(මාවතගම කාන්චන මාලා බණ්‍ඩාර)
මාවතගම වෙළෙඳ සැලකින් බඩු මිලදී ගන්නට පැමිණි කාන්තාවකගේ බඩු මල්ලට බලෙන් රිංගා සිටි බල කරෝලයාට මුදලාලි කෝටුපාරක් දී ආපසු කඩේටම කැඳවාගෙන ඒමේ සත්‍ය සිදුවීමක් මාවතගමින් වාර්තාවෙයි.
එදින ඉරිදා දිනයක් නිසාම එම වෙළෙඳ සලේ බඩුමිලදී ගැනීමට ආ පිරිස වැඩිවී තිබුණි.
ඒ නිසාම එහි සේවකයන්ට ද ඉස්පාසුවක් තිබුණේම නැත.
මුදලාලි බිල් ලියමින් එම භාණ්‍ඩවල ලේඛනය සේවකයන්ට කියවන්නට විය. බඩු මිලදී ගෙන යන්නෝද ගැනීමට එන්නෝද ඒ අතර වූහ.
මුදලාලි එක් කාන්තාවක් තමා මිලදී ගත් බඩු මල්ල අමාරුවෙන් ඔසවාගෙන යන ආකාරය දෙස ඇස යොමු කළේ බිල ලියනගමන්මය.
මල්ලෙන් එළියට තිබූ කරෝල කූරියා දෙසට මුදලාලිගේ ඇස යොමු වූයේය. ඇය කරෝලයකු මිලදී නොගත් බව මුදලාලිට සිහිවන්නට වැඩිවෙලාවක් ගතවූයේ නැත. පුටුවෙන් නැගී සිටි මුදලාලි කඩයේ තිබූ කරෝල ගොඩ දෙස බැලුවේය.
එහි තිබු ලොකුම බල කරෝලයා දක්නට නොවීය. මුදලාලිට ගණදෙවි නුවණ පහළ විය. කඩේ බල්ලන් එළවීම සඳහා පුටුව අසල තබා තිබූ වේවැල රැගෙන කාන්තාව පසු පස හඹා ගිය මුදලාලි.
කරෝළයෝ උඹ මටත් හොරෙන් නෝනගෙ මල්ලට පැන්නා නේද කැතයි කැතයි... කරෝලයාගේ වලිගයෙන් උස්සා කෝටු පහර දෙකක් දුන් මුදලාලි කාන්තාව දෙසවත් නොබලා කරෝලයා රැගෙන කඩේට ගොඩවිය.
කාන්තාව විලියෙන් ඇඹරෙන්නට වුයේ මහ මග යන එන අය මේ සිදුවීම දුටුවාද යන සැකයෙනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නෝනාගේ මල්ලේ කරෝලයාට මුදලාලිගෙන් කෝටුපාර
Pradeep Saturday, 16 May 2020 02:36 AM
අපුරු දඬුවමක්.
Thilina Tuesday, 19 May 2020 02:53 AM
මේ කතාව අපි පොඩි කාලෙත් අහලා තියෙන එකක්.