(නැදලගමුව ආර්.ඒ. ප්‍රිංයකා රූපසිංහ)
වයඹ පළාතේ ගැමි නිවසක බූරුවා ගැසීම කරගෙන ගියේ රාත්‍රී කාලයේය. සූදුවට ගෙහිමියා සම්බන්ධ නොවූවද ඔහුට තෝන් ලැබීම නිසා ඔවුහු හිතවතුන්ට තම නිවෙසේ කාමරයක බූරුවා ගැසීමට ඉඩ දී පොලිසියෙන් එනවා දැයි ඔත්තු සේවයේ ඔහු යෙදී සිටියේය.
සූදුව ආරම්භ වී මොහොතකට පසු පැදුරේ කාඩ් කුට්ටම එහාට මෙහාට බෙදෙන විට මුදල් නෝට්ටු ද පැදුර මත සංසරණය වූයේ සූදු ක්‍රීඩාවේ යෙදෙනවුන්ගේ අත ද යහමින් මුදල් ගැවසුණ හෙයිනි. එන්න එන්නම ජයටම කෙරීගෙන ගිය සූදුවේ දිනුම් පැරදුම් මත කාගේත් සිත් යොමුව තිබිණි.
සූදුවට සිත් යොමා සිටි සූදුකරුවන්ට අවට ලෝකය අමතක වී තිබුණ ද ගෙහිමියා අවධානයෙන් සිටියේ කොයි වෙලේ හෝ කාගේ හෝ ඔත්තුවකට පොලිසිය කඩා පනිවී යයි සැකයෙනි. පැයක් පමණ අවට පරිසරය නිසොල්මනේ තිබුණත් නිවසේ සිටි බල්ලා සහ දඩාවතේ සිටි බල්ලන් ගේ ඉදිරිපසින් බුරන්නට පටන් ගත්තේ දඩි බිඩි ගා කවුරුන් හෝ කලබලයෙන් ගමන් ගන්නා හඬට බව දැනගත් ගෙහිමියා පොලිස් පොලිස් යනුවෙන් නිවෙස පිටුපසට පැමිණ කෑ ගසන්නට විය. එසැනින් කලබල වු සූදු කරුවන් පැදුරෙන් නැගිට දුවන්නට පටන් ගත්තේ උන් හිටි තැන් අමතක කරමිනි.
කාඩ් කුට්ටම සහ පැදුර මත තිබූ මුදල් ද එතනම දමා දුවන්නට පටන් ගත් ඔවුහු එම නිවසේ මුළුතැන්ගේ පිටුපස ඇති වතුර බොන ළිඳ ගැන නොදැන සිටියෝය. ළිඳ අනාරක්ෂිතව තිබූ හෙයින් දුවන්නට නිවසින් එළි බහින එකිනෙකා ළිඳට වැටෙන්නට විය. ළිඳට වැටුණු කිසිවෙක් කෑ ගැසුවේද නැත.
ළිඳේ වතුර මට්ටම අඩුව තිබූ නිසා වතුරට වැටුණ ද ළිං ඉවුර මත එල්ලි සිටීමට හැකියාව තිබුණි. ළිං පත්ල කඩා වැටීම නිසා ළිං ඉවුරේ එකිනෙකා එල්ලී සිටියේ මහත් වෑයමකිනි. ළිඳ ගැඹුරුය. පැය භාගයක් පමණ ගත විය. ආපු පොලිසියක් නැත. රාත්‍රී පොල් හොරකමේ ගිය තරුණයන් දෙදෙනකු නිවස ඉදිරිපිට පාරේ ගමන් කිරීම නිසා බල්ල බුරා ඇත. නිවෙස් හිමියා බූරු ගැසූ පිරිස කොහේ ගියා දැයි සොයන විට සැඟවී ඇති දැයි බැලීමට ‘පොලිසිය ආවේ නැතෝ...’ කියමින් කෑ ගැසීය. එවිට ළිඳේ සිටි පිරිස ‘අපි මෙහේ... කියා කෑ ගැසූ නිසා ගෙහිමියා විදුලි පන්දම අල්ලා ළිඳට එබී බැලීය. ඔහු දුටුවේ හතර දෙනෙකු ළිඳේ වැටී ළිං ඉවුරේ එල්ලී ඇති අයුරුය. එවිට ඔහු ළිඳේ කඹය ළිඳට දමා එකිනෙකා ගොඩටගත්තේ මහත් පරිශ්‍රමයක් දරා බවත් ළිඳට වැටුණු සමහරුන්ගේ අතපය උලුක් වී තුවාල වී තිබූ බවද දැනගන්නට ලැබුණේ කාලයකට පසුවය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පාරේ ගිය පොල් හොරු දෙන්නා 4ක් ළිඳකට තල්ලු කරලා