(වියලුව වාර්තාකරු)
පදම ඉක්මවා අරක්කු පානය කර ගමේ පොලීසියේ ස්ථානාධිපතිවරයාට දුරකතන ඇමතුමක් දී සෙට් වෙන්නට ආරාධනා කළ පුද්ගලයකුට පොලිස් කූඩුවේ ලගින්නට සිදු වූ බව කියවෙන පුවතකි.
සිද්ධිය මෙසේය.
දිනය- ඉකුත් 16 වැනිදාය.
ස්ථානය - කන්දකැටිය පොලිස්ස්ථානයයි.
අලුතින් පත්ව ආ පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරි දුරකතනයට ලැබුණු ඇමතුමකි. ඉන් ලැබුණේ අපූරු යෝජනාවකි.
‘‘සර් මං මගෙ ළඟ බෝතලයක් දෙකක් තියෙනවා හවසට සෙට් වෙමුද ?’’
‘‘ඔව් සෙට් වෙමු. එන්නකො පොලීසියටම’ දුරකතන ඇමතුමෙන් කලබලයට පත් විය යුතු වුවත් කිසිදු කලබලයක් නොපෙන්වූ අත්දැකීම් බහුල ස්ථානාධිපතිවරයා පවසා සිටියේ තමුන්ට අඩියක් ගසන්නට ආරාධනා කරන මේ අපූරු පුද්ගලයා කව්දැයි දැන ගැනීමේ නොතිත් ආශාවෙනි.
‘‘හැබැයි සර් මටත් පොඩි උදව්වක් කරන්න ඕනෑ. මේ දවස්වල පෙට්‍රල්‍් ටිකක් හිඟයි. මට සෙඩ් එකෙන් පෙට්‍ර්ල් ටිකක් අරන් දෙන්න ඕනෑ’’ පදමට ගැසූ පුද්ගලයාගෙන් යලිත් ඉල්ලීමකි.
‘‘හරි හරි ඔයා තෙල් ගෙනියන්න බූලි දෙකකුත් අරගෙන පොලීසියට එන්නකෝ. ස්ථානාධිපතිවරයාගෙන් ලැබුණේ අපූරු පිළිතුරකි.
ගතවූයේ මොහොතකි. ඉන්ධන ලබා ගැනීම සඳහා හිස් බූලි දෙකක්ද රැගත් සරමකින් සැරැසුණු මැදිවියේ පුද්ගලයකු පොලිස් ස්ථානයට පැමිණියේ ඇවිද ගන්නවත් වාරු නැති අන්දමිනි.
පදමට ගසා තමුන්ට අරක්කු පානය කරන්නට යෝජනා කරන්නට තරම් හයිකාරකමක් ඇති මේ පුද්ගලයා දැක ගැනීමේ නොතිත් ආශාවෙන් පෙළුණු ස්ථානාධිපතිවරයාගේ ඇස් උඩ ගියේ පුද්ගලයා සිටි තත්ත්වය දැකීමෙනි.
මත්පැන් පානය කොට පොලිසියට පැමිණ නන්දොඩවමින් සිටි පුද්ගලයාට අර්ථයෙන්ධර්මයෙන් දේශනා කරන්නට ගිය ද ඉන් දමනය වූයේ ඔහු නොවේ. දිගින් දිගටම ඔහුගේ කරච්චලය සීමාව ඉක්මවා යන්නට වීම හේතුවෙන් අවසානයේ නීතිය ක්‍රියාත්මක කළ පොලිස් ස්ථානාධිපතිවරයා ඔහු පොලිස් කූඩුවට නැංවූයේ ඔහු කළ වරද අවබෝධ කර දෙමිනි.
බීමතින් පොලිස්ස්ථානයට පැමිණ කලහකාරීව හැසිරීමේ චෝදනාව යටතේ ඔහුට නඩු පවරා ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් දසනායක මහතාගෙන් විමසුවෙමු. ඔහු කතාව තහවුරු කළේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පදමට බීලා අලුත් ඕ.අයි.සී.ටත් සෙට් වෙන්න කතා කරලා