

චන්ද්‍රසිරි, ළමයි ඉල්ලන හැමදේම දියයුතු නැහැ. අඬන අඬන වාරයක් පාසා කිසිදෙයක් අරන් දෙන්නත් හොඳ නැහැ. එතකොට ළමයා දෙමාපියන්ට ඕන විදියට හදාගන්න බැහැ. දෙමාපියන් ළමයට ඕනෑ විදියටයි හැඩගැසෙන්නේ. (නි)

:       0       0

ප්‍රසාද් Saturday, 08 December 2012 02:05 AM

ඒකනේ අපි සුද්ද සිංහලෙන්ම කතා කරන්නේ (ස)

:       0       0

අමිල කටුනායක Saturday, 08 December 2012 06:31 AM

එහෙම වෙන්නේ ඇයි.. අයි ඩොන්ට් නෝ වයි.?(නු)

:       0       0

නන්දන Saturday, 08 December 2012 07:03 AM

මේ කතාව මීට අවුරුදු ගණනකට කලින් මම අහලා තියෙනවා.. පුවත්පතකින්ම.(නු)

:       0       0

සිරිපාල Saturday, 08 December 2012 09:08 AM

ඉංග්‍රීසි කතා කරනකොට හිනා වෙන්නේ මෙන්න මේ වගේ මෝඩයෝ.....කවදාවත් සුද්දෙක් හිනාවෙන් නෑ සිංහලයෙක් ඉංග්‍රීසි කතා කරලා වැරදුනාට.....මමත් නියම ගමේ සිංහලයෙක්....ඒත් එදිනෙදා වැඩ කර ගන්න රටේ සමාජෙ වෙනස් වීම දියුණුවත් එක්ක තව භාෂාවන් ඕන වෙනවා... (ස)

:       0       0

ශාන් Saturday, 08 December 2012 09:45 AM

අකිල පණ්ඩිත වෙන්න එපා. එකම දේ ප්‍රකාශ කරන්න පුළුවන් ආකාර කිහිපයක්ම භාෂාවක තියෙනවා (ස)

:       0       0

සහන් Saturday, 08 December 2012 09:41 AM

අකිල , රත්න , දන්න දෙයක් කතා කරන්න (ස)

:       0       0

දයා,සවුදි. Saturday, 08 December 2012 10:03 AM

අම්මා ව්‍යක්ත ඉංග්‍රීසි උගැත්තියක් වියහැකි ලෙසම දරුවා ඉංග්‍රීසි දැනුම ඉතා අඩු අයෙක් වියහැකිය. (නි)

:       0       0

ලලිත් Saturday, 08 December 2012 11:51 AM

හොද උත්සාහයක්. ඔය භාෂාව නැතුව අද අපේ රටේ සුපර් මාර්කට් එකකටවත් යන්න පුලුවන්ද? (නි)

:       0       0

හසිත Saturday, 08 December 2012 11:54 AM

නොදන්නා දේට වඩා දන්නා දේ හොදයි

:       0       0

ප්‍රියන්කර Saturday, 08 December 2012 12:20 PM

අම්මගේ අතේ සල්ලි නැතිව ඇති . ඒකයි බැහැල යන්න ඇත්තේ (ස)

:       0       0

ප්‍රසන්න Saturday, 08 December 2012 12:24 PM

විහින් පටි රෝල් කර ගැනීමක්. මේක උද්දච්ච සැමට හොඳ පාඩමක් (ස)

:       0       0

හේරත් Saturday, 08 December 2012 02:32 PM

නෝටි නෝනා.... (නි)

:       0       0

හේරත් Saturday, 08 December 2012 04:14 PM

නියම වැඩේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site