X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


පඹයාට ඉංගී‍්‍රසියෙන් කියන නම ඇසූ විට පියා අන්දමන්ද වෙලා

(ක‍්‍රිස්ටෝපර් සීපියන්)
සිවුවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක්, දිනක් පියා සම`ගින් නගරයට ගියේය. කුඹුරක සිටිනා පඹයකු දුටු ඔහු ”අප්පච්චි ආන්න පඹයෙක්” යැයි පවසා ”අප්පච්චි පඹයාට ඉංග‍්‍රීසියෙන් කියන්නේ මොකක්දැයි” විමසීය. පියා නිරුත්තර විය. පියා ඉගෙනගත් පාසලේ ඉංග‍්‍රීසි ඉගැන්නුවත් ඉංග‍්‍රීසි භාෂාවට ඔහුගේ ආශාවක් නොතිබූ නිසා ඔහු කළේ මිතුරන් සම`ග ඉංග‍්‍රීසි පංතිය මග හැරීමය. එනිසා ඔහුට ඉංග‍්‍රීසි ඉගෙනීමට නොහැකි විය. පුතා නැවතත් පැනය විමසීය. ”පඹයට කියන නම මතක නැහැ පුතේ පස්සේ කියන්නම්” පියා පැවසීය. නගරයට ගොස් ආපසු එන විටදී පඹයා දුටු පුතා, ”අප්පච්චි නම මතක් වුණාදැයි” විමසූවිට ”තවම මතක් වුණේ නැහැ පුතේ” හෙතෙම පැවසීය. නිවෙසට පැමිණි පියා තමා හඳුනන සිංහල උගන්වන ගුරුවරයෙක් හමුවී, ”සර් පඹයාට ඉංග‍්‍රීසියෙන් කියන්නේ මොකක්දැයි” විමසීය. ”ඒකනම් මට හරියට මතක නැහැ. සිංහල ඉංග‍්‍රීසි ඩික්ෂනරිය යාළුවෙක් ගෙනියලා” ඔහු පැවසීය. තවත් ගුරුවරයකුට දුරකථනයෙන් ඇමතූ විට ඔහු පැවසුවේ ”ඔය වගේ පොඩි වචන මතක් වෙන්නේ නැහැ.” යනුවෙනි. අවසානයේදී පාරේ ගමන් කළ ළමයකු දුටු පියා ”පුතා කීවෙනි පන්තියේදැයි” ඇසීය. ”මාමේ මම හත්වැනි පංතියේ” ළමයා පැවසීය. ”ස්කෝලේ ඉංග‍්‍රීසි උගන්වනවාදැයි” විමසූ විට ”ඔව් මාමේ” සිසුවා කීය. ”හොඳයි එහෙනම් කියන්න, පඹයට ඉංග‍්‍රීසියෙන් කියන්නේ මොකක්ද කියලා” යනුවෙන් ඇසූවිට, ”පඹයට කියන්නේ ස්කෙයාර් ක්‍රෝ කියලයි” සිසුවා පැවසීය. නිවෙසට පැමිණි පියා, පුතේ ”පඹයට කියන්නේ ස්කෙයාර් ක්‍රෝ” කියලයි. පවසා ජාම බේරාගත්තේය.



අදහස් (0)

පඹයාට ඉංගී‍්‍රසියෙන් කියන නම ඇසූ විට පියා අන්දමන්ද වෙලා

චන්ද්‍ර වීරසිංහ Friday, 27 February 2015 10:12 PM

පඹයාට ඉංග්‍රීසියෙන් effigy කියලත් කියනවා. ඉංග්‍රීසි භාෂාවේ වචන දැන ගන්න ඩික්සනරි මෙන්ම ත්‍රෙසරස් නමැති පොතුත් තිබෙනවා. ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට ත්‍රෙසරිස් පොතකුත් පරිශීලනය කළහොත් එයාලගේ වාග් ශක්තිය බොහෝ දුරට වැඩි වෙනවා (නදී)

:       0       0

සමන්ති Wednesday, 25 February 2015 04:08 PM

මෙය සිනහවකට ලක්විය යුතු කාරණයක් නොවේ.තමාගේ මවුබස නොදන්නවා නම් තමයි ගැටලුව. (නි)

:       0       0

කුමාි Wednesday, 25 February 2015 04:38 PM

රුචිර, ඔයා හරියට හරි. දරුවට ඕන දෙය කොහොම හරි ලබාදුන් තාත්තෙක් (නදී)

:       0       0

මලිති Wednesday, 25 February 2015 10:12 PM

තිවංක, ඔබේ අදහස මසුරන් වටිනවා. (නි)

:       0       0

සරත් Wednesday, 25 February 2015 10:44 PM

ඒ පියාට ස්තුතියි, මම දැනගත්තෙත් දැන්නේ. (නි)

:       0       0

සමන් Thursday, 26 February 2015 12:32 AM

පඹයාට එක නමක් නෙමෙයි, නම් ගොඩක් තිබෙනවා ඉංග්‍රීසියෙන් කියන (නි)

:       0       1

අශාන්ත Thursday, 26 February 2015 01:30 AM

බොහොම ස්තුතියි 7 වැනි පන්තියේ ළමයාට. (නි)

:       0       0

අරවින්ද Thursday, 26 February 2015 04:46 AM

සුමනා , හරි මමත් දැනගත්තේ මේ ලිපියෙන් තමා (නදී)

:       0       0

නුවන් Thursday, 26 February 2015 06:14 PM

මමත් මේ වචනය අහලා නැහැ. (නි)

:       0       0

ජයේ Friday, 27 February 2015 03:46 AM

කවුරු කවුරුත් නොදන්නා දේවල් ඕනෑතරම් තියනවා එ්ත් කවුද පෙන්නන්න කැමති ළමයි වගේ.(නදී)

:       0       0

චින්තක Friday, 27 February 2015 06:22 AM

එන්ගලන්තේ ස්කේය ක්‍රෝ කියල හදපු නමක් දාගෙන තියෙන්නේ කපුටන් බය කරන අර්ථයෙන්. අපේ කුඹුරු වල මොන කපුටෝද? මෙහෙ කියන්න වෙන්නේ ස්කෙයාර් රැබිට් වගේ එකක්. (නදී)

:       0       0

ලීනා Friday, 27 February 2015 02:15 PM

ඇත්තටම නොදන්නා දෙයක් ඉගෙන ගැනීම ඉතා වැදගත්. අපි කෙතරම් වයස ගියත් ඉගෙනීමට ඇති දේ බොහෝමය. තාත්තා කෙසේ හෝ තමා නොදත් දෙය පුතාට ඉගැන්නුවා. එය අප අගය කල යුත්තක්.තමා නොදත් දෙය දන්නා කෙනෙකුගෙන් ඉගෙනීම මහත්මා ගතියක් .පබයාට ඉංග්‍රීසියෙන් භාෂාවෙන් (hay-man) (පිදුරු මිනිසා ) කියාත් භාවිතා කරනවා. (අ)

:       0       0

විකුම් Wednesday, 25 February 2015 03:57 PM

අපි භාවිතා නොකරන වචන අපට අමතක වෙනවා. ඒක සාමාන්‍ය දෙයක් ඉතින්. කොහොමත් හොඳ තාත්තා කෙනෙක්. (නි)

:       0       0

ශාන් Saturday, 28 February 2015 06:12 AM

මේගොල්ලෝ මෙතන මේ බන කියනවා මම දන්න ඉස්කෝලේ මහත්තයෙක් කොළොඹ ලොකු පාසලක ඉංග්‍රීසි උගන්වන්නේ, ළමයෙක් අහලා නල දතට කියන වචනේ. අන්තිමට වචනේ හොයල දෙන්න වුනේ මට, (අ)

:       0       0

යසරත්න Saturday, 28 February 2015 06:31 PM

නොදන්නා දේ කාගෙන්හරි අහලා දරුවාට උත්තරය ලබාදුන් එක කෙතරම් අපුරුද? දරුවාට උත්තරය නොදුන්නා නම් ඒ දරුවා කොතරම් අපහසුවට ලක්වේද? (නි)

:       0       0

ශාන් Sunday, 01 March 2015 05:20 AM

යසරත්න මහත්තයෝ ඔබ හරි. නොදන්නා දේ කාගෙන් හරි අහලා දරුවාට උත්තරය ලබාදුන් එක හොඳයි. අපිත් ඒක කරනවා නමුත් මෙතන මම කියන්න උත්සාහ කලේ පොදුවේ අපේ ඉංග්‍රීසි දැනුම ටිකක් අඩුයි කියන එක විතරයි. (නදී)

:       0       0

චන්ද්‍රා Monday, 02 March 2015 12:07 AM

දරුවන්ට නොදන්නා බව පවසන්න හොඳ නැහැ.එතකොට හීනමානය ඇතිවෙනවා. උපක්‍රමශීලිව මේ වගේ කටයුතු කරලා ඉක්මනින් එය සොයාගෙන කියන්න වෙනවා. එහෙම නොවුණොත් මොකුත් නොදන්නා බොරුකාරයෙක් කියන හැඟීම ඇතිවෙනවා. (නි)

:       0       0

නිලුපුලී Monday, 02 March 2015 12:13 AM

දෙවන බස විතරක් නෙමෙයි, අපි හැමෝම පළමු බසෙත් පරතෙරට ගිහිල්ලා නැහැනේ. මේ වගේ දේවල් වෙන්න පුළුවන් (නි)

:       0       0

යොමාල් Monday, 02 March 2015 02:47 AM

නියම කතාවක්! (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 02 March 2015 03:43 AM

ශාන් මහත්තයෝ අපි ඉස්කෝලේ යන කාලේ අපේ නැටුම් ගුරුවරයා ළමයින්ට නටන්න ගැහුව බෙර පදයත්, කෘන්තක රදනක කෘන්තක රදනක රදනක රදනක අනුකාරයෙන්. අන්තිමේදී නැටුමේ අඩව්ව ඇල්ලුවේ චාර්වක පුරඃ චාර්වක කියල කස්තිරමක් අල්ලලා. (නදී)

:       0       0

සුසන්ත Monday, 02 March 2015 08:53 AM

මා දන්නා තරමින් පම්බයට කියන ඉංග්‍රීසි වචනය scare crow කියල. (නදී)

:       0       0

හිල්මි Monday, 02 March 2015 11:45 AM

චන්ද්‍රාමිස්, හීනමානය ඇතිවවෙන්නේ කාටද, සිසුවා හිතනවා ගුරුතුමා සියල්ල දන්නවා කියලා ගුරුතුමා හිතනවා සිසුවා මොනවත්ම දන්නේ නැහැ කියලා. ඉතින් කොහොමද අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ, මෙය ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ඇති දුර්වතාවයක්. අපි කැමතියි දැනුම අධ්‍යාපනය උගත්කම උපක්‍රමශීලි බව ආදිය කව්රුහරි වෙන වෙනම ටිකක් විස්තර ඇතිව පැහැදිලි කරනවානම්. (ර)

:       0       0

ශාන් Monday, 02 March 2015 12:03 PM

වීරසිංහ" මහත්තයෝ මොන ක්‍රමයකින් හරි ඔබේ නැටුම් ගුරුවරයා ළමයින්ට නටන්න ඉගැන්වුවානම් ඔහු සාර්ථක උපක්‍රමශීලි ගුරුවරයෙකි. අද දියුණු අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ, සාමාන්‍ය පිළිගත් මතය වෙන්නේ ගුරුවරයා කියාදෙන දේ සිසුවාට තේරෙන්නේ නැතිනම් ගුරුවරයා විසින් සිසුවාට තේරෙන සරල ක්‍රමයක් සොයාගැනීම. මාතෘකාව පඹයාගේ වුනත් මම කැමතියි ටිකක් මේක ඇදගෙන යනවනම් මොකද කාගේ කාගේත් හොඳ වැඩදායි අදහස් ටිකක් එලියට එනවා අනිවාර්යි. (ර)

:       0       0

අසංක Wednesday, 25 February 2015 10:33 AM

අගය කළ යුත්තේ පොඩි දරුවගෙන් හරි අහාල නොදන්න වචනය දැන ගත්ත එක.(හේ)

:       0       0

සුමිත් Wednesday, 25 February 2015 04:13 AM

ම්ම්ම්... මේ දවස්වල නිතරම රූපවාහිනියේ දකිනවා (නි)

:       0       0

තෙන්නකෝන් Wednesday, 25 February 2015 04:16 AM

ලෝකයේ අපි හැමදෙයක්ම දන්නේ නැහැනේ (නි)

:       0       0

තෙන්නකෝන් Wednesday, 25 February 2015 04:17 AM

ලෝකයේ අපි හැම දෙයක්ම දන්නේ නැහැනේ. අපේ භාෂාව සිංහල කියල අමතක කරන්න එපා (බ)

:       0       0

අරුණ Wednesday, 25 February 2015 05:10 AM

ඇත්තටම මමත් දැනගෙන හිටියෙ නැහැ . එකවරම සිතුනේ මපට් කියලා (නි)

:       0       0

දුමින්ද Wednesday, 25 February 2015 06:12 AM

දැක්කද ගමේ ගොඩේ දරුවන් පසුගිය කාලයේ ආ දුර? (නි)

:       0       0

නාරද Wednesday, 25 February 2015 06:30 AM

මම පාසැල් යන කාලයේ ගෙදර වැඩට දුන් ගණිත ගැටලුවක් විසඳීමට පියාගේ උපකාර ඉල්ලූවිට එය මාගේ පියා නොදන්නා බව පැවසූමුත් ඉන් ලැජ්ජාවට පත්වූ බවක් මම නුදුටුවෙමි. ඉතින් මේ ඉංග්‍රිසි වචනය බැරි වුණාම මොකද ලැජ්ජාවට පත්වන්නේ. ඒ වාගේම තවමත් මට සහ මගේ පියාට හරියට සිංහල ව්‍යාකාරණ බැහැ. නමුත් අපි ඉන්නේ උජාරුවෙන් (නි)

:       0       0

සහන් Wednesday, 25 February 2015 06:39 AM

දුමින්දලා වගේ අය ඉන්නකන් ගමේ ළමයි අනාථයි තමයි ඉතින් (නි)

:       0       0

තිවංක Wednesday, 25 February 2015 06:47 AM

මෙය ලැජ්ජාවට කාරණයක් නොවේ. ඔන්න පොඩිඑකාට 'අප්පච්චි' වෙනුවට 'ඩැඩී' කියන්න පුරුදු කරලා තිබුණා නම් තමයි ලැජ්ජාව. (නි)

:       0       0

ෂෙහාන් Wednesday, 25 February 2015 07:26 AM

මේ වගේ දේවල් සාමන්‍ය දේවල්නේ.(හේ)

:       0       0

ලසිත් Wednesday, 25 February 2015 10:09 AM

ඉංග්‍රිසි නොදන්න එකේ ප්‍රශ්නය ඕක තමයි.(හේ)

:       0       0

සුමනා Wednesday, 25 February 2015 03:46 AM

මාත් දැනගත්තේ මේ දැන්. (නි)

:       0       0

අතුල Wednesday, 25 February 2015 10:57 AM

බොහෝ විට ඩමී යන වචනය පාවිච්චි වෙනවා නේද? (හේ)

:       0       0

සුජාන් Wednesday, 25 February 2015 11:02 AM

ලැජ්ජාවට කාරණය ඉංග්‍රීසි නොදැන සිටීම නොවේ සිංහල නොදැන සිටීමයි. එහෙම බලනකොට රටේ ලොකු තැන්වල ඉන්න කී දෙනෙක් ලජ්ජා විය යුතුද ? (බ)

:       0       0

වෙර්නන් Wednesday, 25 February 2015 11:20 AM

මෙවැනි සාමාන්‍ය සිංහල වචන වල, නොදන්නා ඉංග්‍රීසි වචන කොතරම් තිබේද? වංගෙඩිය සහ මෝල්ගහට කියන්නේ මොකද්ද? මෝටාර් සහ පෙසල් (නි)

:       0       0

රවිඳු Wednesday, 25 February 2015 11:47 AM

නියම විදිහට ඉංග්‍රීසියෙන් උච්චාරණය කරන්නේ,"ස්කේක්ර්උ"කියලයි. (scarecrow) අතුල, අර මහින්ද රාජපක්ෂ මහත්තය ඡන්දෙ පාවිච්චි කරන්න යද්දී යොදා ගත්තේ " ඩමියෙක්" ඒ කියන්නේත් පඹයෙක් තමයි ඔබ නිවැරදියි. (නදී)

:       0       0

ලසිත් Wednesday, 25 February 2015 11:49 AM

අතුල, ඩමී යන වචනය පාවිච්චි වෙන්නේ අර කඩ සාප්පු වල ඇඳුම් ඇන්දවූ රෑප වලට (නදී)

:       0       0

ජෙහාන් Wednesday, 25 February 2015 11:51 AM

ඕකට ඩික්ෂනරි බලන්න ඕන නැහැ. පාඨක සභාවට ඇවිත් පිවිතුරු යහපාල දිහා බැලුව නම් අදාළ ඉංග්‍රීසි වචනය ඉබේම මතක් වෙනවා.(නදී)

:       0       0

මිණිරුවන් Wednesday, 25 February 2015 11:52 AM

දැනගෙන හිටියත් ඕන වෙලාවට ඔවා මතක නැති වෙනවා. (නදී)

:       0       0

ජයන්ත Wednesday, 25 February 2015 12:46 PM

ක‍්‍රිස්ටෝපර් සීපියන් සිවුවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක්.(නදී)

:       0       0

නදීර ජෙෝන් Wednesday, 25 February 2015 12:46 PM

මට සිංහල බැහැ මම හරි ප්‍රවුඩ් (නදී)

:       0       0

රුචිරු Wednesday, 25 February 2015 01:51 PM

හොඳ තාත්තා කෙනෙක්. නොදන්නා වචනය මොන විදිහට හරි දරුවාට කියලා දුන්නා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site