රජ්ගම විශේෂ ධර්මදාස සිරිවර්ධන
තම මිතුරකුගේ අවමගුල් අවස්ථාවකට යමින් සිටි ගැටවරයකු මෙවර පැවැත්වෙන අ.පො.ස. විභාගයට යන බව අඟවා මළගෙදර ආසන්නයේ තිබූ විදුහලක් අසලට සැප රියකින් ගොස් රහස හෙළි වීමෙන් පසු ජීවිතයට අමතක නොවන කනේ පහරක් කෑ පුවතක් දෙනියායක් ඇති ප්‍රදේශයකින් වාර්තාවේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
මේ වනවිට රටේ ඇති දුෂ්කර තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කරමින් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය පවත්වන ලද්දේ දරුවන්ට අවශ්‍ය උපරිම සහාය ලබාදෙන ලෙසත් නොහඳුනන දරුවෙකු වුවද විභාගයට යන්නේ නම් තමාගේ වාහනයේ හෝ ගෙනගොස් විභාගය පැවැත්වෙන විදුහලට ගෙන ගොස් දමා දරුවන්ට පිහිට වන ලෙසත් ජනතාවගෙන් ඉල්ලීමක් කිරීමෙන්ද අනතුරුවය.
කෙසේ වුවද විභාගය පැවති පසුගිය දිනෙක මෙම ගමෙහි තරුණයකුට සැල වූයේ ඔහුගේ හොඳම මිතුරාගේ මිත්තණිය මියගොස් ඇති බවයි.
සිද්ධිය දැනගත් වහාම ජැන්ඩි පහට සුදු ඇඳුමකින් සැරසී නිවසින් පිටත් වූයේ තම මිතුරාගේ නිවසට යාමේ අටියෙනි. බස්රථයක් පැමිණෙන තෙක් බස් නැවතුමේ සිටින අතරේ ඔහු සිහින මැව්වේ විභාගයට යන අයුරින් වාහනයක නැග පිනාපාරක් යා ගත හැකි වුවොත් වාසනාවක් යනුවෙනි.
අවමගුල තිබූ නිවසට සැතපුම් පහක් පමණ තිබුණි. මේ වන විට වෙලාව අටයි තිහ පමණ වී තිබූ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවය කරන නිලධාරියෙක් රැස්වීමක් සඳහා තම පෞද්ගලික මෝටර් රථයෙන් යන අතරතුරදී මෙම දරුවා දැක වාහනය නතර කර විභාගයට යන දරුවෙක් දැයි විමසීය.
තරුණයා එක්වරම පාත්වූ වාසනාවට පිටු නොපා පැවසුවේ ඔව් යන්නයි. විදුහලේ නම විමසූ විට මළ ගෙදර ආසන්න විදුහලක නම සඳහන් කළ අතර නිලධාරියා තමා යාමට පැමිණි ගමන ප්‍රමාද කර මේ දරුවා පෙරවරු නවයට පෙර විදුහලට ඇරලීය.
කොලුවාද සැපසේ වායු සමීකරණය කළ වාහනයක යාමට වාසනාව ලැබීම ගැනත් තමාගේ කපටි නුවණ ගැනත් යටි සිතින් සිතමින් ගොස් මළ ගෙදර ආසන්නයේ තිබූ විදුහල ලඟින් බසිනවාත් සමඟම මෙම නිලධාරියාට සැකයක් දැනී පුතේ admission (ප්‍රවේශ පත්‍රය) පෙන්වන්නැයි ඉල්ලීය. මෙම තරුණයාට හීන් දාඩිය දැමීමට පටන් ගත් අතර ගොත ගසමින් ඇත්ත සිද්ධිය හෙළි කරනවාත් සමගම මෙම නිලධාරියාගේ කෝපය ඉහවහා ගොස් අත දිග හැර කනේ පාරක් දුන්නේය.
වටයක් කැරකී බිම ඇදවැටුණු කොලුවාට ලුණු ඇඹුල් හැර දෙක තුනක් කියා වාහනයට නැගි නිලධාරියා රැස්වීමට යන විට වේලාව ද පසු වී තිබුණි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පිනා පාරෙන් මළ ගෙදරට පාත් වෙන්න ගිහින් කනේ පාරක් කාලා