X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


පස්දෙනකු බහිනවැයි බසයේ සීනුව පස්වතාවක් ඇදලා

වේලාව රාත‍්‍රී අටට පමණ ඇත. ගාල්ල බස් නැවතුම් පොළේ සිට මාතර බලා ධාවනය කිරීමට සූදානම්ව තිබූ ලංගම බස් රථයකි. එහි එතරම් මගීන් පිරිසක් නොසිටියත් දිවා කලමෙන් කොන්දොස්තර මාතර, මාතර කියා කෑගැසුවේ ද නැත.

තරුණයෝ පස් දෙනෙක් බස් රථයට ගොඩවී පිටුපස අසුණේ වාඩි වූහ. ඔවුන්ගෙන් කිහිප දෙනකු කොණ්ඩය වවා එක කනක කරාබුවක් ද පැළඳ සිටි අතර කිහිප දෙනකු අත සිලිසිලි බෑග් ද තිබිණි.

විවිධ වැකි සහිත ටී-ෂර්ට් සහ තුන්කාල් කලිසම් හැඳ සිටි ඔවුන් බසයට ගොඩ වූ වෙලේ සිට නොයෙක් දේවල් කියමින් මහ හඬින් සිනාසෙන්නට විය. ‘උණවටුනට පහක් දෙන්න’ එක් අයෙක් කොන්දොස්තරගෙන් ටිකට් ගත්තේය.

බසය උණවටුනට ළඟා වනවාත් සමග එක් අයෙකු පස් වරක් සීනුව නාද කළේය. රියැදුරු ඉදිරිපස කණ්ණාඩියෙන් පිටුපස බලා ‘මොකද බෙල් එක කඩන්න ද හදන්නේ මගේ කන් දෙක ඇහෙනවා’ යයි කෙන්තියෙන් කීවේය.

‘නෑ... නෑ... ඩ‍්‍රයිවර් මහත්තයෝ අපි පස් දෙනෙක් බහින්න ඉන්නවා. ඒකයි බෙල් පහක් ගැහුවේ’ කියා තරුණයෙකු කීවේ සිනාසෙමිනි. තවත් කෝපයට පත් රියැදුරු බස් නැවතුම් පොළේ සිට මීටර් කිහිපයක් ඉදිරියට ගොස් බසය නතර කළේය.

 



අදහස් (0)

පස්දෙනකු බහිනවැයි බසයේ සීනුව පස්වතාවක් ඇදලා

පහන් Wednesday, 05 March 2014 09:56 AM

අන්න කොල්ලෝ .මට හිනා වෙලා කදුළුත් ආවා (දිල්)

:       0       0

සම්පි Wednesday, 05 March 2014 10:47 AM

මේ වැඩේ මටත් වුණා ඇත්තටම. හැබැයි වෙන විධියකට. මම දවසක් බස් එකක බෙල් එක ගැහුවා බහින්න. ඒ එක්කම මහා සද්දෙන් බස් එක හෝන් එක ගැහැවුවා. ඉතින් ඒ සද්දෙත් එක්ක ඩ්‍රයිවර් ට බෙල් එක ඇහෙන්නේ නැහැ කියලා මම ආපහු බෙල් එක ගැහුවා. මෙන්න ආයෙමත් බස් කාරයා පෝං කියලා ගැහුවේ නැද්ද හොඳ එක! මගේ වෙලාව! ඉතින් මම ආයිමත් බෙල් එක ගැහුවා. මෙන්න එක පාරටම ඩ්‍රයිවර් හැරිලා මොකද ඕයි බෙල්බෙල් එක කඩන්න හදන්නේ, හෝල්ට් එක තව ඉස්සරහ තියෙන්නේ, ටිකක් ඉවසල ඉන්නවකෝ කියලා මට කඩාගෙන පැනපි. මම උඩ ගියා. බලනකොට මේ හත්වලාමේ බෙල් එකේ සද්දේ බස් හෝන් එකක් වගෙ හදල තියෙන්නේ! ඉතින් මම කොහොමද වදේ ඒක දන්නේ! ඔන්න ඇත්තම සිද්ධියක් මට වෙච්ච.(දිල්)

:       0       0

චතු Wednesday, 05 March 2014 12:57 PM

අහන්න දෙයක් නැහැ දකුනෙනේ.(නදී)

:       0       0

ජගත් සෞදි Wednesday, 05 March 2014 04:09 PM

ඒකත් හොද ක්‍රමයක් නැතිනම් රියැදුරා දන්නේ නැහැනේ කොච්චර බභිනවද කියලා. (නදී)

:       0       0

නිරෝෂ් Wednesday, 05 March 2014 06:58 PM

අනේ කොහොමද රට හදන්නේ ඔය ස්කොලේ නොගිය කට්ටිය බස් වල යද්දී. කොහොමත් උණවටුන ඔය වගේ දේට ප්‍රසිද්ද ගමක් නේ.(නදී)

:       0       0

රම්සි Wednesday, 05 March 2014 07:35 PM

පස් දෙනාම එකතුවෙලා නෙලන්න තිබ්බේ රියදුරාට හෙට ඉඳල ස්ට්‍රියික් කරන්න කියලා.(නදී)

:       0       0

කලනි Thursday, 06 March 2014 05:30 AM

මම ඉන්න රටේ බස්වල මුලින්ම බෙල් එක ගැහුවට පස්සේ ආයේ වයර් එක ඇද්දට නාද වෙන්නේ නැහැ ඒ හෝල්ට් එකේ නවත්තනකල්. පොඩි ඉලෙක්ට්‍රොනික් උපක්‍රමයක් ඇත්තේ. (අ)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 09 March 2014 04:14 PM

කොලු කමට කරන දේවල් ගනන් ගන්න එපා වැඩිය. (නදී)

:       0       0

රුවන් දර්ශන Sunday, 09 March 2014 05:44 PM

මහන්සි වෙලා රැකියාව කරන අයව විහිලුවට ගන්න හොද නැහැ.(නදී)

:       0       0

ජයා Monday, 10 March 2014 05:22 AM

කැළණි ඔයා ඉන්න රට කොහෙද කියාල කියන්නකෝ. (අ)

:       0       0

කළණි Monday, 10 March 2014 08:26 AM

මම ඉන්නේ කැනඩාවේ ජයා. (නදී)

:       0       0

ධම්ම Monday, 10 March 2014 10:54 AM

කැනඩාවේ ක්‍රමේ ලංකාවට හරියන්නේ නැහැ. අපේ රටේ කොන්දොස්තරවරුන්ට පුළුවන් බෙල් තුනක් ගහලා පළමු බෙල් පහර කැන්සල් කරන්න.(දිල්)

:       0       0

කලණි Tuesday, 11 March 2014 07:14 AM

මෙහෙ බස් වල කොන්දොස්තර ලත් නැහැනේ. රියදුරා තමයි වැඩ දෙකම කරන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site