X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 25 වන බදාදා


පවුල් සමඟියට උපදෙස් දුන් මිතුරාගේ පවුලත් කැඩිලා

(තිහගොඩ - උපසේන ලියනගම)
වයඹ පළාතේ පාසල් ගුරුවරියක වූ ඔහු තම බිරියත් සමග නිතර පැවැති ආරවුල් නිසා දිවි ගමන ගෙන ගියේ මහත් කලකිරීමකිනි.


විදුහලේ මාර්ගෝපදේශන ගුරුවරයා සමග මේ පිළිබඳව කතා කළ විට ඔහු මේ ගැටලූවලට න්‍යායාත්මක මෙන්ම ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් කීපයක් කියා දී ඒවා අත්හදා බලන ලෙස ඉල්ලීය. ඔහුගේ උපදේශන සාර්ථක විය. දැන් මේ දෙදෙනා කිරි පැණි වගේය. මේ සුහදතාවට මග පෙන්වූ තම හිතවතාගේ නිවෙස සොයා මේ දෙදෙනාම පසුගියදා ගියේ අවුරුදු තෑගි ද රැගෙනය. එහෙත් නිවසේ සිටියේ හිතවතා සහ ඔහුගේ දුව පමණකි. ”වයිෆ් අවුරුදු ගමනක් ගිහිං” කී ඔහු මුළුතැන් ගෙට ගියේ අමුත්තන්ට තේ හදන්නටය.


ඒ අතරතුර අමුත්තන් අසලට ආ දුව ”තාත්තා කීවේ බොරු හැමදාම අම්මයි තාත්තයි රණ්ඩු වෙනවා අද තාත්තා අම්මට ගැහුවා. අම්මා අඬාගෙන මහගෙදර ගියා.” කීවෙන් අමුත්තන් දෙදෙනාට තරු පෙනුණාලූ.



අදහස් (0)

පවුල් සමඟියට උපදෙස් දුන් මිතුරාගේ පවුලත් කැඩිලා

දුමින්ද Tuesday, 07 April 2015 03:13 AM

තමා තුල ඇති ලෝකය දැන දිනා ගැනීම අසීරු කටයුත්තකි. (ස)

:       0       0

ධම්ම Tuesday, 07 April 2015 04:26 AM

අනුන්ට උපදෙස් දෙන එක තමා මේ ලෝකේ තියෙන පහසුම වැඩේ.(ම)

:       0       0

සුමාල් Tuesday, 07 April 2015 04:54 AM

"වයඹ පළාතේ පාසල් ගුරුවරියක වූ ඔහු තම බිරියත් සමග" මාර වැඩේ ලෙස්බියන් විවාහයක් වගේ (බ)

:       0       0

පහන් Tuesday, 07 April 2015 07:20 AM

පාඩුම ලබන සංස්ථාව පවුල් සංස්ථාව (බ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 07 April 2015 12:37 PM

හුඟක් උපදෙස් දෙන්නන්ට මේ දේ සිද්ද වෙනවා. (ර)

:       0       0

පුබුදු Tuesday, 07 April 2015 12:53 PM

දුමින්ද හරි. කෙනෙකුට තියෙන අමාරුම දෙය ඕක තමයි (දී)

:       0       0

ධනුක Tuesday, 07 April 2015 01:29 PM

මගේ යාලුවෙකුගේ අවිවාහක ලොකු නෑනා තමයි ඒ පවුලේ අඹු සැමි ප්‍රශ්න වලට උපදෙස් දෙන්නේ. පවුලේ ලොකු සහෝදරි නිසා ඔක්කොම දත කට පුට්ටු කරගෙන ඉවසනවා. (ර)

:       0       0

සමන්ති Tuesday, 07 April 2015 01:37 PM

සුමාල්, මෙතන කාටදෝ පටලැවිල්ලක් වෙලා. (ර)

:       0       0

නාලක Tuesday, 07 April 2015 01:53 PM

ඕක සාමාන්‍ය දෙයක්නේ අනේ (දී)

:       0       0

සරත් Tuesday, 07 April 2015 02:16 PM

"අද තරහා අදම අමතක කරන්න" හෙටත් එහෙමම කරන්න. සැමදා සතුට. කරලා බලන්නකෝ. ( දී)

:       0       0

එරික් Wednesday, 08 April 2015 02:45 AM

ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට. (ස)

:       0       0

කෙවින් Wednesday, 08 April 2015 03:23 AM

අපෝ! මේක හරිම සාමාන්‍ය දෙයක්. අපේ ලංකාවේ පවුල් හදන්න උපදෙස් දෙන තරමක් දෙන්නේ හරියට පවුල් කන්නෙ නැති අය. ගොඩ පෙරකදෝරුකම් කරන්න අපේ කට්ටය හරි ආසයි. කරන්න ලේසිම දේ කටින් උදව් කිරිමනේ. (නි)

:       0       0

වසන්ත Wednesday, 08 April 2015 07:05 AM

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නේ නිකන්ද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site