කොළඹට නුදුරු පෞද්ගලික ආයතනයකි. මෙම ආයතනයට මාසිකව සුළු අත්මුදල් වශයෙන් රුපියල් පනස් දහසක මුදලක් ප්‍රධාන කාර්යාලයෙන් ලැබිණි. එම පෙටි කෑෂ් භාරව සිටියේ නිලධාරිනියකි. දිනක් ඇයගේ මේසය මත මැස්සන් දෙදෙනෙක් සිටි අතර ඇයගේ මුහුණේද උන් වැසූහ.
සේවකයකුට කථා කළ ඇය මේ මැස්සෝ දෙන්නව මරලා දාන්නකෝ. මුන් මගේ කටෙත් වහනවා යැයි පැවසුවාය. උන්ව මරන්න මට වෙලාවක් නැහැ මිස්. මට අතුගාන්නයි, ඔෆීස් එක ශුද්ධ කරන්නයි තියෙනවා ඔහු කීය. ස්වල්ප වේලාවක් කල්පනා කළ ඇය ඔය මැස්සෝ දෙන්නව මරනවාට මම රුපියල් පන්සීයක් දෙනවායි පැවසුවාය.
මවිතයට පත් සේවකයා ඇතුගෑම නවත්වා මැස්සන් දෙදෙනා ඇල්ලීමට උත්සුක විය. විනාඩි දහකින් එක් මැස්සෙක් ඇල්ලූ සේවකයා ඌ පොලොවේ ගසා මරා දැමීය. තවත් විනාඩි කිහිපයකදී ඔහු අනෙකාද මරා දැමුවේය. මැරුණු මැස්සන් දෙදෙනා නිලධාරිනියට පෙන්වූ විට ඇය ඔහු අමතා මට කඬේකින් හිස් බිලක් ගෙන්නැයි කීවාය.
හඳුනන වෙළඳසලකින් හිස් බිලක් ගත් සේවකයා එය නිලධාරිනියට දුන්නේය. ඇය හිස් බිල රැගෙන වැසිකිළි පිරිසිදු කිරීමට ගන්නා විෂබීජ නාශක බෝතල් දෙකක නම එහි සඳහන් කර බිලේ වටිනාකම රුපියල් දහසක් යනුවෙන් කළාය. ලාච්චුවෙන් රුපියල් දහසක් ගත් ඇය සේවකයාට රුපියල් පන්සීයක් දී අනෙක් පන්සීය තම මුදල් පසුම්බියට දමා ගත්තාය.
ක්‍රිස්ටෝපර් සීපියන්
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නෝනගෙ මැස්සො දෙන්නා මරන්න 500 යි: පගාව 500 යි