X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


පාර අයිනේ සුළුදිය පහකළාට ඉත්තෑවකුගෙන් දඬුවමක්

අඳුර වැටෙමින් තිබූ ගොම්මන් වෙලාවේ කට ගොන්නක් බීගෙන කැලෑබද පාරකින් ගමන් කරමින් සිටි මැදිවියේ පුද්ගලයකු පාර අයිනේ සුළු දිය හලන්නට ගොස් යක්ෂ ප‍්‍රහාරයකට ලක්වීමේ පුවතක් ලංකාදීපයට වාර්තා විය. සිද්ධිය සැකෙවින් මෙසේය. මහනුවර නගරයට නුදුරු කුඩා ගම්මානයක මෙය සිදුවිය. කුලී වැඩක් කරමින් සිය පවුල නඩත්තු කරන ඔහු වැඩ අවසන් වී හවස් කාලයේ ඇඟපතේ වේදනාවට යැයි කියමින් මඳක් ඇඟ රත්කර ගැනීම සිරිතක් වශයෙන් කරගෙන ආවේය. පසුගිය දිනෙක ඔහුට වැඩ කරන්නට සිදුවූයේ ගමේ සිට සැතපුම් තිහක් පමණ දුරකය. ඔහු වැඩ අවසන් කර ගමට එනවිට රෑ බෝ වී තිබූ අතර අඳුරේම ඔහු වත්තක් මැදින් වැටී තිබූ කුඩා දෙවැට දිගේ නිවස කරා ගමන් කරන්නට විය. ඔහු මඳක් බීමත්වද සිටි බැවින් ඔහුට ඉවසා ගත නොහැකි මුත‍්‍ර බරක් ඇතිවිය. ඔහු කළේ සිය අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා කළුවරේම පාර අයිනට යාමය. ඔහුට කිසිවක් හිතා ගන්නට වේලාවක් ඉතිරි නොකරම එක්වරම ඔහුගේ කලවා ප‍්‍රදේශයට යක්ෂ ප‍්‍රහාරයක් එල්ල විය. ඔහු ප‍්‍රදේශය දෙවනත් කරමින් කෑ ගසාගෙන දිව යන්නට විය. ඔහු නැවතුණේ නිවසටම දිව ගොස්ය. හති දමමින් දිව එන සිය සැමියා දුටු බිරිඳ බියට පත්ව කරුණු විමසීය. ඔහු කීවේ තමන්ට යකෙක් ගැසූ බවයි. ඔහුගේ සරම ලෙයින් තෙත් වී තිබිණ. අනතුරුව පරීක්ෂා කිරීමේදී ඔහුගේ කලව ප‍්‍රදේශයේ ඉත්තෑකූරු කිහිපයක්ම දක්නට ලැබිණ. මොහු සුළු දිය හලන වෙලාවේ එම ස්ථානයේ සැඟව සිටි ඉත්තෑවකුගේ ඇඟට වැටී තිබේ. එයින් කෝප වූ ඉත්තෑවා සිය කූරු විසිකර ගසා ඇති බව පසුව අනාවරණය විය.



අදහස් (0)

පාර අයිනේ සුළුදිය පහකළාට ඉත්තෑවකුගෙන් දඬුවමක්

ආරියසේන Wednesday, 08 January 2014 10:37 PM

මම අහල තියෙනවා ඉත්තාව ගේ කුරු තියෙන්නේ සතුරන්ගෙන් ආරක්ෂා වීමටයි. ආරක්ෂක පියවරක් අනුගමනය කරන්න ඇති.(නධී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 13 January 2014 02:19 AM

දැන් දෙයියෝ සාක්කි තීරුවට කතෘ තුමනි අදහස් වැඩිම උනොත් 20 ගානක් පමණයි. චන්දි,රූපා,ඉන්දු,දිසා,සරත්,හේරත්,වන්නි තිලක්,මඩුක,මේ කිසිම කෙනෙක් ලියන්නේ නැහැ. ඒ මන්ද එයාලගේ නම් වලින් වෙනත් අය ලියන නිසා. එක දිගටම ඒ නම් වලින් අනවශ්‍ය දේවල් ලියා ඒ ලියපු අය ඇත්ත නම් වල අය ගොඩක් අපහසු තාවයට පත් කලා මේ තීරුව තුල. එම නිසා ගොඩක් දෙනෙක් අදහස් දමන්නේ නැත. දිගෙන් දිගටම මේ තත්වේ පැවතුනොත් දෙයියෝ සාක්කි ඉබේටම පාලු වෙනවා නියතයි.(නදී)

:       0       0

සමන් Friday, 10 January 2014 05:29 PM

සමාහරු ලියනවා මන්ද බුද්දිකයෝ වගේ.(නදී)

:       0       0

නිමල් Thursday, 09 January 2014 09:29 PM

අපි දන්න ඉත්තෑවෝ නම් මිනිස්සු ලං වෙන විට දුවනවා.(ත)

:       0       0

නිලූ විදානගේ, සෞදි අරාබියාව Thursday, 09 January 2014 04:19 PM

දියුණු රටවල ඔය විදියට පාරේ මුත්‍රා කරන්නේ නැහැ.(නදී)

:       0       0

පියුමි Thursday, 09 January 2014 03:17 PM

ඉත්තෑව දඩුවම දිලානම් තියනවා හොදටම (දී)

:       0       0

හාමු Thursday, 09 January 2014 02:49 PM

ඕක වෙන්න ඇත්තේ මේ මනුස්සයා අංක එක නෙමේ කරන්න යන්න ඇත්තේ... අංක දෙක... දකින්නේ නැතිව ඉත්තෑවා උඩ වාඩි වෙද්දී ඇනෙන්න ඇති. (දී)

:       0       0

නැනි Thursday, 09 January 2014 11:48 AM

වන ජීවී නිලධාරීන් ගොස් ඉත්තෑවට බෙහෙත් කල යුතුය . (දී)

:       0       0

සෑම් Thursday, 09 January 2014 11:35 AM

ඉත්තෑවෝ කූරු නොවිදිති.... ඔවුන් බිය වූ විට සිය ශරීරය පුම්බති.... එවිට කූරුවල කවරකු හෝ ගෑවුනොත්, හෑපුනොත් ඉත්තෑ කූරු ඈනේ.... (දී)

:       0       0

ඉන්ද්‍රාණි Thursday, 09 January 2014 11:29 AM

. මේක කියපු කෙනාව මල ගෙවල් වල නිදිමරන්න එක්ක යන්න හොදයි.(අ)

:       0       0

කැලුම් Thursday, 09 January 2014 09:44 AM

මම හිතන්නේ මේ මිනිහ වෙරි මරගාතේ ඉත්තෑවාගේ ඇග උඩට වැටෙන්න ඇති.නැතුව කුරු විදින්න බැහැ. (දී)

:       0       0

සේනක Thursday, 09 January 2014 02:59 AM

ඉත්තෑවා කුරු විදින කතාවේ විද්‍යාත්මක පැත්ත මොකද්ද (දී)

:       0       0

සුජීවා Thursday, 09 January 2014 02:59 AM

ඉත්තෑවට කේන්ති යන්න ඇති, (දී)

:       0       0

සරා Thursday, 09 January 2014 12:11 AM

තව ටිකක් උඩට වැදුනානම් ප්‍රේමා ප්‍රේම කරලා ඉවරයි . (නදී)

:       0       0

ධම්ම Wednesday, 08 January 2014 10:02 AM

ඉත්තෑවා සිය කූරු විසිකර ගසන්නේ නැත.(නදී)

:       0       0

නුගේගොඩ Wednesday, 08 January 2014 07:30 PM

ඔයින් ගියා ඇති. (නදී)

:       0       0

සෑම් Wednesday, 08 January 2014 07:03 PM

ඉත්තෑවා ඔය තරම් වේගයෙන් ධමල ගහන බව අදමයි දන්නේ. මොකද එච්චර වේගයෙන් උඩට වීසි වෙන්න එපැයි. අනික කොහොමද පස්ස පැත්තට ඇනුනේ ඉස්සරහට අනින්නේ නැතිව. මේ කතාව අමූලික බොරුවක්ද කොහෙද? (නදී)

:       0       0

කේෂාන් Wednesday, 08 January 2014 04:59 PM

කොහොමද ඉත්තාවගේ ඇඟ උඩට වටුනනම් (දී)

:       0       0

පවන් Wednesday, 08 January 2014 03:50 PM

නියමයි! (නදී)

:       0       0

අමල් Wednesday, 08 January 2014 02:52 PM

සුළු දිය පහ කරන්න ගිහිල්ල වෙච්ච දෙයක්, අනේ පව් අසරණයා (දී)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Wednesday, 08 January 2014 01:45 PM

මුත්‍රා ඇඟට වැටුනාටනම් ඉත්තවෙක් තරහ ගන්නේ නැහැ. වෙන මොනවා හරි කරන්න යන්න ඇති. ඉත්තෑවා කූරු විදින්නේ නැහැ. නමුත් ඇඟ හොලවනකොට කූරු හැලෙනබවයි විද්‍යාත්මක මතය. (දී)

:       0       0

නාලිනී Wednesday, 08 January 2014 01:28 PM

ඇති යන්තම් ආරක්ෂක ස්ථානය බේරා ගත්තා.(නදී)

:       0       0

මංජුල Wednesday, 08 January 2014 12:49 PM

ඔය වගේ දේවල් වලට තමයි කියන්නේ කොරේ පිටට මරේ කියලා (දී)

:       0       0

අයේෂ් Wednesday, 08 January 2014 12:10 PM

ඉත්තාවා කුරු විදිනවා කියලා තමයි අපිත් හිතා හිටියේ නමුත් එහෙම වෙන්නේ නැතිලු (දී)

:       0       0

ෂෙලාන්සියුස් Wednesday, 08 January 2014 12:01 PM

වාසනාවට ඔහොම බේරුනේ.(නදී)

:       0       0

ප්‍රේමා Wednesday, 08 January 2014 11:24 AM

තව ටිකක් උඩට වැදුනා නම් තමයි වැඩේ.(නදී)

:       0       0

සෑම් Wednesday, 08 January 2014 11:22 AM

කලවා ප්‍රදේශයට වැදුනේ පෙර වාසනාවකට. තව ටිකක් ඉහලට වැදුනානම් යකෙක් නොවේ මහසෝනා ගැහැව්වා වගේ හිටියි.(නදී)

:       0       0

අකිල දුලාජ් Wednesday, 08 January 2014 10:34 AM

ධම්මගේ කතාවට මාත එකගයි. මමත් අදමයි ඇහුවේ ඉත්තෑවා කූරු විසිකර ගහනවා කියලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site