X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


පාන්දර පන්ති ගිහින් මහත්තයත් මාරුවෙලා

සිය  සැමියා යයි සිතා වෙනත් පුද්ගලයකුගේ යතුරු පැදියකට ගොඩ වූ කාන්තාවකට සිදුවූ  අකරතැබ්බයක් පිළිබඳ පුවතක් පසුගියදා දකුණු පළාතෙන් වාර්තා විය.

ඔහු විශ‍්‍රාමිකයෙකි. සිය දරුවාගේ උපකාරක පන්තිය  පිහිටුවා තිබුණේ දකුණේ නගරයකය. දරුවාට උදෑසන  5.00ටද උපකාරක පන්තියකට සහභාගිවීමට නියමිතව තිබිණි. සිය බිරිය හා දරුවා සමග විශ‍්‍රාමිකයා උදෑසන 4.30ට පමණ උපකාරක පන්තිය අසලට පැමිණියේය. ඒ වනවිටත් එම ස්ථානය කළුවරව පැවතිණි.

බිරිය දරුවා සමග උපකාරක පන්තිය පවත්වන දෙමහල් ගොඩනැගිල්ල වෙත පිටත්ව ගියාය.

සුළු වේලාවක දී කාන්තාවක් පැමිණ විශ‍්‍රාමික රජයේ සේවකයාගේ පිටට අත් දෙක තබා ගෙන යතුරුපැදියට නැග හරියැයි කිවාය. ඒ සමගම විශ‍්‍රාමික සේවකයා යතුරුපැදිය පණ ගන්වා නිවෙසට යාමට පිටත්ව ගියේය. හන්දියක් පසුකරන විටම එහි පිටුපස ගිය කාන්තාව මහ හයියෙන් කෑ ගසා බයිසිකලය නවතා ගත්තාය.

සයිකලයේ පසු සිටියේ විශ‍්‍රාමික සේවකයාගේ බිරිය නොව වෙනත් කාන්තාවකි. ඇය එසැනින් බැස්සාය.                              

ඇබැද්දිය කළුවරේදී සිදුවූ බව ඇයටද වැටහිණි. ඉන් අනතුරුව විශ‍්‍රාමික සේවකයා උපකාරක පන්තිය අසලට යනවිට ඔහුගේ බිරිය පාර අසලටවී සිටියාය.



අදහස් (0)

පාන්දර පන්ති ගිහින් මහත්තයත් මාරුවෙලා

නිල්මිනි Tuesday, 03 September 2013 07:14 PM

දැන් තාත්තා හරි උනන්දුලු පුතාව පාන්දර උපකාරක පන්ති අරන් යන්න.(නදී)

:       0       0

අජිත් Sunday, 01 September 2013 10:42 AM

මේ ඔය පන්තිය කොහෙද තියෙන්නේ? මොකද මටත් තියෙනව දෙන්නෙකුට යන්න පුළුවන් යතුරු පැදියක්. මමත් විශ්‍රාමිකයෙක් . (දී)

:       0       0

ලාල් Sunday, 01 September 2013 12:54 PM

පාසල් වල උගන්වන වෙලාව වැඩිකරොත් හොදයි එත කොට අමතර පන්ති යන්න ඕන නැහැනේ (දී).

:       0       0

සෙනරත් Sunday, 01 September 2013 02:05 PM

අජිත්, ඒ කාන්තාව වැරදීමකින් මෝටර් සයිකලයට නැගලා තියෙන්නේ. ඔයා ගියා කියලා එයා ආයිමත් ගොඩවෙන්ට එන්නේ නෑ. (ස)

:       0       0

සරත් Sunday, 01 September 2013 03:10 PM

කාන්තාව ඕනවටම නැගලා යං කිව්වද දන්නේ නැනේ! ටික දුරක් යනකොට තේරෙන්න ඇති විශ්‍රාමිකයෙක් කියලා! ඊට පස්සේ කෑගහන්න ඇති! (ස)

:       0       0

අනුර පනාගොඩ - මෙල්බන් Sunday, 01 September 2013 06:51 PM

උදයම නැගිටිමි. දත කට නමදිමි. දෙගුරුන් නමදිමි. ටියුෂන් වෙත යමි. (ස)

:       0       0

ධම්මික Sunday, 01 September 2013 07:07 PM

අඬලා හිනා වෙන්නද නැත්නම් හිනාවෙලා අඬන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ මම. (ස)

:       0       0

නිහාල් Sunday, 01 September 2013 09:32 PM

විවෘත ආර්ථිකයට මේ ප්‍රශ්නය ගාවා ගන්න එපා. හැම ලෙඩේම විවෘත ආර්ථිකය නිසා නෙමෙයි ඇතිවෙන්නේ. (නි)

:       0       0

නිශාන්ත Monday, 02 September 2013 11:26 AM

ලංකාවේ මෙහෙම දේවල් උනාට ඒ තරම් ගණන් ගන්න එපා (දී)

:       0       0

මධු Monday, 02 September 2013 04:00 PM

ඒකත් දකුණේ .......... (ස)

:       0       0

සී පී කේ Tuesday, 03 September 2013 12:40 AM

මේ වගේ දේවල් වලට හිනාවෙන්න බැහැ. අවාසනාවට හෝ වැරදීමකින් හරි අනතුරක් වුනා නම් පවුල් දෙකක් විනාශ වෙන්න තිබුනා. මොකද එතකොට ඔය වැරදීම් ගැන පිළිගන්නේ නැහැ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 03 September 2013 11:22 AM

සෙනරත්, එහෙමම කියන්න එපා. මෙයාට ආයිත් වරදින්න බැරි නැහැ. (දී)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Tuesday, 03 September 2013 12:07 PM

මටත් හවසට ගෙදර කියලා අල්ලපු ගෙදරට යැවෙනවා !!! (ස)

:       0       0

හේරත් Tuesday, 03 September 2013 06:56 PM

සියලු කාන්තාවෝ සුවපත් වෙත්වා. (නදී)

:       0       0

කින් බෙනට් Sunday, 01 September 2013 08:33 AM

ඔය පළාතේ කට්ටියගේ වැඩ කටයුතු සියල්ලම ඔය වගේ තමයි. කිසිදෙයක් දුර දිග කල්පනා කරලා නෙමෙයි කරන්නේ. නැත්නම් ඔහොම නගිද? අනික නැග්ග කෙනාව ඔහොම අතරමගින් බස්සයිද? (නි)

:       0       0

අජිත් මාපා Tuesday, 03 September 2013 07:29 PM

ඕන් අටක නාටක.(නදී)

:       0       0

මර්ෂූඩ් Tuesday, 03 September 2013 09:56 PM

අනිත් ළමයා වෙනත් ටියුසන් පන්තියකට යවන්ඩ කලබලේට නැගලා ඇති අපේ සමහර අම්මලාට ටියුසන් කිව්වොතේ ගෙදර මනුස්සයත් අමතක වෙනවා නේද!! (අ)

:       0       0

අෂේන් Wednesday, 04 September 2013 05:00 AM

වසන්ත ඔය විදියට ලියන්නේ විවෘත ආර්ථිකේ නිසා නේද වැරදිලා තියෙන්නේ. අපිට හරි සිස්ටම් එකක් නැති නිසා අපි ඔක්කොම එකතු වෙලා ඒකට විසදුමක් හොයමු.(නදී)

:       0       0

අශේන් Wednesday, 04 September 2013 05:07 AM

සිද්ධිය සුළු වුණත් අපේ පාඨකයා හිතන විදිහ හරිම වැරදියි. (නි)

:       0       0

කටා මාමා Wednesday, 04 September 2013 10:57 AM

මේ කාන්තාවට පයින් යන්න බැරි නිසා කරපු කපටි වැඩක් වගේ !! පව් එහෙම කියනවද දකුණේ අක්කලාට චන්දි නගෝ. . (ස)

:       0       0

චන්දි Wednesday, 04 September 2013 11:29 AM

ඇත්තටම !!! අපේ රටේ දරුවන් ගැන පුදුම කල කිරීමක් ඇති වෙන්නේ.., මොකද මේ තරම් මහන්සි වෙලා නිදි මරාගෙන පාඩම් කරලා කීයෙන් කී දෙනාද විභාගේ පාස් වෙන්නේ !!! බලන්න මේ රටවල්වල ටියුෂන් පන්ති ඇත්තෙම නැහැ ඒත් ඒ වුනාට කොච්චර හොඳට ළමයි ඉගෙන ගන්නවද? එහෙමත්ම ළමයෙක් තමයි පේල් වෙන්නේ. අනේ මන්දා රටේ දරුවන්ගේ ඉදිරි අනාගතේ මොනවා වේවිද කියලා. (ස)

:       0       0

චන්දි Wednesday, 04 September 2013 11:33 AM

කටා මාමේ.., මම පැත්ත ගියත් ඇත්ත කියන කෙනෙක් !!! දකුණ.,උතුර.., බස්නාහිර කියලා නැහැ. කපටි වැඩ කරන ගැහැණු ..,මිනිස්සු කොහෙත් ඉන්නවානේ (නැද්ද මං අහන්නේ) (ස)

:       0       0

චන්දි Wednesday, 04 September 2013 11:36 AM

ධම්මික, ඔයා හිනා වෙලා අඩන්නත් එපා..,අඩලා හිනා වෙන්නත් එපා!!!! දෙයියනේ !! කියලා හිනා වෙලාම ඉන්න ඉතාකොට ජිවිතේ හරිම ලස්සනයි!!! (නදී)

:       0       0

දිසානායක Wednesday, 04 September 2013 04:27 PM

චන්දිත් එක්ක එක දවසක් එක තැනකට වෙලා හිනා වෙන්න ඇත්නම් කියලා හිතෙනවා. (ස)

:       0       0

චන්දි Wednesday, 04 September 2013 05:07 PM

ට්‍රයි දීල බලන්න., බැරි වෙන එකක් නැහැ !!! මමත් ඉරිදට යහළු යෙහෙලියන් සමග එකතු වෙලා ගොඩක් හිනා වෙනවා .,එතකොට ඇගේ ලේත් පිරිසිදු වෙනවා. එදාට මව් බිමට ගිය වගෙයි දැනෙන්නේ(ස)

:       0       0

රූපවතී Thursday, 05 September 2013 02:06 AM

අපේ සරත්ගේ පරණ මෝටර් සයිකල් කටුව කියලා හිතාගෙන ගොඩ වුණේ.ඉදිරියෙන් තිබෙන බෝක්කුව ළගින් බෙල්ලවත් මිරිකන්නම් කියලා හිතාගෙන, පස්සෙයි දැක්කේ අනේ අප්පේ....! අසරණ විශ්‍රාමිකයෙක්. පස්සේ කෑගහලා බිමට පැන්නා. (නි)

:       0       0

හේරත් Sunday, 15 September 2013 12:59 AM

මම බ්යිසිකලේ විකුනනවෝ. කව්රුවත් මේකට නගින්නෙත් නැහැ. බලන්න චන්දි, රූපා, කුමාරි, මනෝරි බලන්න අනේ.(නදී)

:       0       0

කුමාරි Friday, 30 August 2013 06:42 PM

පාන්දර 04,30 ට උපකාරක පන්ති? අයියෝ කාට කියන්නද මේවා? මට හිතෙන්නේ පන්තියේ ඔක්කොම නිදි ඇති (නි)

:       0       0

ෂාන් Friday, 30 August 2013 09:45 AM

ගෑනු ඔහොම්මමයි . (ස)

:       0       0

චන්දි Friday, 30 August 2013 09:51 AM

එතකොට ඒ කාන්තාව ආවේ කා එක්කද ...?මෙහෙමත් වැරදෙනවාද..? මන් හිතන්නේ මේ කාන්තාවට පයින් යන්න බැරි නිසා කරපු කපටි වැඩක් වගේ !! (දී)

:       0       0

සරත් Friday, 30 August 2013 10:01 AM

මේ නම් අපේ රූපවතී අක්කම වෙන්න ඕනේ! හොඳ වෙලාවට ගෙදරට යන්න ඉස්සර හන්දියේදී දැනගත්තේ!ඒත් කමක් නෑ විශ්‍රමිකයෙක්නේ! (ස)

:       0       0

කටුවන Friday, 30 August 2013 10:37 AM

ඔඉන් ගීයා මදැයි අතක් පයක් නොකැඩි (දී)

:       0       0

ගාමිණි Friday, 30 August 2013 11:10 AM

කාන්තාවන්ගේ ඔලුවේ දහසකුත් වැඩ තියාගෙන තමා දවස ගත කරන්නේ .ඒ අයට අනුකම්පා කල යුතුවෙනවා .(දී)

:       0       0

ගාල්ලේ සංජිව Friday, 30 August 2013 12:19 PM

අවරුදු කීයක් පවුල් කාලද දන්නේ නැහැ නේද,, මොකද තමන්ගේ බිරිඳගේ බර ,, උණුහුම,වගේ දේවල් පිටිපස්සේ වාඩි උනහම දැනෙන්න ඕන,,,, එක නොදනී වෙන කෙනෙක් දාගෙන ගියානම් හොඳ ස්වාමි පුරුෂයෙක් නොවෙයි (දී)

:       0       0

සංජු Friday, 30 August 2013 12:52 PM

මොහිනිද දන්නේ නැහැ (නි)

:       0       0

චතූ Friday, 30 August 2013 02:02 PM

අනේ මන්දා මෙයාලත් කරගන්න දේවල්? (නි)

:       0       0

විජේ Friday, 30 August 2013 02:11 PM

ගද සුවද දන්නවද ? (නි)

:       0       0

නාලක Friday, 30 August 2013 02:31 PM

අනිත් කාන්තාව හිතාමතාම යතුරු පැදියට නැග්ගද කියො කවුද දන්නේ? (නි)

:       0       0

සෙලනිකස් Friday, 30 August 2013 04:41 PM

උපකාරක පන්ති යන වයසේ ඉන්න දරුවෙක් ඉන්න විශ්‍රාමිකයෙක් ? කියන හැටියට පොඩි දරුවෙක් වෙන්න ඕනෑ. නැත්නම් තුන්දෙනාම කොහොමද මෝටර් බයිසිකලේ ගියේ. (නි)

:       0       0

රෙමා Friday, 30 August 2013 05:16 PM

අපරාදේ ගෙදර එක්කගෙන යන්න තිබුණනේ (නි)

:       0       0

අසෝක Friday, 30 August 2013 06:32 PM

මේවා හිනාවෙන්න ඕනෑ දේවල් නෙමෙයි. අනාගත පරපුර වෙනුවෙන් අඩන්න වෙන දේවල්. පාන්දර 5 ට උපකාරක පන්ති. ඇත්තටම මේ විදියට ළමයි පාසල් යවන එකේ තේරුමක් තියෙනවද? ඉස්කෝල වල උගන්වන්නේ නැත්නම් ගුරුවරුන්ට පඩි ගෙවන්නේ මොකටද? මම නම් කියන්නේ ඔය සේරම ටියුෂන් පන්ති තහනම් කරන්න කියලා. අපි පාසල් යනකාලේ පන්තියේ ළමයෙක් ටියුෂන් ගියා නම් ගුරුතුමියගෙන් හොදට බැනුම් අහගන්න වෙනවා. (නි)

:       0       0

රූපවතී Friday, 30 August 2013 09:45 AM

මනුස්සයෝ ජීවත් වෙන්නේ මෙලෝ සිහියකින් නෙවේ ...? විශ්‍රාමික අපේ සිරිපාල මාමා,,, වගේ කෙනෙක් නිසා ඒ නැන්දා බේරුනා ..?හමුදාවේ කෙනෙක් හෙම උනානම් දෙවි පිහිටම තමයි ....? (ස)

:       0       0

සෙනරත් Friday, 30 August 2013 08:31 PM

කුඩා දරුවෙක් පාන්දර උපකාරක පන්ති යාමත්, එතරම් කුඩා දරුවෙකුට විශ්‍රාමික පියෙක් සිටීමත් නොගැලපෙනවා වගේ. (නි)

:       0       0

සමන් Friday, 30 August 2013 09:11 PM

අසෝක. ඔබට මෙන්ම මටද දැනුනු සංවේගය කියා නිමකළ නොහැක. අපේ රට යන අත දෙස බලා හුල්ලනවා හැරෙන්නට කළ හැක්කක්ද නොමැත. කුඩා දරුවන්ව කාලකන්නි (සමා වෙන්න) මුල්‍ය පරමාර්ථවලට යොදාගැනීම පිළිකුල් සහගතව හෙලා දැකිය යුතුවෙයි. කියන්නට බොහෝ දේ ඇතත් ප්‍රශ්නයක් පමණක් අසමි. ඒ මෙවැනි පුද්ගලයනට අවැසි අතට රට ගෙන යාමට හැකි නම් අපිට රට පාලනයට රජයක් කුමටද යන්නයි. (අ)

:       0       0

දර්ශන් Friday, 30 August 2013 09:21 PM

කෝපි කෝප්පයක් සමග සුළු කෙටි ආහාරයක් ගත්විට නිදිමතක් ඇති නොවේ.එහෙත් පොඩි දරුවෙක් නම් පව් තමයි. (නි)

:       0       0

දිසානායක Friday, 30 August 2013 11:43 PM

ඒ එහෙම වෙනවද අයියෝ (අ)

:       0       0

පද්මිණි Saturday, 31 August 2013 12:31 AM

අප්පච්චිත් 55 පනින තුරුම උපකාරක පන්ති ගියාද? (අ)

:       0       0

කනම්පිටියෙ අමරෙ Saturday, 31 August 2013 02:32 AM

අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්නට කාලය ඇවිල්ලා කියලා බලවතුන්ට තේරුනොත් හොදයි. නැත්නම් බවලතුන්ට මේ වගේ අකරතැබ්බ වන එක නවතන්න බැරිවේවි. (නි)

:       0       0

වසන්ත Saturday, 31 August 2013 10:41 AM

මේ ප්‍රශ්නයට වග කියන්න ඕනේ විවුර්ත ආර්ථිකයයි (දී)

:       0       0

උපුල් Saturday, 31 August 2013 12:46 PM

අසෝක, සමන් ඔබ හරි . දැන් උපකාරක පන්ති වලින් ගුරු හොරු මහා පරිමාණයෙන් මුදල් හම්බ කරනවා . උසස් පෙළ පන්ති වලින් එක ළමයකුට උගන්නන්න්න 2500 ගන්නවා.(අ)

:       0       0

ශිරෝමි Saturday, 31 August 2013 01:49 PM

උදැසන 5 ට උපකාරක පන්තිය පටන් ගන්නේ?. අහෝ ඛේදයකි ! (නි)

:       0       0

සමන් Saturday, 31 August 2013 09:03 PM

අමරේ, බලවතුන්ට කියලා විතරක් මදි. අන්තරේටත් කියන්න ඕනි. හැමදාම අධ්‍යාපනය වෙනුවෙන් කෑ ගහන ඒ උදවිය මම දන්නා තරමින් ටියුෂන් වලට විරුද්ධව කථා කරලා නැහැ. ඒ අයගේ පරමාර්ථ අවංක නම් අපි මේ තරමට පිරුහුණු ජාතියක් නොවෙන්න තිබුනා. (දී)

:       0       0

කනම්පිටියෙ අමරෙ Sunday, 01 September 2013 01:11 AM

සමන්, අන්තරේ ගාවගත්තොත් ප්‍රශ්න වැඩි වෙන එක තමා වෙන්නෙ... (නි)

:       0       0

කින් බෙනට් Sunday, 01 September 2013 08:28 AM

මම නම් ඔහොම අවස්ථාවක් ආවා නම් නෝනට පන්ති ඉවර වෙනකම් පන්තිය ළඟ ඉන්න කියලා අලුතෙන් නැග්ග කෙනාව ගෙදරටම එක්ක ගිහින් පස්සේ කොහෙට හරි ඇරලවනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site