(තිහගොඩ උපසේන ලියනගම)
පගා ගැනීමක් පිළිබඳව පැමිණිල්ලක් කිරීමට ගිය පුද්ගලයකු ග‍්‍රාම නිලධාරීවරයාට පගා දීමට තැත් කිරීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ දුෂ්කර ගම්මානයකිනි. ප‍්‍රදේශයේ රක්ෂිත වනාන්තරයක වූ දොළ පාරක අනවසර මැණික් ගැරීමේ සිද්ධියක් පිළිබඳව ග‍්‍රාම සේවක නිලධාරියාට පැමිණිලි කිරීමට පැමිණි ඔහු කියා සිටියේ මේ නීතිවිරෝධී කාර්ය සෙවීමට යන නිලධාරීන්ට එම පුද්ගලයා පගාව දෙමින් වැඬේ දිගටම කරගෙන යන බවයි.
”රාලහාමි මේකට අවංකවම මැදිහත්වෙලා රාජකාරි කරන්න. මේ වැඬේ නිසා දොළ පාරේ වතුර හිඳිලා. මඩ මතුවෙලා. පහළ ඉන්න අපට වතුර ගැනීම ප‍්‍රශ්නයක් වෙලා.” කී ඔහු ”මේක හරියට කළොත් අපි රාලහාමිට සලකනවා” කියමින් සාක්කුවට අත දමා රුපියල් දහසේ නෝට්ටුවක් මිට මොලවා ඔහුට දිගු කළේ තරමක බියකිනි. ”හරි ෂෝක්... පගාව නවත්තන්නත් පගාව දෙන්න හදනවා.” ග‍්‍රාම සේවක කීවෙන් ඔහුට තරු පෙනුණාලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පගාව ගැන පැමිණිල්ල කරන්න ගිහින් පගාව දෙන්න හදලා