කොබෙයිගනේ ප‍්‍රධාන මාර්ගයේ කුඩාඔය පාලම යට මහා ජල කඳක් සමග අලි පැටවෙකු සිරවී හොඬය සොලවමින් සිටින්නේ යැයි ප්ලාස්ටික් පැණිබීම හිස් බෝතලයකට රැවටුණු ප‍්‍රදේශවාසීන් කළ මහත් කලබලයෙන් වනජීවී නිලධාරීහු සහ පොලිසියද මහත් අපහසුතාවකට පත්වූහ.
ඉකුත්දා (4) ප‍්‍රදේශයට ඇද හැළුණු මහා වැස්සත් සමග කොබෙයිගනේ, යකඩපත, කුඩාඔය ජල මට්ටමද ශීඝ‍්‍රයෙන් ඉහළ ගොස් තිබුණි. කුඩාඔය හරහා ප‍්‍රධාන මාර්ගයේ ඇති කුඩා පාලම යට ජලකඳ සමග අපද්‍රව්‍යද සිරවිණි.
ගම්මුන් පාලම යට බැලූ අවස්ථාවේ සිරවී ඇති කොල රොඩු අතර අලි පැටවකු සොඬක් සොලවන අයුරුද දුටුවේය. වහා ක‍්‍රියාත්මක වූ ප‍්‍රදේශවාසීන් වනජීවී නිලධාරීන්ටද පොලිසියටද දැනුම් දුන්නේ වහා අලි පැටවාගේ ජීවිතය බේරා ගැනීමටය. සිද්ධිය කටින් කට පණිවිඩ ඔස්සේ ප‍්‍රදේශය පුරා පැතිර ගියේය. සුළු වේලාවකදී මහා සෙනඟක් ස්ථානයට රැස්විය. නිකවැරටිය, වනජීවී කාර්යාලයේ නිලධාරින්ද වහා ස්ථානයට පැමිණියේ සිද්ධිය පරීක්ෂා කිරීම සඳහාය. ඔවුහු සිද්ධිය නිරීක්ෂණය කළහ.
පාලම යට කොළරොඩු සමග සිරවී ඇත්තේ විශාල ප‍්‍රමාණයේ පැණිබීම හිස් ප්ලාස්ටික් ගුරු පැහැති බෝතලයක් බවත් එය ජල පහරට සෙලවීම නිසා පෙනෙන දර්ශනයක් බවත් රැස්ව සිටි ජනතාවට පැවසීමෙන් පසුව ඔවුහු විසිර ගියහ. අලි පැටියා බේරාගැනීමට විශාල ජනතාවක් එතැනට රැුස්ව සිටි බව වනජීවී නිලධාරීහු පැවැසූහ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ප්ලාස්ටික් බෝතලය ගමක්ම අවුල් කරලා
රුවනි Tuesday, 10 November 2015 12:27 PM
අපොයි රූපවතීලගේ ගෙවල් පැත්තේ වලස්සුත් ඉන්නවලු. මට නම් ඇහුවත් බයයි. (නි)
ඉනෝකා-එංගලන්තය Wednesday, 11 November 2015 11:15 PM
සමිත්,මගේ නම සඳහන් කරමින් අනෙකුත් අය පීඩාවට පත්වන අයුරෙන් අදහස් පල නොකරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.අපි අපේ අදහස් පමණක් දැම්මොත් වඩා හොඳයි නේද.?(රේ)
එම්. සමිත් Wednesday, 11 November 2015 07:54 PM
රූපවතීට මම කියපු දෙය තේරිලා නැති පාටයි. බස් එකක ගැබිණි මාතාවක් හිටගෙන යනකොට ගැහැණු කෙනෙක් නැගිටලා සීට් එකක් දෙන්නේ නැහැ. දුන්නොත් ඉතින් පිරිමි කෙනෙක්ම තමයි. දල්පදාදුටවත් තේරිච්ච එක ලොකු දෙයක්. (නි)
දල්පදාදු Wednesday, 11 November 2015 01:25 PM
සමහරුන්ගේ ගතිසිරිත් හරි පුදුමයි. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කිවුවලු (නි)
රූපවති Wednesday, 11 November 2015 12:09 PM
ඒ කියන්නේ සමිත්... පිටබැද්දර ජයා අයිය වගේ ..කෙනෙක් එහෙමද ? ඇයි දැන් මම නදීකටත් පැනල තැන්ක්ස් කරලා තියෙන්නේ...? (අ)
සමිත් Wednesday, 11 November 2015 08:51 AM
තමන්ගේ ගම ගැන ඉනෝකා නැතුව වෙනින් කෙනෙක් කීවා නම් මේ වෙලාවට රුපවතී පැනලා දීලා.(ම)
රූපවතී Wednesday, 11 November 2015 06:55 AM
ස්තූතියි නදීක ..! (නි)
නදීකා Tuesday, 10 November 2015 08:03 PM
මේ මිනිසුන්ගේ සිත් කරුණා ගුණයෙන් පොහොසත් (නි)
රූපවතී Tuesday, 10 November 2015 07:57 PM
දිසා සොයුර, රඹුක්කන තිබෙන්නේ කෑගල්ල ප්‍රදේශයේ. මේ අපේ පළාතේ තියෙන්නේ රඹුකන. (නි)
අරුණ Tuesday, 10 November 2015 05:31 PM
සොයානොබලා කටයුතු කිරීම නිසා කී දෙනෙක් රස්තියාදු වුණාද? (නි)
රූපවතී Tuesday, 10 November 2015 04:37 PM
මගේ ගම්පියස ගැන ලියවිලා තිබෙනවිට හිතට සතුටුයි (නි)
රූපවතී Tuesday, 10 November 2015 04:28 PM
නිමල්, අපේ රටේ කිසිවෙක් කෑම ටිකකට එතරම් පෙරේත මිනිසුන් නොවන වග මම හොඳටම දන්නවා. ඒවගේම මම කමින් සිටි කෑමපත අනන්තවත් අසරණයෙකුට දී තිබෙනවා. (නි)
සේනක Tuesday, 10 November 2015 02:39 PM
මේ ගමත් තුම්පනේ වගේ වෙලාද මන්දා. (බ)
ජයනාත් Tuesday, 10 November 2015 01:44 PM
අපි තාම ගමේ, සරලව ජීවත්වෙනවා. ලොකු සංවර්ධනයක් වෙලත් නැහැ. රූපවති අක්කා කිව්වා වගේ සතා සීපාවත් එක්ක අපේ ජීවිත බැඳිලා. උදේට කුරුලු හඩින් තමයි අපි අවදි වෙන්නෙත්. එතන ඉඳලා හවස ගෙදරට එනතෙක්, වගා කටයුතු කරමින් තමයි මේ ගම්වල බොහෝ දෙනෙක් ජීවත්වෙන්නේ. සරලව ඉන්න නිසා ප්‍රශ්න හරි අඩුයි. ඔලුව නිදහස්. (නි)
නිමල් Tuesday, 10 November 2015 01:07 PM
රූපවතීලාගේ ගෙදරට ආ අයට තේ කෝප්පයක්වත් දීලා නැති පාටයි. (නි)
සරසි Monday, 09 November 2015 04:55 AM
අගය කළයුත්තේ ප්‍රදේශවාසීන්ගේ මනුෂ්‍යත්වයයි. (නි)
පිටබැද්දර ජයා Tuesday, 10 November 2015 11:32 AM
අලියට පිං සිද්ධ වෙන්න කාලෙකට පස්සේ රුපවතියට අපිවත් මතක් වෙලා නේද ? (ර)
රුපවතී Tuesday, 10 November 2015 06:44 AM
කිත්සිරි, සිදාදියේ මිනිසුන් ලගනැති උතුම් මිනිස් ගති ගුණ තියෙනවා ඒ පලාත්වල මිනිසුන්ගේ. ගති සිරිත් ගොඩාක් උසස්. (ර)
චන්න Tuesday, 10 November 2015 06:00 AM
අලියා බීම බෝතල්ද මන්දා................(ම)
කිත්සිරි Tuesday, 10 November 2015 05:11 AM
ගෙවල් වල වැඩ නැති නිසා එන්න ඇති ඉතින්...මෝඩ මිනිස්සු..ඔය ගම පැති වල මිනිස්සු ඔහොමම තමයි.. (ම)
රූපවතී Monday, 09 November 2015 07:45 PM
දිසානායක කියන්නේ මොන වැව ගැනද? (නි)
රූපවතී Monday, 09 November 2015 07:40 PM
අනේ දිසානායක, ඔයා කී ගම් දනව් ටික සියල්ල පීරාගෙන වතේගෙදර පුබ්බිලිය හරහා ඇත්තේ කැලේනේ. අලි නොවේ වලස්සුත් ඉන්නවා. අනේ මම ජීවත්වුණු ලස්සන ගම් පියස! ඒ පළාත තවමත් කැලේ. ඔය කියනා කුඩා ඔය පටන්ගන්නේ පාදෙනියෙන්. (නි)
ඉනෝකා-එංගලන්තය Monday, 09 November 2015 07:26 PM
කොබෙයිගනේ කියලා කතාව කියවාගෙන යනකොට මට එකපාරටම මතක්වුණේ රූපවතීව. රූවතීගේ ගම නේද කොබෙයිගනේ කියන්නේ? මාතෘකාවට අදාළ නැහැ කියලා මට බනින්න එපා යහළුවනේ.....! (නි)
දිසානායක Monday, 09 November 2015 01:00 PM
ඔය ජල පහර ගලාගෙන එන්නේ පාදෙණිය, රඹුක්කන, බැද්දේගම පැත්තෙන්. එහෙ කොහෙද අනේ අලි ඉන්න කැලෑ තියෙන්නේ? නමුත් ඔය පාලමට ඉහළින් විශාල පරණ වැවක් තිබෙනවා. නමුත් දැන් ඉස්මත්ත ජනාවාස වෙලා තිබෙන්නේ. ජනප්‍රවාද බොහොමයක් තිබෙනවා ඔය වැව ගැන (නි)
සජිත් Monday, 09 November 2015 12:08 PM
සත්ත්ව කරුණාව හදවතේ දරාගෙන උතුම් චේතනාවෙන් කළ වැඩක් (නි)
අජිත් Monday, 09 November 2015 11:49 AM
අවට පරිසරය ගැන සෝදිසියෙන් සිටීම ගැන බොහොමත්ම ස්තුතියි. මට ප්‍රශ්නෙකට තියෙන්නේ යහපාලනයේ අලි පටියෙක්ද කියලි. (අ)
කිත්සිරි Monday, 09 November 2015 08:15 AM
උනන්දු වුණ අයගේ ක්‍රියාව ඉතා වටිනවා. ඒත් මේ ගොඩක් අය වටවෙන්නේ, රැස්වෙන්නේ නරඹන්නයි, පින්තූර ගන්නයි මිස උදව්වට නෙමෙයි. (නි)
සුභාෂ් Monday, 09 November 2015 06:21 AM
මනුෂ්‍යත්වයෙන් පිරුණු මිනිසුනේ, ඔබට මල් මිටක්! අගය කළයුතු සිදුවීමක්. (නි)
අරුණ Monday, 09 November 2015 05:16 AM
නමුත් ඒ මිනිසුන්ගේ අරමුණ උතුම් (නි)