(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
මාර්ගයේ පැවැති දුෂ්කර තත්ත්වය නිසා මංගල රථය අතරමඟ නතර කිරීම හේතුවෙන් මනාලිය විල්බැරෝවක නංවාගෙන කිලෝමීටර එක හමාරක් පමණ තල්ලු කරගෙන යාමට මනාලයාට සිදුවූ පුවතක් පසුගියදා දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.
ව්‍යාපාරික කටයුත්තක් කරගෙන යන මෙම තරුණයා ව්‍යාපාර කටයුතු සඳහා නගරයට ගිය අවස්ථාවක දැන හඳුනාගත් තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගත්තේය.
තරුණයාගේ ගම් ප්‍රදේශය ගමනාගමන පහසුකම් අතින් ඉතා දුෂ්කර වුවද ඔහුගේ උත්සාහවන්ත බවත් යහපත් ගතිගුණත් නිසා ඔහු හා ඇතිකරගත් සම්බන්ධයට තරුණියගේ මවුපියන්ගේ ආශිර්වාදය හිමිවිය.
ඒ අනුව දෙදෙනාගේ විවාහ මංගල්‍යය කටයුතු පසුගියදා සිදු කෙරිණි. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව එම කටයුතු සැලසුම් කර තිබිණ.
මනාල යුවළ රැගත් නවීන පන්නයේ සුඛෝපභෝගී මෝටර් රථය මනාලයාගේ නිවෙසට කිලෝ මීටර එක හමාරක් පමණ තිබිය දී නතර කෙරිණි. මාර්ගයේ එම කොටස දැඩි ලෙස අබලන්ව ගල් මතුවී තිබීම නිසා මෝටර් රථය ඉන් ඔබ්බට ධාවනය කරවීමට රියැදුරා කිසිසේත් කැමැත්තක් නොදැක්වූයේ මාර්ගය මෙතරම් දුෂ්කර බව මුලින් තමාට නොකී බවට ද චෝදනා කරමිනි.
කෙසේ වෙතත් රියැදුරාගේ තීරණය වාදයකින් තොරව පිළිගත් මනාල යුවළ එතැන් සිට පා ගමනින් යාමට තීරණය කළේ ඉතා කැමැත්තෙනි. සෙසු පිරිස පැමිණි වාහන ද එම ස්ථානයේ නතර කෙරුණු අතර දෑවැදි භාණ්ඩ රැගත් ලොරි රථය පමණක් ඉතා අමාරුවෙන් ඉදිරියට ඇදිණ.
නව යුවළට වැඩි දුරක් පයින් යාමට සිදු නොවිණි. මනාල මහතාගේ මිතුරෝ පිරිසක් විල්බැරෝවක් රැගෙන පැමිණියහ. මනාලිය එයට නැංවීය.
එතැන් සිට නිවෙස දක්වාම සිය මනාලිය සහිත විල් බැරෝව තල්ලු කරගෙන යාමට මනාලයාට සිදුවූයේ සෙසු පිරිසගේ දිරි ගැන්වීම් සහ විනෝදාත්මක කතා මධ්‍යයේය.
කෙසේ වෙතත් පසුව දැනගන්නට ලැබුණේ මනාලයාගේ යහළුවන් නිවෙසට මීටර සියයක් පමණ මෙහා සිට යාමට සූදානම් කර තිබූ විල්බැරෝ ගමන අහම්බෙන් ඇතිවූ සිද්ධිය නිසා කිලෝ මීටර එකහමාරක් පමණ දීර්ඝ වූ බවයි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පාර කැඩිලා: මනාල ජෝඩුවට රැග් එකක් ලැබිලා