මියගිය අයකුගේ ඥාතිවරියකගේ ඉල්ලීම අනුව අවමංගල්‍ය ඡායාරූප ගැනීමට ගිය ඡායාරූප ශිල්පියකුට මියගිය පුද්ගලයාගේ දියණියක විසින් බැණවැදී පහරදීමේ පුවතක් කෑගල්ලට නුදුරු ගමකින් වාර්තා වේ. ඡායාරූප ශිල්පියා මියගොස් සිටි පුද්ගලයා දැනහඳුනන අයකු වූ බැවින් ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා එම නිවසට ගියේය.
එහිදී මියගිය පුද්ගලයාගේ ඥාතිවරියක අවමංගල්‍යයේ ඡායාරූප කීපයක් රැගෙන දිය හැකිදැයි ඡායාරූප ශිල්පියාගෙන් විමසා ඇති අතර උදව්වක්ද වශයෙන් එය කළ හැකි බව ඡායාරූප ශිල්පියා පැවසීය. කැමරාවද රැගෙන ආ ඡායාරූප ශිල්පියා ඡායාරූප ගැනීමට සූදානම්ව පවුලේ ඥාතීන්ට මෘත දේහය තැන්පත් කර තිබූ ස්ථානයට පැමිණෙන ලෙස දැන්වූ අතර මියගිය අයගේ තරුණ දියණියක්ද ඒ අතර වූවාය.
එම පිරිසගේ ඡායාරූපයක් ගැනීම සඳහා දේහයට ආචාර කරන අන්දමට සිටින ලෙස ඡායාරූප ශිල්පියා දැනුම්දුන් නිසා සියලුදෙනාම එසේ සිටි නමුත් මියගිය අයගේ දියණිය පමණක් තමාට එසේ රඟපෑම් කිරීමට නොහැකි බව කියමින් එය ප්‍රතික්ෂේප කළාය. කෙසේ වෙතත් ඡායාරූප කීපයක් ගත් ඡායාරූප ශිල්පියා ස්තෝප්පුවේ තිබූ පුටුවක වාඩිවී කැමරාවේ තිබූ තමා ගත් ඡායාරූප පරික්ෂා කරමින් සිටින විට තවත් පුද්ගලයකු සමග එම ස්ථානයට පැමිණි අර තරුණිය “මේකා තමයි මට රඟපාන්න කියලා කීවේ.” යයි කියමින් ඔහුගේ කම්මුලට පහර කීපයක් ගැසූ අතර ඡායාරූප ගැනීමට ආරාධනා කළ කාන්තාව මැදිහත්වී තවදුරටත් පහරදීම වළක්වා ඇත. පහරකෑමට ලක්වූ ඡායාරූප ශිල්පියා ඒ සම්බන්ධයෙන් කෑගල්ල පොලිසියට පැමිණිලි කර ඇති අතර උසස් අධ්‍යාපනය ලබන එම තරුණියගේ පහරදීම ශෝකය නිසා කළ පහරදීමක් නොවන බව ඡායාරූප ශිල්පියා පවසා තිබේ. කෑගල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
(කෑගල්ල කරුණාරත්න අතුකෝරාල)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පියාගේ අවමඟුලේ ඡායාරූප ගන්න ආ කැමරාකරුට දුවගෙන් කම්මුල් පාරක්
අබය Wednesday, 26 October 2016 08:49 PM
මළගෙදරක් කියන්නේ ඉතා ශෝකභරිතව ඉන්නා තැනක්. රඟපාන ස්ථානයක් නොවෙයි. (නි)
සමන්ති Thursday, 27 October 2016 12:05 AM
මළගෙවල් මඟුල් ගෙවල් කරගන්නා අයට, ඡායාරූප ශිල්පීන්ට හොඳ පාඩමක් නේද? (නි)
චතුරි Thursday, 27 October 2016 01:57 AM
ශෝකය පිට කරන්න කම්මුලට ගහනවා කියලා අදනෙ දන්නේ (නි)
සෙනවි Thursday, 27 October 2016 06:31 AM
චතුරි මේ කරුණ තේරුම් ගෙන තිබෙනවා (බ)
ප්‍රදීප් Thursday, 27 October 2016 08:28 AM
මේ මෝඩය කොහොමද ජයාරූප ශිල්පියෙක් වුනේ ?? තමා ඉන්න තැනට ඔබින විදිහට ඡායාරූප ගන්න දන්නේ නැති මිනිහට කන පැලෙන්නත් දෙන්න තිබුන (බ)
සෙනවි Thursday, 27 October 2016 04:44 PM
චතුරි, දැන්වත් තේරුම් ගන්න හිත්වේදනාව සහ ආවේගය කියන එක. අපි තවම රහත්වෙලා නැහැ. ප්‍රදීප්ගේ වචන ටික මොළයට ගන්න. (නි)
සිල්වා බර්ලින් Friday, 28 October 2016 04:27 AM
කොහොමත් ලංකාවේ උසස් අධ්‍යාපනය ලබා තරුණ තරුණියන් අනුන්ට හිංසා කිරීම සලකන්නේ සාමාන්‍ය දෙයක් විදිහට , හැමදාම ලංකාවේ කොහේ හරි පාරක් වහගෙන උද්ගෝෂණය කරමින් ජනතාව පීඩාවට පත්කරනවා (බ)
නිමල් Friday, 28 October 2016 08:16 AM
කොහොමත් ලංකාවේ ඡායාරූප ශිල්පීන් අවස්ථාවන් ඡායාරූප ගත කරනවා වෙනුවට රගපෑම් ඡායාරූප ගත කරන්න තමා හදන්නේ. මගුල් ගෙවල්වල කරන කෝලම් මළ ගෙවල්වල කරන්න ගිහින් හොද පාඩමක් ඉගෙන ගෙන ඇති. මගුත් ගෙදර ඇණය මල ගෙවල්වලටත් ඇවිත්. (බ)
චතුරි Friday, 28 October 2016 11:01 AM
සෙනවි, ඔයා අනුන්ගෙන් ගුටි කන්න ලෑස්තිවෙලා ඉන්න කෙනෙක්. ඔයාට කරදරයක් වුණාම ගෙදර ඉන්න බල්ලට ගහලා හරි යනවද. සෙනඟ මැද්දේ ගුටිකාලා හොඳට පුරදු පාටයි (නි)
පිටබැද්දර ජයා Friday, 28 October 2016 11:45 AM
අනේ මන්දා! මළ මිනියට ගෞරව දක්වන විදියට ඉන්න කියන එකේ මොකක්ද අප්පා තියෙන වරද? ඔන්න අඩුම තරමේ ටිකක් හිනාවෙලා ඉන්නවත් කිවුවා නම් තව කමක් නැහැ කියමු (නි)
උපුල් Friday, 28 October 2016 04:41 PM
ඡායාරූප ශිල්පියා නිකන් ඉල්ලගෙන කාලානේ (නි)
බමුණුසිංහ Saturday, 29 October 2016 12:14 AM
මට පෙනෙන්නේ කෙල්ලට තාත්තට වදින්න තිබුන අකමැත්තයි පෙන්වලා තිබෙන්නේ. බකපණ්ඩිත කෙල්ලෙක්. මේ කෙල්ල ස්ටුඩියෝ එකකට ගියා නම් ශිල්පියා කියන විදිහට නොවෙයිද ඉන්නේ. (නි)
කරූ-කලුතර Saturday, 29 October 2016 04:18 PM
මේ කාන්තාව කෝපයට පත්වුණා නම් එවෙලෙම ගහන්න තිබුනා. පස්සේ හිතලා බලලා සැළසුම් කරලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ (නි)
ගුණවර්ධන Sunday, 30 October 2016 08:27 PM
කම්මුල් පහර නිසා කැමරාව බේරුණා නැත්නම් , පාඩුව තමයි කොයි කාටත්.(ම)
පසිදු Monday, 31 October 2016 05:22 AM
මනුස්සකම නොව තිරිසන් කමකි.(ම)
නිරූ Monday, 31 October 2016 07:45 AM
ආරාධනාවක් කරපු නිසයි ෆොටෝ අරගෙන තියෙන්නේ. (බ)