පැමිණිල්ල විභාග කළ පොලිස් නිලධාරියාගේ ඇස් කණ්ණාඩිය කඩා කුණු කූඩයට දැමීමෙන් පැමිණිලිකරුවෙකු අමාරුවේ වැටුණු පුවතක් වයඹ පළාතෙන් වාර්තාවේ. සිද්ධිය මෙසේ විය.
එක්තරා සංචාරක හෝටලයක පැවැති සාදයක් අතරතුර මෙරට පදිංචි විදේශීය ව්‍යාපාරිකයකු හා ලාංකිකයකු අතර වූ බහින්බස් වීමකදී විදේශිකයාගේ අත රැඳි ඇස්කණ්ණාඩිය අතට ගත් ලාංකිකයා එය විසිකර දැමීම නිසා එම ඇස් කණ්ණාඩියට හානිවීම හේතුවෙන් මෙම සිද්ධිය සාමය ආරක්ෂා කරන ආයතනය දක්වාම දුර දිග ගොස් තිබේ.
ඇස් කණ්ණාඩිය වටිනා එකක් වීමත් විදේශිකයා තමන්ගේ විදේශික ඌෂ්ණෙන් ස්වදේශිකයකුගෙන් වූ අවමානයත් නිසා මේ ගැන තදින් සිටිය බවයි වාර්තා වුණේ.
ලාංකිකයා තමන් අතින් සිදුවූ වරද ගැන සිතා එය සිද්ධිය පැමිණිල්ල විභාග කරන දවසේ ඉහත විදේශිකයා අත තිබූ ඇස් කණ්ණාඩියට සමාන එකක් මිලදී ගෙන එම සිද්දිය සමථයකට පත් කරගන්න ගොස් තමන් ගෙනා අලූත් ඇස් කණ්ණාඩිය පැමිණිල්ල විභාග කළ නිලධාරියාගේ මේසය උඩින් තබා ඇත.
පොලිස් නිලධාරියා විදේශිකයාට මෙම සිදුවීම සමථයකට පත් කරගන්න කරුණු පැහැදිලි කරමින් සිටියදී ඉහත විදේශිකයා එම මේසය උඩ තිබූ ඇස් කණ්ණාඩිය අතට ගෙන මෙය තමන්ට වුවමනා නැති බව පවසා කඩා කුණු කූඩයට දමා ඇත. ඒත් පසුව බලද්දී කඩා කුණු කූඩයට දමා ඇත්තේ පැමිණිල්ල විභාග කළ නිලධාරියාගේ ඇස් කණ්ණාඩිය බව තේරුම් යාමෙන් පැමිණිලිකරුට වගේම විත්ති කරුටත් අලූත් ඇස් කණ්ණාඩියක් අරන් දෙන්න වියදම් ගියාලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පැමිණිල්ල විභාග කරද්දී පොලිස් නිලධාරියාගේ ඇස් කණ්ණාඩියක් කඩලා
පිටබැද්දර ජයා Tuesday, 03 November 2015 09:02 AM
එකක් කඩතොළු හදාගන්නට ගොසින් මට උන කාරියා , දෙකක් කඩ තොළු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා , (අ)
ජයනාත් Tuesday, 03 November 2015 10:32 AM
1995 දි විතර රත්නපුරේදි අපෙ මාමා තව වාහනයක හප්ප ගත්තා වාහනේ. දෙන්න බැහැල ඇවිත් එකිනෙකාට චෝදනා කරගන්න කොට මිනිස්සු පිරුනා. එතන හිටපු ටවුමෙ ගනන්කාරයෙක් ඇවිත්, "මම අහවලා, මහත්තයෝ ආයිබොවන් දැන් දෙන්නාම යන්ඩ ගෙවල් වලට" කියලා, ඉතින් වාහන දෙකම වෙච්ච පාඩු අමතක කරලා ගෙවල් වල ගිහින් අර මනුස්සයාගේ හැටි දන්න හින්දා. (ර)
රෙජි-සිඩ්නි Wednesday, 04 November 2015 12:00 AM
ඉක්මන් කෝපය හොඳ නැහැ කියන්නේ ඔන්න ඔය වාගේ දේවල් වලට තමයි. (නි)
කිත්සිරි Wednesday, 04 November 2015 04:54 AM
අද මොකද පාඨක සභාව පාලුවට ගිහින් (ම)
ජෙහාන් Wednesday, 04 November 2015 05:05 AM
හදිසි කෝපය සහ ආවේග දැන් ශ්‍රී ලාංකික ජිවිතයේ කොටසක් වෙලා. (ම)
ආසිරි Wednesday, 04 November 2015 11:09 AM
ඇස් කණ්ණාඩිය වටිනා එකක් වීමත් විදේශිකයා තමන්ගේ විදේශික ඌෂ්ණෙන් ස්වදේශිකයකුගෙන් වූ අවමානයත් නිසා මේ ගැන තදින් සිටිය බවයි වාර්තා වුණේ. විදේශිකයාට උණ ගැනිලද හිටියේ ඇස් පෙනීම අඩු නිසා.ඒ විදේශිකයා සුදුවෙලා හිටියේ කබර දාලද නැත්නම් ඇත්තටම සුද්දෙක්ද. (බ)
නුවන් Wednesday, 04 November 2015 01:29 PM
ඒකත් නියම වැඩේ තමයි (නි)
දයාල් Wednesday, 04 November 2015 06:07 PM
මදැයි අතපසුවීමක් නිසා වුණ දෙයක් (නි)