X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


පදම වැඩිවී බාගෙට හෙලුවෙන් ඇවිත් අල්ලපු ගෙදරට තට්ටු කරලා

රාත්‍රී සාදයකට සහභාගිවී පැමිණි අයකු අඩ නිරුවතින්ව වැරදිමකින් තමන්ගේ ගෙදර  යැයි සිතා අල්ලපුගෙදරට තට්ටු කර අකරතැබ්බයකට මුහුණ දුන් සිද්ධියක් නාගරික ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.


 ඔහු මිතුරන් පිරිසක් සමඟ රාත්‍රි පැවති සාදයකට එක්වී ඇත. බොහෝ රෑ බෝ වෙනතුරු පැවති සාදය  අවසන් කර මිතුරන් සමග වාහනයකින්  පැමිණ නිවස අසලින්ම බැස ඇත.


එක සමාන නිවාස පෙලක එක් නිවසක ඔහු පවුලේ අය සමග ජීවත්වී ඇත.


තමන්ගේ නිවස  ඉදිරිපිටට පැමිණ ඇතැයි සිතූ ඔහු දොරට තට්ටු කර “නෝනා මම දොර අරින්න” යැයි කියා ඇත. ගේ තුලින් කිසිදු ප්‍රතිචාරයක් නැති නිසා තව වරක් මහ හයියෙන් දොරට තඩිබෑ පසු වයස් ගත කාන්තාවක් දොර ඇර “කවුද ඔයා” මොකද මේ මහ රෑ දොරවල්වලට ගහන්නේ” යැයි කියා ඇත. ඔහු ගැලවූ කමිසයත් අතේ තබාගෙන වැනි වැනී සිටි නිසා මහත්සේ බියට පත්වූ කාන්තාව කෑ ගසද්දී “අනේ ඇන්ටි මම අහවලා කෑ ගහන්න එපා” මට ගෙදර වැරදුණා  මට සමාවෙන්න.යැයි කියා ඇත. 


අසල්වැසියෙකු වූ ඔහු කවුදැයි කාන්තාව  දන්න නිසා බලන්ඩ ඔයා කරපු වැරැද්ද. මම විතරයි ගෙදර ඉන්නේ. කවුරු හරි දැක්කනම් මොනව නොකියයිද? ඉක්මනට ගෙදරට යන්න ගෙවල් දෙකක් පහුකරලා ඔයා ඇවිත් තියෙන්නේ යැයි කී පසු හෙමින් සීරුවේ ගෙදර සොයාගෙන ගොස් ඇත්තේ මතක හිටින පාඩමක්ද ඉගෙන ගෙනය. 


 (වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න)



අදහස් (0)

පදම වැඩිවී බාගෙට හෙලුවෙන් ඇවිත් අල්ලපු ගෙදරට තට්ටු කරලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site