X Advertisement
IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


පිනට බොන්න ගිහින් වෙරි හිඳෙන පාඩමක්

(මාවරල පී.එස්. මද්දුමගේ)
හෙතෙම පෞද්ගලික බස් කොන්දොස්තරවරයෙකි. දිනක් සේවය නිමා කර නිවෙසට යන අතරමගදී බසයේ නිතර ගමන් කරන  අවස්ථාවේ හඳුනා ගත් දෙදෙනෙක් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔහු ළඟ  නතර වූහ.


දැන හැඳුනුම්කමක් හෝ වැඩි තොරතුරක් ඔවුන් ගැන නොදත් කොන්දොස්තරවරයා‘‘ මහත්වරු කොහේද යන්නේ යැයි?, යතුරුපැදියේ පැමිණි අයගෙන් විමසීය.


‘‘අපි මේ ළඟ රෙස්ටුරන්ට් ඇන්ඩ් බාර් එකට යන්නේ. ඔයත් එතනට එනවද කියලා දැනගන්නයි නතර වුණේ.?


‘‘ හොඳයි මම එන්නම් මහත්තයලා යමුකො..,, මදක් නිහඬව  සිටි ඔහු කීවේය.


සෑම දිනකම වැඩ නිමා කර හීන් අඩියක් ගසා ගෙදර යෑමේ පුරුද්දක් තිබූ  කොන්දොස්තරවරයාට මේ ලැබුණ අවස්ථාව ‘‘ලොකු චාන්ස් එකක් යැයි සිතා ඉක්මන් ගමනින් අවන්හලට ගියේය. 


ඔහු යනවිටත් මගදී හමුවූ දෙදෙනා එහි කෙළවරක වූ මේසයක් අසල පුටු දෙකක අසුන් ගෙන සිටියෝය. කොන්දොස්තරවරයා හනිකට එම මේසය අසලට ගොස් හිස්ව තිබූ පුටුවක හිඳ ගත්තේය. 


මිතුරන් දෙදෙනාගෙන් කෙනෙක්‘‘මොනවද  බොන්නෙ? යැයි කොන්දොස්තරවරයාගෙන් විමසීය.


‘‘හොඳ දෙයක් බොමු. නේද?,, කොන්දොස්තරවරවරයා එසේ පැවැසුවේ වැඩි ගණනකට නොගෙනය.


සේවකයකුට කතා කළ එක් මිතුරෙක් ඉහළ මිලක් ඇති රට බීම වර්ගයක් ඇණවුම් කළේය. ඊට ගැලපෙන කටගැස්මක්ද සැන්ඩිද ගෙනෙන ලෙස දැන්වීය


තිදෙනා ආගිය තොරතුරු මෙන්ම පෞද්ගලික තොරතුරු කතා බහ කරමින් කට ගැස්මත්, බීම බෝතලයත් හමාර කරන විට රාත්‍රි 9පසු වී  තිබුණි. මිතුරන් දෙදෙනා මත්පැන් මද වශයෙන් භාවිත කළේ යතුරුපැදිය පදවාගෙන යාමට සිහිකල්පනාවත්, ශරීරයේ සමබරතාවත් රැක ගැනීමේ අදහසිනි. කලකින් රට බීම බොන්නට ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් බස් කොන්දොස්තරවරයා  පදම ඉක්මවා බීම  නිසා නැගිට යාමට තරම් හැකියාවක් නොවීය.


අවන්හල් සේවකයා බිල ගෙනත් දුන් පසු මිතුරන් දෙදෙනාට දෙවියන් සිහිවිය. ඔවුන් ඇතේ ඇති මුදලට වඩා හතර ගුණයක මිලක් ලැබීම ඊට හේතුවිය. බිල ගෙවීමට මුදල් ටිකක් තිබේදැයි කොන්දොස්තරවරයාගෙන් විමසූ මිතුරන්ට ඔහුගෙන් ලැබුණ පිළිතුර වූයේ ‘මා ළඟ මුදල් නෑ, මහත්තයල කතා කළ නිසයි මම ආවේ කියාය.


‘‘එහෙනම් කොන්දොස්තර මහත්තයෝ අපි තියෙන මුදල් ටික දීල, ඉතිරු හිඟ මුදල ගෙදරින් ගෙනත් දෙන්න පොරොන්දු වෙලා බාර් එකෙන් අපි දෙන්න පිටවෙලා ගිහින් එන්නම්. ඔයාට හරියට  කෙළින් පාරේ යන්න බැරි තත්ත්වයක් තියෙන නිසා අපි දෙන්න එනකන් ඔයා බාර් එකේ ඉන්න.


‘හොඳයි හොඳයි, කියූ කොන්දොස්තරවරයා මේසයට හිස තබා ගත්තේය.
මිතුරෝ දෙදෙනා බාර් මැනේජර්ට සිද්ධිය පවසා යාළුවා ඉන්න බවත්, පැය භාගයකින් හිඟ මුදලත් රැගෙන එන බවත් පවසා යන්නට ගියහ.


කාලය ගෙවී ගියද මිතුරන් දෙදෙනා එන වගක් දැක ගන්නට නොවීය. අවන්හල වසා දමන වේලාවද පැමිණ තිබුණි. අවන්හලේ කළමනාකරු කොන්දොස්තරවරයාට කතා කළේය. යාළුවා මොකද දැන් කරන්නෙ. මට සිද්ධ වෙනවා ඔයා පොලිසියට එක්කගෙන ගිහින් මගේ මුදල ලබා ගන්න. දැන් අපි පොලිසියට යමු.’’,


කළමනාකරු තම මෝටර් රථයට කොන්දොස්තරවරයාද නංවාගෙන පොලිසියට ගියේය. සිද්ධිය පොලිසියට කියා කොන්දොස්තරවරයා පොලිසියට බාර දුන්නේය. පොලිසිය කොන්දොස්තරවයාගෙන් ප්‍රශ්න කර මුදල් ගෙවනවාද විමසීය. ඔහු මුදල් ගෙවීමට නොහැකි බව පවසමින් තමාට ගෙදර යන්න අවශ්‍යයි කියා පොලිසියේදී කලහකාරී ලෙස හැසිරුණේය. පොලිසියේ සේවය නිරත රාත්‍රී ස්ථානභාර නිලධාරියා කොන්දොස්තර අල්ලා පොලිස් සිර මැදිරියට දැමුවේ ‘‘බීමත්ව රජයේ ස්ථානයක කලහකාරී ලෙස හැසිරීම, පෞද්ගලික ආයතනයකින් මත්පැන් ලබාගෙන වංචාසහගත ලෙස අලාභයක් සිදුකිරීම, ආදී චෝදනා මත නඩු  පවරන බව පවසමිනි. 


කළමනාකරුගෙන් පැමිණිල්ලක් ලබාගෙන පොලිස් පැමිණිලි ​ෙපාතේ සටහන් තැබීමටද පොලිස් නිලධාරියා පියවර ගත්තේය.

 



අදහස් (0)

පිනට බොන්න ගිහින් වෙරි හිඳෙන පාඩමක්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site