පදමට මත් වූ මිතුරන් දෙදෙනෙක් මාතර බලා යාමට ඉකුත් 20 දා රාත්‍රී කොට්ටාව මාකුඹුර අධිවේගී බස් නැවතුම්පොළට පැමිණ ඔවුන් රැගෙන ආ බඩු පාර්සල් මාතර බස් රථයකට දමා ගාල්ල බස් රථයක නැග ගාල්ලට යාමේ පුවතක් මාකුඹුර බස් නැවතුම්පොළෙන් වාර්තා වෙයි.
මාතර ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවන් ලෙස රැකියාව කරන අතර ඔවුන් මීට දින කීපයකට පෙර මෙහි එක් අයකුගේ හෝමාගම හල්බරාව ප්‍රදේශයේ පදිංචි දියණියගේ නිවසේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා පැමිණ ඇත. දින කීපයක් නිවසේ වැඩ කර පසුගිය 20 වනදා රාත්‍රී නැවත ගමට යාමට සුදානම් වී තිබේ. එම අවස්ථාවේ දියණිය විසින් රුපවාහිනී යන්ත්‍රයක්, ගෑස් ලිපක් ඇතුළු වටිනා භාණ්ඩ කීපයක් ගමට ගෙනයාම සඳහා සුදානම් කර දී ඇත. ඔහු එම බඩු පාර්සල් රැගෙන තම මිතුරා සමඟ ත්‍රී රෝද රථයකින් ඉකුත් (20) මාකුඹුර බස් නැවතුම් පොළට පැමිණ තිබේ. එහි පැමිණෙන අතරතුර මත්පැන් බෝතලයක් රැගෙන දෙදෙනා මත්පැන් පානය කර ඇත. පදමට මත් වූ ඔවුන් රාත්‍රී 8ට පමණ බස් නැවතුම් පොළට පැමිණ රැගෙන ආ පාර්සල් මාතර බලා යාමට සුදානම්ව තිබූ බස්රථයේ පාර්සල ගබඩා කරන ස්ථානයේ ගබඩා කර එක් පුද්ගලයෙක් සිගරැට්ටුවක් රැගෙන ඒම සඳහා පිටව ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා බස් රථය තුළ ඉඳගෙන තිබේ. පසුව සිගරැට්ටුව රැගෙන ආ සගයා ද ඔහු අසලින්ම ඉඳගෙන ඇත. අනතුරුව බස් රථය ගමන් ආරම්භ කර ඇති අතර අතරමග දී බස් රථයේ කොන්දොස්තර මහතා ටිකට් පත ලබා දී ඇත. ටිකට් පතේ ගාල්ල යනුවෙන් සටහන් වී තිබීම නිසා දෙදෙනාටම දෙයියෝ සිහි වී ඇත.
පසු දින ඔහුගේ හිතවතෙකු මාර්ගයෙන් මාකුඹුර අධිවේගී බස් නැවතුම්පොළේ නිලධාරියෙකුට මේ පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව එහි නිලධාරියා විසින් අදාළ බස් රථය සොයා එම පාර්සලය ලබාදීමට කටයුතු කර තිබේ.
(හෝමාගම ප්‍රියන්ත ජයලත්)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පදමට ගහලා ඇවිත් බඩු බෑගය මාතරට ගමන ගාල්ලට