(මාතලේ ඇම්.ඩබ්ලිව්. සෝමරත්න)
පිපික්‍ඳ්ඤා කිලෝව රුපියල් 25 බැගින් අලෙවි කළ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ ව්‍යාපාරිකයකුට පිපික්‍ඳ්ඤා කිලෝවක් රුපියල් 180 කට මිලදී ගැනීමට වූ සිද්ධියක් මාතලේ පොදු වෙළඳ සංකීර්ණයෙන් වාර්තා විය.
මෙම සිද්ධියට ලක්වී ඇත්තේ දඹුල්ල ආර්ථික වෙළෙඳ සංගමයේ හිටපු ලේකම් දැනට එම සංගමයේ විගණන නිලධාරි හා එළවළු තොග වෙළෙඳ ව්‍යාපාරික අයි.ජී. විජේනන්ද මහතාය.
ඔහු පවසන අන්දමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉකුත් 17 වැනිදා පිපික්‍ද්ඤා තොග මිල කිලෝවක් රුපියල් 25 කි. එම මිල ගණන්වලට තමාද පිපික්‍ඳ්ඤා අලෙවි කළ බව පැවැසීය.
මෙදිනම සවස මාතලේ පිහිටි සිය නිවෙසට ගෙන යෑමට මාතලේ සුපිරි වෙළඳ සංකීරණයේ එළවළු වෙළඳ සැලකින් එළවළු මිලදී ගත් අතර පිපික්‍ඳ්ඤා කිලෝවක සිල්ලර මිල රුපියල් 180 ක් වී ඇත. මෙවැනි මිලක් තමන්ටම ගෙවීමට සිදුවීම මවිතයට හේතුවක් බව ඔහු පැවැසීය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පිපික්‍ඳ්ඤා කිලෝව 25 ට දී 180 ට මිලට අරන්
himal Monday, 21 August 2017 08:44 AM
එයාම නම් අලෙවි කරේ එතකොට ඒ තොගයෙන් තමන්ට ඕන ප්‍රමාණය තියා ගන්න තිබ්බා. එහෙම නොකර සුපිරි වෙළෙඳසැලෙන් ගන්න ගියේ ඇයි?තමන් විකුණන බඩු තමන්ටම ෂුවර් නැද්ද?
shantha Tuesday, 22 August 2017 02:53 AM
එයා හොඳට තෙල් බෙහෙත් ගහල වවපු ඒවා රුපියල් 25 ගණනේ වික්කේ . එත් බෙහෙත් ගහල නැහැ කියල වෙන්න ඇති වෙන කව්රුවත් හදපු ඒවා සුපර් මාර්කට් එකෙන් ගන්න ඇත්තේ . එත් කවුද දන්නේ ඒවටත් බෙහෙත් ගහල කියල . අන්තිමට බලනකොට අපේ රටේ හැමෝම හැමෝටම රවටනවා
Gihan Thursday, 24 August 2017 02:07 AM
අපේ රටේ කෘෂි කර්මාන්තයේ අතරමැදියන් ඉතාම කෙටි කාලයකින් ඉතා අසාධාරණ ලාභ ලබන බව කව් රුත් දන්න කාරණයක්නේ. ඒ නිසා මිනිස්සු ගොවිකමෙන් එන්න එන්නම ඈත් වෙනව. මේක දිගටම ගියාම ලංකාවේ කෑම සම්පූර්ණයෙන්ම පිට රටින් ආනයනය කරන්න වෙනව.
තිලක් Friday, 25 August 2017 03:59 AM
මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මුරුංගා කරල් 1Kg ක තොග මිල රූ.7-15 අතර පවතියි. නමුත් එහි සිට සැතපුම් 40 ක දුරින් පිහිටි මම ජීවත් වෙන ප්‍රදේශයේ වෙළඳ සැලකදී මුරුංගා කරල් 1Kg සිල්ලර මිල රූ. 90 යි.
sisi Sunday, 27 August 2017 04:32 AM
කතාවක් ගොතන කොට ටිකක් හරි පිළිගන්න පුළුවන් විදියට ලිවිය යුතුයි.