”පොල් ගස කථා කරයි” මාතෘකාව යටතේ නිවැරැුදි උක්ත ආඛ්‍යාත යෙදු වාක්‍ය 4ක් ලියා දක්වන්න. යැයි අසා තිබුණු විභාග පිළිතුරකට කෑගල්ල ප්‍රදේශයේ පාසලක කුඩා දරුවකු ලියා තිබූ පිළිතුර මෙසේය.
සාමාන්‍යයෙන් පොල් ගසක් කථා නොකරයි. පොල් ගස කථා කළොත් ගසට ඇති දුක කියාවි. ඒ නිසා මට මේකට ලියන්න වෙන උත්තර නැහැ. විභාගය අවසන් වී දින කිහිපයකට පසු උත්තර පත්‍ර බැලූ පාසලේ විෂය භාර ගුරුවරයා සිඟිත්තා ලියා තිබුණු උත්තරය දැක අන්දුන් කුන්දුන් වී ගිය බව වාර්තා විය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පුංචි සිසුවාගෙන් අපූරු උත්තරයක්
ආනන්ද Tuesday, 08 September 2015 03:08 PM
මෙම ප්රශ්නය තුලින් පරීක්ෂා කිරීමට උත්සාහ කරන්නේ දරුවකුගේ නිර්මාණශීලී හැකියාවයි. ලෝකයේ සාහිත්‍ය කියා දෙයක් බිහිවෙලා තියෙන්නේ වින්දනාත්මක නිර්මාණ බිහිවෙලා තියෙන්නේ එවැනි නිර්මාණ කරුවන් සිටි නිසායි. මෙහි දක්වා තිබෙන අදහස් බොහොමයක් ගැන සංවේගයක් දැනෙනවා.සියල්ල තර්කානුකූලව පමණක් හැමෝම සිතුවා නම් කලාව කියල දෙයක් නොතිබෙන්න තිබුන.(බ)
රෂින්ත Tuesday, 08 September 2015 02:46 AM
පණ්ඩිත ළමයෙක්. මේ වගේ නිර්මාණාත්මක රවනා ළමයින්ට ලියවන්නෙ ළමයාගේ නිර්මාණාත්මක සිත සංවර්ධනය කරන්න මිසක් මේ වගේ මෝඩ, පණ්ඩිත උත්තර දෙන්න නෙමෙයි. (නි)
ටිකිරි Tuesday, 08 September 2015 02:48 AM
මේ ළමයා නිර්මාණශීලී නොවන කෙනෙක්. අද කාලේ ගොඩක් දෙනා හිතන්නේ ඔයවගේ මතුපිටින් බලලා තමයි (නි)
රසිකා Tuesday, 08 September 2015 02:55 AM
මම දකින්නේ නැහැ මේ ළමයගේ බුද්ධිමත්බවක්. මට පෙනෙන්නේ ළමයගේ නිර්මාණශීලීබවේ අඩුකම. අපි පොඩි කාලෙත් ඔය රචනාවම මම ලියලා තියනවා. අපි දන්නවා පොල් ගසට කතා කරන්න බැහැ කියලා. ඒ වුණාට නිර්මාණශීලිව ලියන්න අපිට උගන්වලා තිබුනා. (නි)
සුපුනි Tuesday, 08 September 2015 04:16 AM
ඇත්තනේ කතාව (ම)
දර්ශන Tuesday, 08 September 2015 05:54 AM
දැන් ගුරුවරු ඉගෙනීමට දුර්වල ළමයි ගැන හොයන්නේ නැහැ. එයාලා පුළුවන් ළමයි ගැන විතරයි හොයන්නේ. ඉස්සර අපිට උගන්වපු ගුරුවරු එහෙම නැහැ. එයාලා අපිට ඉගැන්නුවේ සල්ලි බලාගෙන නෙමෙයි. ඒකට දැන්? (නි)
අජිත් Tuesday, 08 September 2015 06:32 AM
රසික, ඔබගේ ප්‍රතිචාරය හරියටම හරි. (නි)
තාරක Tuesday, 08 September 2015 08:38 AM
පොල්ගස් කතාකරනවද දරැවන්ට පොඩිකාලෙ ඉඳලම බොරුකියන්නඋගන්වන ගුරුවරුනට දඬුවම් කළ යුතුය (ම)
චතුරංග තිලකගේ Tuesday, 08 September 2015 09:00 AM
ළමයා නිවැරදිව පොල්ගස ගැන ලියා තිබෙනවා.පොල්ගස කතාකරන්නේ නැහැ කියන වාක්‍යයත් පොල්ගස ගැන ලියා ඇති වාක්‍යයත් හරි.එයින් ඔහු නවතින්නේ නැතුව තවත් වාක්‍ය ලියා ඇත්තේත් පොල්ගස ගැනමයි.පණ්ඩිතකමට දන්නවා වගේ අදහස් දැමූ කට්ටියම ගැනයි අදාළ ගුරුවරයා ගැනයි මම නම් අන්දුන්කුන්දුන් වුණා (නි)
අප්පුහාමි Tuesday, 08 September 2015 02:26 PM
තාර්කික න්‍යාය අනුව නම් මේ උත්තරය හරි බව පෙනුනත්,පොල් ගස කතා කළා නම් තමන්ගේ දුක කියන බව දැනගෙන හිටියත්, නිර්මාණාත්මකව හිතන්න ලියන්න බැරිකම හෝ අකමැත්ත නිසා මේ දරුවා මෙහෙම උත්තරයක් දීලා තියෙනවා. අපිත් පොඩිකාලේ ඉබ්බෙක් කථා කරයි කියලා රචනාවක් ලියන්න කියලා කිවුවහම ඒ ඉබ්බා කථා කළොත් කියාහිටින දේ ලිවුවේ ඉබ්බාට කතා කරන්න බැරි බව නොදැන නෙමෙයි. මේක නම් නොමේරූ බුද්ධියට හොඳ උදාහරණයක්. (නි)
අනුර Tuesday, 08 September 2015 02:39 AM
ගුරුවරයෙක් ලෙස අදහස් දක්වමි. හදවත පරදා තර්කනය පෙරට ආ පසු තවදුරටත් මනුෂ්‍යයකු නැත. යන්ත්‍රයක් පමණි. මෙවන් දරු පරපුරක් බිහිවීමෙන් පෙනීයන්නේ පවතින අධ්‍යාපන පද්ධතියේ නිරුවතයි (නි)
ශිමාල් Tuesday, 08 September 2015 03:26 PM
බොලා හිතනවට වැඩිය මොලේ තියනවා බොලවූ ? (බ)
සිල්වි Tuesday, 08 September 2015 04:41 PM
මේ ළමය හරිම පණ්ඩිතයෙක්. කිසිම නිර්මාණශීලි හැකියාවක් නැහැ. ඇත්තටම කලාව කියන්නේ මනඃකල්පිතයක්. ඇත්තටම වෙන දේවල් ලියන්න ගියොත් කලාවක් අද නැහැ.කලාව කියන්නේ තමන් මනසින් මවාගන්න දේවල් (නි)
අමිල Tuesday, 08 September 2015 05:12 PM
මමත් නිකන් ඉන්න බැරි පණ්ඩිතකමට මේකට හොට දැම්මා. මමත් මේ ළමයාගේ නිර්මාණශීලිත්වයේ අඩුව ගැන කණගාටු වුණා. නමුත් ලියා ඇති පේළි වල නම් ව්‍යාකරණ දෝෂයක් නැහැ. (නි)
ලලීන් Tuesday, 08 September 2015 08:28 PM
මෙතන අදහස් දාලා තියන සමහර අයගේ බුද්ධි මට්ටම හොඳට තේරෙනවා. මේ ප්රශ්නයේ අරමුණ ළමයාගේ නිර්මාණශීලිත්වය උරගා බැලීම මිසක් පොල්ගහ ඇත්තටම කතා කරනවද නැද්ද කියලා තීරණය කරන එක නොවේ. එහෙම බැලුවොත් ඔක්කොම සුරංගනා කතා, මහදැනමුත්තාගේ කතා ළමයින්ට තහනම් කරන්න ඕනෑ. මොකද ඔක්කොම බොරුනේ. (නි)
චින්තා Wednesday, 09 September 2015 02:39 AM
ලලීන්, ඔබ හරි. (නි)
නිලාන් Wednesday, 09 September 2015 02:40 AM
ලියා තිබෙන වාක්‍යවල නිවැරදිබවක් තිබුණද ළමයාගේ නිර්මාණශීලිත්වය ගැන ගුරුවරයා මෙන්ම දෙමාපියන්ද සැළකිළිමත් වියයුතුයි.මන්ද මෙවැනි මාතෘකාවකින් බලන්නේ දරුවන්ගේ නිර්මාණශීලි හැකියාව මිසක් තර්කානුකූලව පොල් ගසට හෝ ගස්වලට කතා කරන්න පුළුවන්ද බැරිද යන්න නොවන බව අදහස් පළකර ඇති බොහෝදෙනා දැගත යුතුබව මගේ අදහසයි. (නි)
විපුල Thursday, 10 September 2015 01:23 AM
මට නම් හිතෙන්නේ මෙහි අදහස් දමා ඇති බොහෝ දෙනෙකුගේ පූර්ණ ළමාවිය සංවර්ධනය වෙලා නැහැ කියලා (නි)
මහේෂ් Thursday, 10 September 2015 05:17 AM
ළමයි අතර ඉන්න ගුරුවරු දැනගන්න ඕනෑ ළමයින්ගේ දැනුම් මට්ටම එකිනෙකට වෙනස් බව.මේ දරුවා හිතන්න ඇත්තේ ඇත්තටම ගස් කතා කරන්නේ නැහැ,ඇයි මම බොරු ලියන්නේ කියලා වෙන්නත් පුලුවන්. ඉතින් මේ ප්‍රශ්න පත්තරය හදපු ඇඳුරෝ දැනගන්න ඕනෑ හැම දරුවෙක්ටම නිර්මාණශීලි හැකියාවක් නොමැති නිසා "ඔබ පොල්ගසක් යැයී සිතා පොල් ගස කතා කරයි" කියන ආකාරයෙන් ප්රශ්නය නිවැරදිව ඉදිරිපත් කරන්න.මේ දරුවාගේ පණ්ඩිතකමක් නෙමෙයි.දරුවා බලලා තියෙන්නේ ඇත්ත කියන්නයි.හිතන්න මෙතන අදහස් ලියපු අයට කිව්වොත් නිසදැසක් ලියන්න කියලා කීදෙනෙක්ට ඒක කරගන්න බැරුව ඉවත් වෙයිද? ඇයි ඒ?අපි හැමොටම නිර්මාණශීලි හැකියාවන් එක ලෙස පිහිටන්නේ නැති නිසා. (නි)
රෂින්ත Thursday, 10 September 2015 09:59 AM
ලලීන්, ඔබ හරි. (අ)
බණ්ඩාර Monday, 07 September 2015 01:12 PM
නෑ නියමයි (අ)
රෙජි-සිඩ්නි Monday, 07 September 2015 05:42 AM
ප්‍රශ්න පත්තරය හදපු අයට වැඩිය මේ කුඩා දරුවට දැනුමක් තියෙනවා. (බ)
කවින්ද Monday, 07 September 2015 07:26 AM
නියම උත්තරය! (නි)
දුමින්ද Monday, 07 September 2015 07:48 AM
නිර්මාණාත්මක් සිහින අනාගතය වේ (නි)
ගමගේ Monday, 07 September 2015 08:37 AM
අසාමාන්‍ය ඉහළ බුද්ධි මට්ටමක් ඇති දරුවෙක්. යුරෝපයේ හරි ඇමෙරිකාවේ නම් දැනටමත් වෛද්‍ය පර්යේෂකයන්ගේ අවධානයට ලක්වෙලා. (බ)
මාලි Monday, 07 September 2015 09:16 AM
පොල්ගස් කතාකරනවද දරැවන්ට පොඩිකාලෙ ඉඳලම බොරුකියන්නඋගන්වන ගුරුවරුනට දඬුවම් කළ යුතුය (බ)
තිසුරි Monday, 07 September 2015 11:30 AM
ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න කාලය හරි (ම)
සුභාෂ් Monday, 07 September 2015 12:20 PM
ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හරිම දුර්වලයි . එකට මම ඉන්න ඩුබායි, හරිම දියුණු ක්‍රමයක්. (ම)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Monday, 07 September 2015 12:21 PM
නිර්මාණ ශීලිත්වයත්,කැටිව තර්කානුකුලව, ගස් ගල් සතා සීපාවා ඇතුළු පරිසරයට වෙන විනාශය පිලිබඳ සංවේදී මනසකින් යුතුව වැඩිහිටියන්ගේ දෙනෙත් විවර කරන්නට, පරිසරයට ආදරය කරවන්නට ...දෙනලද කදිම පණිවිඩයක් ගැබ්ව ඇති බව නොහැගේද ? (ම)
ගුණවර්ධන ගමගෙදර Monday, 07 September 2015 12:32 PM
මෙම ගුරුතුමා අන්දුන් කුන්දුන් නොව ලැජ්ජා විය යුතු වන්නේ ළමයා දී ඇති පිලිතුරු තර්කානුකූල මෙන්ම උක්ත ආඛ්‍යාතය නිවැරදි වීම නිසාය. අගය කළයුතු ළමයෙකි. (අ)
ඉන්දිකා Monday, 07 September 2015 04:58 AM
ඉතාම බුද්ධිමත් තර්කානුකුල පිළිතුරක්නේ දරුවා දීල තියෙන්නේ. මේ බුද්ධිය මොට්ට කරන්න නරකයි. (ම)
අජිත් Monday, 07 September 2015 01:25 PM
මෙතන හැමෝම කියල තියෙන්නේ, ළමය හරි කියලනේ. නැහැ. වැරදි. මේ ළමයාගේ උත්තරේ හරියට දැන් කලේ තියෙන සිංදුවල පද රචනය වගේ. වන්ග්යය,.කියනේ දේ අහලවත් නැතිව ඇති. එක අතකින් මේවට ගුරුවරුත් වග කියන්න ඕනේ. (අ)
සුජීව ප්‍රංශය Monday, 07 September 2015 02:25 PM
අද ළමයි හරි බුද්ධිමත්. මේ කාලේ ළමයි එක්ක තර්ක කරන්න බැහැ අපිට (නි)
ගයාන් Monday, 07 September 2015 03:16 PM
මෙහෙමත් ළමයි (අ)
දයා Monday, 07 September 2015 03:54 PM
ඒ ළමයා කියන්නේ ඇත්ත (නි)
නජීව Monday, 07 September 2015 05:53 PM
මම මෙම ක්‍රියාව අනුමත කරන්නේ නැහැ. ලංකාවේ පාසල් වල කුඩා කල සිටම මෙවැනි නිර්මාණාත්මක රචනා ලිවීමට හුරු කරනවා.මේ ගුරුතුමා එලෙස උගන්වා නැත්නම් පන්තියේ අනිත් ළමයිනුත් මෙවැනි උත්තර ලියා ඇති. (නි)
ෆර්සාන් Monday, 07 September 2015 09:41 PM
ළමයාගේ බුද්ධි මට්ටම නොවේ, ළමයා අවට ඉන්න අයගේ නූගත්කමයි මට නම් මේකෙන් පෙනෙන්නේ. පොල් ගස කතාකරයි කියන්නේ සිසුවා තමන් පොල් ගසක් ලෙස සිතා මෙම වැකි 4 ලිවිය යුතුයි (නි)
ඉන්දික Tuesday, 08 September 2015 12:49 AM
මට පෙනෙන විදියට මේ ළමයාට දැනුම අඩුකමක් තියනවා. (නි)
ඉන්දික Tuesday, 08 September 2015 12:53 AM
ෆර්සාන්, ඔබේ පිළිතුර ගැන මම සතුටුයි (නි)