X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


පරාටා දන්සලට බළල් අතක් රිංගලා

දන්සැලේ පෝලිමේ නොසිට දන්සැල් වැඳීමට කුඩා දරුවන්ගේ සහයෝගය ලබා ගැනීමේ පුවතක් පසුගිය  පොහෝදා දැනගන්නට ලැබුණි.

 වැලිපැන්න පොලිස් වසමේ මිරිස්වත්තක ප‍්‍රදේශයේ තරුණ පිරිසක් මීට වසර තුනකට පෙර වෙනස් විදිහේ දන්සලක් දීමේ අරමුණින් බත්, නුඞ්ල්ස්, වෙනුවට පරාටා රොටි දන්සලක් දීමට කටයුතු කළහ.

මෙම දන්සලට බොහෝ පිරිසකගෙන්  ලැබුණු යහපත් ප‍්‍රතිචාර නිසා එය වාර්ෂිකව පැවත්වීමටත්, ඉතාම ඉහළ අයුරින් පැවැත්මටත් තරුණ පිරිස දැඩි වෙහෙසක්  සහ කැපවීමක් ගෙන කටයුතු කළ අතර මෙවරද පොහොයට තෙවන වරටත් ”මහා  පරාටා දන්සැල” පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.
දන්සැල ආරම්භ කිරීම සවස 6.00ට පමණ සිදුකිරීමට කටයුතු යොදා තිබුණත් පරාටා රොටියක රස බැලීමේ අරමුණින් බොහෝ පිරිසක් කල්වේලා ඇතිවම පෝලිමේ සිටින්නට විය.

 දන්සැල ආරම්භකර ටික වේලාවක් ගතවන විට විශාල පෝලිමක් දක්නට ලැබුණු  අතර කුඩා දරුවන් වඩාගත් මව්වරුන්ද පෝලීමේ සිටින බව දුටු සංවිධායක තරුණයන් එම මව්වරුන් පෝලිමේ නොරඳමින් විශේෂ දොරටුවකින් ඇතුළට ගත්තේ එම කුඩා දරුවන් වඩාගෙන මව්වරුන් අපහසුතාවයට පත්වීම වැළැක්වීමේ සද්භාවයෙනි.

මෙසේ විශාල සෙනගක් අතරින් දරුවන් සමග සිටින මව්වරුන් ඉක්මනින් ඇතුළට ගත්තද පෝලිමේ දරුවන් සමග සිටින මව්වරුන් ප‍්‍රමාණය අඩු නොවන  බව තරුණයන්ට පෙනී ගිය බැවින් තරුණයන් දෙදෙනෙකු පෝලිමට පිටතින් සිට විමසිලිමත්ව සිටීමේදී දරුවන් සමඟ මව්වරුන් අඩු නොවීමේ හේතුව දැකගන්නට  ලැබී ඇත.

දන්සැලට ඇතුළුවූ දරුවෙක් සමග මවක් දන්සැලෙන් ඉවතට පැමිණි විට එම දරුවා වඩාගෙන තවත් කාන්තාවක් පොලීමට එක්වේ. එවිට එම දරුවාගේ පිහිටෙන් එම කාන්තාවටද පෝලිමේ  නොසිට දන්සැල වැඳීමේ අවස්ථාව උදාවේ. මේ තත්ත්වය අනෙක් තරුණ පිරිසටත් දන්වා සිටින්නට එම  තරුණයන් දෙපල කටයුතු කළ අතර එක් අයෙක් පැවසුවේ මෙය නැවැත්වීමට දරුවන්ගේ පාදයේ හෝ අතක යම්  සලකුණක් යෙදීමට සිදුවන බවයි. එහෙත් අවසානයේ සියලූ දෙනා එක මතයකට පැමිණියේ අපි දන්සැල දෙන්නේ හොඳ හිතින් බවත් දැන්සැලට ඇති ප‍්‍රතිචාරය හොඳ නිසා මෙවැනි සිදුවීම් සිදුවන බවත් ඒ සඳහා නීති රීති නොපනනවා කැමති අයුරින් දන්සැල භුක්ති විඳීමට අවස්ථාව ලබාදිය යුතු බවත් තීරණය කෙරිණි.



අදහස් (0)

පරාටා දන්සලට බළල් අතක් රිංගලා

අසෝකා Friday, 15 August 2014 09:08 AM

නියම අයුරින් දන් දෙන පිරිසක්! කවුරු මොනවා කලත් සිත් රිදවා ගන්නේ නැතුව ඒ දෙය කල නිසා. නුඹලගේ පාරාටා ඉතාමත් හොද බව එයින්ම පේනවා. (නදී)

:       0       0

ගාමිණී -සිරිවර්දන Friday, 15 August 2014 09:41 AM

සත්භාවයෙන් කරන වැඩකදී මතුවෙන්නේ යහපත් සිතුවිලි ! අද අප රටේ නොමග ගිය තරුණ පිරිස් වලට මිරිස්වත්තේ තරුණ කැල ලොකුම ආදර්ශයක් ! (නදී)

:       0       0

කුමාරි Friday, 15 August 2014 09:45 AM

බොහොම හොඳ ඉවසිලිවන්ත, ගුණයහපත් තරුණයෝ ටිකක්. මෙය ලොකු ආදර්ශයක් හැමටම. ජය වෙවා සොයුරනි! ගම හදා රට හදමු මිනිසත් කමින්. (නදී)

:       0       0

දයා අලහාකෝන් Friday, 15 August 2014 10:21 AM

බුදුන්ගේ කාලයේ තරුණයෝ පිරිසක්. යහපතක්ම වේවා (නදී)

:       0       0

මහින්ද කේ ගොඩගේ Friday, 15 August 2014 05:17 PM

යහපත් සිතුවිලි පෙරදැරි කරගෙන කරන දන්දීමකදී වියයුතු දේ දරුවනේ ඔබ විසින් පසක් කරගෙන, දන්සලකදී කෙනෙකුට සැළකිය යුතු අයුරින් කටයුතු කිරීම තුලින් ඔබ සැම ලොවට දෙන පණිවිඩය ඉතා උතුම් ලෙස, තරඟයට දෙන්නන් වාලේ දන්දෙන සැමටම කදිම පාඩමකි. (නි)

:       0       0

පහන්දී Friday, 15 August 2014 08:05 PM

ගොඩක් හොඳ තරුණ පිරිසක්. ජය වේවා කියා පතමි (නි)

:       0       0

සලීත් Saturday, 16 August 2014 02:31 AM

බොහොම හොඳ ඉවසිලිවන්ත, ගුණයහපත් තරුණයින් ටිකක්. මෙය ලොකු ආදර්ශයක් හැමටම. ජය වේවා සොයුරනි! (නි)

:       0       0

දිනේෂ් Saturday, 16 August 2014 02:38 AM

දැන් මේක ලිව්වාම සමහරු මට බනීවි. මම දැනට සිටින රටේ කිසිම කෙනෙක් කවදාවත් පෝලිමක් පනින දර්ශනයක් දැකගන්න නැහැ. හැමෝම බොහොම ඉවසිල්ලෙන් තමන්ගේ වාරය එනතුරු සිට ආ කාරණාව ඉටුකරගෙන යනවා. පොදු ස්ථාන , සුපර් මාකට් , බස් පෝලිම , කොතනත් එහෙමයි. අත දරුවන් එක්ක ඉන්න අම්මලාත් , තමන් දරුවෙක් එක්ක පෝලිමේ ඉන්න එක විශේෂයක් කියලා නොසිතා ,තමන්ගේ වාරය එනතුරු ඉන්නවා. හොඳ දෙයට හොඳයි කියන්න ඕනෑ නිසා ලිව්වේ. (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 16 August 2014 05:26 AM

දෙන දේ හොද චේතනාවෙන් කරන නිසා මහා පින් පල අත් වෙනවා.දන්සලක් කියන්නේ එ්කටයි.(අ)

:       0       0

සන්ජය් Saturday, 16 August 2014 06:15 AM

දිනේෂ් කියපු ඒ ඇත්ත, පුදුම මිනිස්සු තමා ලංකාවේ ඉන්නේ, කතාව නම් හිස දන් දෙන්න (අ)

:       0       0

කලීල් Saturday, 16 August 2014 02:26 PM

අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අය කොහෙත් ඉන්නවා. (නි)

:       0       0

පද්මිණි Saturday, 16 August 2014 07:46 PM

අතින් අතට යන්න වුණ දරුවා මොනතරම් දුකක් විඳින්න ඇද්ද? (නි)

:       0       0

චමින්ද Sunday, 17 August 2014 02:40 AM

දානයේ නියම අරුත දැනගෙන දන්දෙන තරුණ කැළක්. ඔබ සැමදෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා! (නි)

:       0       0

මහේෂ මුතුකුඩ Sunday, 17 August 2014 06:42 AM

දරුවා පාරට කන්න ඇති බඩ පිරෙන්න. පොඩි ළමුන්ට පිටි කෑම දෙන්න හොඳ නෑ කියල අම්මල දැනගන්න ඕනේ. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site