X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


නෝට්ටු දෙකක් පැටලී හිඟන්නාට ලොතරැයියක් වැටිලා

පළාත් පාලනයට සම්බන්ධ ආයතනයක මාණ්ඩලික නිලධාරියකු ලෙස සේවය කොට විශ්‍රාම ලැබූ ඔහු හැමදාම උදේට නිවෙස අසල පිහිටි වෙළඳසලට උදෑසනම යන්නේ පුවත්පත් කියවීමටය.


පසුගියදා එහි පැමිණි මොහොතේ කඬේ මුදලාලි කීවේ අපූරු කතාවකි.


උදෙන්ම තේ බොන්න ආපු හිඟන මනුස්සයෙක් රුපියල් දාහක් මාරුකරගෙන තේ බිව්වා. මේ උදේ පාන්දරම දාහෙ කොළයක් කොයින්ද ඇහුවම මහත්තය උදේ පාන්දරම රුපියල් දාහෙ කොළයක් පිනට ලැබුණ කියල ඒ මහත්තයටත් පිං දුන්නා”


උදේ හිඟන්නෙක් නිවෙසට ආ බවත් තමා ඔහුට රුපියල් පනහේ කොළයක් දුන් බවත් සිහි වී තම මුදල් පසුම්බිය විවෘත කොට බැලූ ඔහුට දෙවියන් සිහිවිය.


තම පසුම්බියේ රුපියල් පනහේ කොළයක් සහ රුපියල් දහසේ කොලයක් තිබූ අතර පනහේ කොලය එලෙසම තිබිණ. හිඟන්නාට වැරදීමකින් දී ඇත්තේ දහසේ කොළයයි. තමා කලබල වූ බව දත් මුදලාලි “ඇයි මහත්තයා” කීවෙන් ඔහු “අසරණ මනුස්සයනෙ මුදලාලි. ඒකයි මම දාහක් දුන්නෙ” කීවේ බොරු සිනහවක් මවා ගෙනලු.

(තිහගොඩ උපසේන ලියනගම)



අදහස් (0)

නෝට්ටු දෙකක් පැටලී හිඟන්නාට ලොතරැයියක් වැටිලා

තුෂාරී Friday, 19 August 2016 07:47 AM

පව්,නැති බැරි කෙනෙකුට නේ දීලා තියෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්...ඒ වුනත් හිඟන මනුස්සයා නම් දවස පුරාවටම හිඟා කාලා හරි දවසේ වියදම පියවා ගනී.නමුත්.....විශ්‍රාමිකයා..ලැබෙන්නෙත් සොච්චමයි. මට නම් හිතෙන්නේ හිඟන්නාගේ පාත්‍රයට හෙනහුරා වැටිලා තියෙන්නේ උදේ පාන්දරිම සල්ලි දුන්න මහත්තයාගෙයි...හිත හොඳ අයට තමයි මේ වාගේ ඇබැද්දි වෙන්නෙත්....(බ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 19 August 2016 08:00 AM

පළාත් පාලනයට සම්බන්ධ ආයතනයක මාණ්ඩලික නිලධාරියකු ලෙස සේවය කරපු මේ මහත්තය ඒ කාලෙදිත් මේවගේ පින් කටයුතු වල යෙදුනද ? වෙන්න බැහැ (බ)

:       0       0

අනිල් ගාමිණි Friday, 19 August 2016 08:53 AM

ඔබතුමාත් මේ සම්මේලනයට සහභාගී වුනානම් වටිනවා නේද?(හේ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 19 August 2016 09:58 AM

මේ තවත් එක කතාවක් , දවසක් හිඟන්නෙක් ඇවිත් ඇත පෑවම ගෙදර ලොක්ක කිවලු අනේ උන්නැහේ මාරු නැහැනේ දාහක් තියෙන්නේ කියල , ඒ පාර හිඟන මනුස්සය කිවලු මාරු කොරගන්නනම් මගේ ළග සල්ලි තියෙනවා කියල , ඒ පාර ගෙදර ලොක්ක කිවලු හා එහෙනම් රුපියල් සීයක්ම අරගෙන මට නවසීයක් දෙනවා කියල , ගෙදර ලොක්කව විස්වාස කොරල හිඟන මනුස්සය කිවලු එහෙනම් මහත්තයෝ ඔය දාහේ කොලේ මේ මදිස්සලේට දාල මහත්තයම නවසීයක් ගැනල ගන්න කියල මඩිස්සලේ දීල ගෙදර ලොක්ක මහා කපටිය කුණු ලෝබය , දාහේ කොලේ අර මනුස්සයට පෙන්නම දාහේ කොලේ දාල පනහේ කොළ සියේ කොළවලින් මේ මනුස්සය එක්දහස් දෙසියක්ම අරගෙන ඔන්න එහෙනම් මම නවසීයක් ගත්ත කියල සාක්කුවේ දාගෙන , අර අහිංසක මනුස්සය අදටවත් දන්නවද දන්නේ නැහැ කරාපු කැත වැඩේ , කාගේ ඇස් වැහුවත් ගෙදර නොනැගෙන් බේරෙන්න බැහැ කිනවනේ හිඟන මනුස්සය ගියගමන් නෝනා සාකුවට බැහැල සල්ලි ගනින කොට වැඩේ මාට්ටු , අදටත් මතක් වෙන වෙන ගානේ ගෙදර නොනගේන්නම් බේරිල්ලක් නැහැ ගෙදර හොර දෙටුවට , ඔන්න නියම හින්ගන්නේගේ පාත්තරේට වැටුන හෙනහුරා , කොබෙයිගනේ පැත්තේ කාගෙන් හරි අහුවොත්නම් නොදැන ඉන්න විදියක් නැහැ හරිය (අ)

:       0       0

සීපා Friday, 19 August 2016 03:45 PM

බැද්දේ එක්කෙනෙක් කැරකිලා,කැරකිලා එන්නෙම අර කුරුල්ලෙකුගේ නමක් තියන තැනටම නේ.කරුමේ..! කරුමේ...! (අ)

:       0       0

ජනහිත Friday, 19 August 2016 10:26 PM

ඇත්තටම මේ නෝට්ටු දෙකම එකවගේ තමයි. එක දවසක් මම කෙනෙකුට දුන්නා රු. 1,000ක් උවමනා දේවල් ගන්න. පස්සේ ඒ අය ආපහු ඇවිත් කිවුවහමයි දැනගත්තේ ඒ දීලා තියෙන්නේ රු.50ක් බව. (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 21 August 2016 04:37 AM

කුරුල්ලා ඉතින් බැද්දට ගියත් බැද්ද කුරුල්ලා ලඟට ගියත් මේ දෙකම තමන්ගේ නෙවෙයිනම් මොකට කම්පා වෙනවද දෙයියෝ ,(රේ)

:       0       0

පද්මිනී Sunday, 21 August 2016 04:53 AM

ජයා , ඔයාගේ නෝනාගෙන් මේ ගැන සියලු විස්තර දැනගන්ට පුළුවන් වෙයි නේද. (රේ)

:       0       0

මහේෂ්- ඩුබායි Sunday, 21 August 2016 01:07 PM

රුපියල් දාහට එක්දහස් දෙසිය පනහක් අරගෙන තියෙන්නේ අපේ පිටබැද්දර ජයා වගේ .(රේ)

:       0       0

නිශාන්ත Monday, 22 August 2016 07:10 AM

උදේ පාන්දරම ලොකු පාඩුවක්! (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 22 August 2016 09:41 AM

අනේ මන්ද මොනවා කියනවද කියල ? මම තාම තනිකඩය ඉතින් කොහෙද නෝනලා ? ඕනෙනම් අපේ රුපවතියගෙන් දැනගන්න පුළුවන් කතන්දරේ ඉතුරු ටික (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site