(මාවරල - පී.එස්. මද්දුමගේ)
තම දරුවන් ජනප්‍රිය පාසලකට ඇතුළත් කිරීමට නොගන්නා උත්සාහයක් නැත. මේ එක්තරා මවක තම පුතා ප්‍රදේශයේ ජනප්‍රිය පාසලකට ඇතුළත් කිරීමට ගත් උපක්‍රමයක කතාවකි.
කන්දබඩ පත්තුවේ දියුණු වෙමින් පවතින ගම්මානයක ජීවත් වූ මේ මව තම වැඩිමහල් පුතා ගමේ පාසලට ඇතුළත් කිරීමට අදිමදි කළේ දරුවා පිළිගත් පාසලකට යන බව ගමේ අයට පෙන්වීමේ අදහසිනි. මෙය තම පවුලේ අයට නම්බුවක් මෙන්ම ආඩම්බරයට කරුණක් යයිද ඇය සිතුවාය. පාසලට ළමයා ඇතුළත් කිරීමේ අයැදුම් පත්‍රය අඩුපාඩු නැතිව සම්පූර්ණ කර ඉදිරිපත් කිරීමේදී මවගේ රැකියාවද එහි සඳහන් කිරීමට අමතක නොකළාය. පියා රජයේ ආයතනයක සේවය කරන නිසා මවටද පිළිගත් රැකියාවක් ඇති බව අයැදුම්පත්‍රයේ සඳහන් කිරීමට වගබලා ගත්තාය.
කාලය ගෙවී යාමෙන් පසුව ළමයින් පාසලට ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පවත්වන දවස්ද උදාවිය. මේ මවටද සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීම් ලිපියක් ලැබුණ නිසා නියමිත දිනට දරුවාද සමග සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටියාය.
සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ පිරිස ළමයාගේ තොරතුරු ඇතුළත් ලිපි ගොනුව පරීක්ෂා කර බලා ‘‘ගමේ පාසල මගහැර මේ විද්‍යාලයට ළමයා ඇතුළත් කිරීමට අදහස් කළේ ඇයිද? තමන් වැඩ කරන පාසලට ළමයා ඇතුළත් කළානම් නේද හොඳ?’’ කියා විදුහල්පතිවරයා මවගෙන් විමසීය.
‘‘නෑ සර් මේ විද්‍යාලයේ අධ්‍යාපනය ලබාදීම ඉතා හොඳින් සිදුවෙන බවට ප්‍රසිද්ධ නිසයි මම අයැදුම් පත්‍රය ඉදිරිපත් කළේ.’’ යයි මව පැවසුවාය.
මවගේ විමසීම් නතර කළ විදුහල්පතිවරයා ළමයාගේ සබකෝල ගතියක් ඇද්දැයි දැනගැනීමට මෙන් මෙසේ ඇසුවේය.
‘‘එන්න පුතා ළඟට. ඔයාගේ නම මොකක්ද?’’ කියා විදුහල්පතිවරයා ළමයාගෙන් විමසීය.
‘‘මම චරිත්.’’ ළමයා පිළිතුරු දුන්නේය.
‘‘තාත්තා මොනවද කරන්නේ?’’
‘‘කන්තෝරුවේ වැඩ’’
‘‘ඇයි පුතා අම්මා උගන්නන ඉස්කෝලෙට යන්න කැමැති නැද්ද?’’
‘‘අම්මා ඉස්කෝලෙක උගන්නන්නේ නෑ. ගෙදර පෙර පාසලක් කරනවා.’’
පුතාගෙ කතාවෙන් අම්මාට හීන් දාඩිය දැමීය. අයැදුම්පත්‍රයේ මවගේ රැකියාව ලෙස සඳහන් කර තිබුණේ ‘‘ගුරු වෘත්තිය’’ යනුවෙනි. ව්‍යාජ ගුරුවරකම විදුහල්පතියා තේරුම්ගත්තාය. පෙරපාසලක ඉගැන්වීම් කළත් ගුරුවරියක ලෙස මව්පියන් සලකන නිසා විදුහල්පතිවරයා සහ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ පිරිස මුවින් නොබැන බිම බලා ගත්හ.
‘‘හොඳයි දරුවත් එක්ක ගෙදර යන්න. ළමයි ගන්නකොට සලකල බලන්නම් ළමය අපේ පාසලට ගන්නවාද නැද්ද කියලා.’’
ලැජ්ජාවෙන් මුහුණ රතුවුණ මව නෙතට ආ කඳුළු බිදු සාරි පොටෙන් පිසදාගෙන දරුවාද සමග විදුහලේ කාර්යාලය කාමරයෙන් එළියට පැමිණුනාය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පුතාගෙ උත්තරෙන් අම්මගේ සායම ගිහින්
Asa Tuesday, 30 November 2021 08:08 AM
පෙර පාසලක ඉගැන්නුවත්, කැම්පස් එකක ඉගැන්නුවත් ගුරුවරයා ගුරුවරයාමයි. ළමයින්ගේ අධ්‍යාපනයේ මූලික අඩිතාලම දමන්නේ පෙර පාසලින් බව නොතේරෙන විදුහල්පතිට මේක පෙනී මොලය පෑදේවා...!
Ano Tuesday, 30 November 2021 03:26 PM
මෙහි ඇති වරද කුමක්ද? පෙරපාසල් ගුරුවරුන් කරන්නේ ගුරුවෘත්තිය නොවේද?
N.Vithana Wednesday, 01 December 2021 10:52 AM
කෙසේ උවත් ඒ අම්මත් පෙරපාසල් ගුරුවරියක් .අනික ලජ්ජා වෙන්න ඕනේ කොහොම හරි ළමයා දාගන්න අම්මලා ගැන නොවේ.දේශපාලන ලියුම් වලට පාසැල් වලට ගන්න අය ගැන
VIRAJ MENDIS Thursday, 02 December 2021 11:42 AM
මම හිතන්නේ මේ කතාව ගොතපු කතාවක්. මොකද මේ පාර ඉස්කෝලවල සම්මුඛ පරීක්ෂණයට ළමයින් ගෙන්වීමක් සිදුකරන්නේ නැහැ.