(වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න)
අවුරුදු උත්සවයක පැවති තරග අතර බිත්තර ඇල්ලීමේ තරගයේදී තම්බපු බිත්තරයක් හුවමාරු වූ සිද්ධියක් ගැන නාගරික ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.
සිද්ධිය මෙසේය.
එය නගරබද ප්‍රදේශයක පැවති අවුරුදු උත්සවයකි. පැරණි ජන ක්‍රීඩා රැසක් එහි සංවිධානය කර තිබූ අතර, බිත්තර ඇල්ලීමේ තරගයක්ද ඒ අතර විය.
තරගය සඳහා ඉදිරිපත් වූ තරුණ ජෝඩුවලට සංවිධායකයන්ගෙන් තරගයට අවශ්‍ය බිත්තර ලැබී ඇත. තරගය කෙමෙන් උණුසුම් වෙද්දී සමහරු බිත්තර බිඳගෙන ඇඳුම්වල තවරාගැනීම නිසා වෙනත් ඇඳුම් ඇඳ ගැනීමටත් සිදුවී ඇත.
තරගයට එක්වූ පිරිස අතරින් දෙන්නා දෙන්නා පරාජය වී තරගයෙන් ඉවත් වෙද්දී දෙදෙනෙක් අතර හුවමාරු වූ බිත්තරයක් ගැන අවධානයෙන් සිටි සංවිධායකයකුට සැකයක් ඇතිවී තිබේ. හේතුව බිත්තරය බිම වැටුණත් එය බිඳී නොගිය නිසාය. පසුව දෙදෙනා අතර හුවමාරු වූ බිත්තරය තවදුරටත් පරීක්ෂා කරද්දී එය තම්බපු බිත්තයක් බව හෙළිවී ඇත. බිත්තරය මාරු වුණේ කෙසේ දැයි විමසද්දී බිත්තර ළඟ තිබූ හෝටලයකින් ගෙනා නිසා අතපසුවීමකින් තම්බපු බිත්තරයක් බිත්තර ගොඩට එක්වන්න ඇතැයි කොටසක් කියා ඇත. එහෙත් පරාජය වූ අය එය නොපිළිගත් නිසා තම්බපු බිත්තරය තරගයෙන් ඉවත් කර අලුත් බිත්තරයක් තරගකරුවන්ට ලබාදී තරග කොන්දේසි පනවා ඒ අනුව තරගය නැවත පවත්වන්නට තීරණය කර තිබේ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නොබිඳෙන බිත්තරය තරගය අවුල් කරලා