(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
නිවෙස ඉදිරිපිට මිදුලේ තනා ඇති බුදු මැදුරේ පහන පත්තු කිරීමට ලේලිය පොල් තෙල් ගෙනත් නොදුන්නා යැයි පවසා වයෝවෘද්ධ කාන්තාවක බුදු මැදුර ඉදිරිපිට යකා නටා ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තාවේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 73 හැවිරිදි වයෝවෘද්ධ සිවුදරු මවක් තෙවැනි පිරිමි දරුවාගේ නිවසේ පදිංචිව සිටින්නීය. මෙම සිවු දරු මවගේ වැඩිමල් පිරිමි දරුවා පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටියි. දෙවැනි ගැහැනු දරුවා ගම්පොළ ප්‍රදේශයේ පුද්ගලයෙක් සමග විවාහ වී ගම්පොළ පදිංචිව සිටින්නීය. තෙවැනි පිරිමි දරුවා ඔහුගේ බිරිය දරුවන් දෙදෙනා සමග වයෝවෘද්ධ කාන්තාව කෑගල්ලේ මහගෙදර නිවසේ පදිංචිව සිටියි. බාල ගැහැනු දරුවා වරකාපොළ, අඹේපුස්ස ප්‍රදේශයේ පුද්ගලයකු සමග විවාහ වී එකී නිවසේ පදිංචිව සිටින්නීය.
මෙම දෙදරු පියා මීට වසර 4කට පමණ ඉහතදී සෞදි රාජ්‍යයේ රැකියාවකට ගියේය.
ඔහු විදේශ ගතවන අවස්ථාවේ දී බිරිඳට කියා සිටියේ සිය වයෝවෘද්ධ මවගේ අවශ්‍යතා සපුරාලමින් දරු දෙදෙනා ද රැක බලා හදාගෙන ජීවත් වන ලෙසය.
වයෝවෘද්ධ කාන්තාව ලේලිය හා දරුවන් දෙදෙනා සමග ජීවත් වෙමින් සිටින අවස්ථාවේ දී සෞදි රාජ්‍යයේ සේවය කරන පුතා දිනකට හෝ දෙකකට වරක් ස්කයිප් මාර්ගයෙන් නිවසේ පදිංචි සියලු දෙනා සමග කතා බහ කොට විශේෂයෙන්ම මවගේ ද සුව දුක් ද විමසීය. එහිදී විදුලි කාර්මික ශිල්පී දෙදරු පියා මුදල් එවූ සෑම අවස්ථාවකදීම බිරිඳට නිතරම කියා සිටින්නේ සිය මවගේ අවශ්‍යතා සොයා බලා නොපිරිහෙලා ඉටු කර දෙන ලෙසය.
නිවස ඉදි කරන අවදියේ දී මවගේ බලවත් ඉල්ලීමට නිවෙස ඉදිරිපිට අලංකාර බුදු මැදුරක් තනා දී තිබුණි. මෙම බුදු මැදුරට සෑම දිනකම සවස 6ට වයෝවෘද්ධ කාන්තාව මල්පහන් පූජා කරන්නීය.
ඉකුත් දිනක සවස වයෝවෘද්ධ කාන්තාව ලේලියට කියා ඇත්තේ ‘‘අදට පහන පත්තු කරන්න පොල් තෙල් තියෙනවා හෙට පහන පත්තු කරන්න පොල් තෙල් නෑ. පොල් තෙල් ටිකක් හෙට ගෙනත් දෙන ලෙසයි. පසු දා උදේ ද කීප අවස්ථාවකදීම පොල් තෙල් ටිකක් ගෙනත් දෙන්න යැයි ලේලියගෙන් ඉල්ලීම් කර ඇති බවත් වාර්තා වෙයි. කෙසේ වෙතත් සවස හය පහු වෙනකම්ම නිවසේ තිබුණු වැඩ නිසා පොල් තෙල් ටිකක් ගෙනත් දෙන්නට ලේලියට නොහැකි විය.
මෙම මහලු මව මල් වට්ටියක් කඩාගෙන බුදු මැදුරට මල් පූජා කරන්න ගිය අවස්ථාවේ දී පොල් තෙල් ගෙනත් නොදුන්නා යැයි දොස් පවරා මල් වට්ටිය පූජා කර ලේලියට බැණ වදිමින් බුදු මැදුර ඉදිරිපිට අසල්වැසියන්ටත් ඇසෙන්නට යකා නටා ඇතැයි වාර්තා වේ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පහන පත්තු කරන්න පොල්තෙල් නොදුන්නාට නැන්දම්මා -ලේලි පොරයක
himal Wednesday, 01 September 2021 10:52 AM
මේක පත්තරේ දාන්න තරම් දෙයක්ද?
chana Wednesday, 01 September 2021 03:05 PM
මෛත්‍රී භාවනාව වඩන්න ඇති....