X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


පුතාගේ දත් කැක්කුමට බෙහෙත් දෙන මුවාවෙන් පියා තෙල් වෙළෙඳාමේ

දකුණු පළාතේ වෙරළබඩ උපනගරයකි. ග‍්‍රාමීය ප‍්‍රාදේශයක් කරා යාමට නියමිත බසයකට අවුරුදු අටක් තරම් වූ කොලූ ගැටයෙක් හා ඔහුගේ මව යැයි සිතිය හැකි කාන්තාවක් පසුපස දොරෙන් ඇතුළුවී ආසනයක වාඩි වූහ. දරුවා තදබල දත් කැක්කුමකින් පෙළෙන බව පෙනෙන්නට තිබිණි.

මොහොතකින් ඉදිරිපස දොරටුවෙන් ඇතුළු වූ තෙල් බේත් අලෙවිකරුවකු දත් කැක්කුමට ප‍්‍රත්‍යක්‍ෂ ඖෂධ තමා ළඟ ඇති බව කීවෙන් පසුපස අසුනේ සිටි කාන්තාව ඔහු කැඳවීය. ඔහු තම ඖෂධයෙන් මදක් දරුවාගේ දත්වල තැබීය.

මොහොතකින් දරුවාට පුදුම සුවයක් ලැබිණි. දරුවාගේ මව සතුටටත් විමතියටත් පත්වූ බව පෙනිණි. වටපිටවූවෝ එම ඖෂධය මිලදී ගත්තේ එහි ගුණය එතැනදීම පෙනුණ හෙයිනි.

වෙළෙන්දා සෑහෙන මුදලක් එකතු කරගෙන බැස ගියත් දරුවාගේ මව බෙහෙත් ගුණය ගැන කතා කරමින් සිටින විට පිටත බැලූ දරුවා කලබලයට පත්ව ”අම්මේ තාත්තා තව බස් එකකට නැග්ගා. ඉක්මනට නොගියොත් බැණුම් අහන්න වේවි” කීවෙන් මේ නාඩගමට රැවටුන අයට යකා වැහුනාලූ.



අදහස් (0)

පුතාගේ දත් කැක්කුමට බෙහෙත් දෙන මුවාවෙන් පියා තෙල් වෙළෙඳාමේ

අජිත් Tuesday, 17 December 2013 06:23 PM

මේක ජීවත්වීමට වෙර දරන වෑයමක්. ඉස්සරත් ඉදලා තියෙනවා මේ වගේ අය. මම ෆිල්ම් වලින් දැකලා තියෙනවා.(නදී)

:       0       0

චන්දි Thursday, 19 December 2013 11:01 AM

මන් ආයිමත් ඇරයුම් කරනවා ඇත්ත සමදරා අක්කට එන්න කියලා. ඇවිත් අපි ප්‍රවෘත්තියට අදාල හරවත් දේ ලියමු. (නදී)

:       0       0

ගැටයා Thursday, 19 December 2013 10:21 AM

පොඩි මල්ලි කිරි ඉල්ලා අඩන විටදී දුක හිතිලා. පොල් කිරි ටික මිරිකාලා මම අල්ලා පෙව්වා.(නදී)

:       0       0

චන්දි Thursday, 19 December 2013 06:02 AM

අපි කොච්චර සතුටින්ද මෙතන හිටියේ. (නදී)

:       0       0

සෙලිනා Wednesday, 18 December 2013 10:33 PM

ජිවත් වෙන්න ඕනෑම දෙයක් කරන්න සුදානම් මේ මිනිස්සු පව් කියලත් හිතෙනවා (දිල්)

:       0       0

මේනකා ලොකුපතිරණ Wednesday, 18 December 2013 06:51 PM

මේ කරපු දේ හොද දෙයක් නම් නෙමෙයි තමයි. ඒත් ජිවත් වෙන්න කරපු අහිංසක වැඩක්. මෙයිට වැඩිය හොර වැඩ කරන මිනිස්සුත් අපි අතර ඉන්නවා.(නදී)

:       0       0

අලහාපෙරුම Wednesday, 18 December 2013 01:11 PM

දත් ගැලවෙන්න දෙන්න තිබුනේ.(නදී)

:       0       0

සුමුදු Wednesday, 18 December 2013 07:31 AM

''දකුණු පළාතේ වෙරළබඩ උපනගරයකි''.කියන්නේ මාතර ගාල්ල පැත්තේ නේද ? (අ)

:       0       0

ඉන්දු-ලන්ඩන් Wednesday, 18 December 2013 06:17 AM

බෝතල් බෙහෙත් විකුනන්නේ ගොඩක් අසරණ වෙච්ච මිනුස්සු. මේ අයට මෙහෙම බොරු කලත් ඒ ලැබෙන මුදලවත් ජීවත් වෙන්න ප්‍රමාණවත් නැහැ. (නදී)

:       0       0

පෙරේරා Wednesday, 18 December 2013 12:12 AM

ලංකාවේ බොහෝ දේශපාලුවන් කරන්නෙත් මෙවැනිම දේ තමයි. ජනතාව රවටා තමුන්ගේ බඩ වඩා ගැනීම.(නදී)

:       0       0

ශාන්ති Tuesday, 17 December 2013 11:36 PM

මේ හැම දේම කරන්නේ ජිවත් වෙන්ඩ නේද ? පොඩි එකාට මොනවා තේරෙනවද ? (නදී)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 17 December 2013 09:13 PM

පොඩි එකාට සුභ අනාගතයක් ! දත් දොස්තර කෙනෙක් කිරීමට දෙමව්පියන් ගන්නා උත්සාහයද සාර්ථක වේවා! (නදී)

:       0       0

ගුණරත්න-ඩුබායි Tuesday, 17 December 2013 08:35 PM

මටත් මතක් උනා කතාවක්. දවසක් අම්ම කෙනෙක් පුතාවත් අරන් බස් එකට නැගලා පුතාට බාග ටිකට් එකක් ඉල්ලලා. කොන්දොස්තරපුතාගේ වයස ඇහුවම .පුතා කියලා තියෙනවා බස් එකට නගිනකොට 10 යි බස් එක ඇතුලේදී 6ක් කියලා.(නදී)

:       0       0

තිලක් Tuesday, 17 December 2013 09:46 AM

අනේ ඇත්තට , මෙහෙමත් වැඩ! (නි)

:       0       0

ආරියසේන Tuesday, 17 December 2013 05:45 PM

මේ පුවත කියවල මට තනියම හිනා ගියා. පොඩි ළමයින්ට වැඩිහිටියන්ට වගේ බොරු කියන්න පළපුරුද්දක් නැහැ. කුමක් හෝ කපටිකම් වලින් ජීවිතය ගැට ගහගන්න සමාජයේ මිනිසුන් පෙළඹී ඇත.(නදී)

:       0       0

රවීන් Tuesday, 17 December 2013 04:32 PM

ලොකු සමාගම් ලස්සනට ඇසුරුම් වල ලා රටපුරා පෝස්ටර් අලවලා. පත්තර පිටු ගණන්, ටීවී එකේ පැය ගණන් ඇඩ් දාල කරන බොරුවට වඩා මේක ගොඩක් අහිංසකයි. මේ සමාගම් කවන පොවන වස ගැන කතා කරන්න කිසිම කෙනෙක් නැහැ. සල්ලිවලට ඔක්කොම යටයි.(නදී)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 17 December 2013 03:15 PM

හොරකම් මැරකම් නැතිව, කුඩු මත් ද්‍රව්‍ය නැතිව ජීවිත හානි කරගන්නේ නැතිව මේ විදියට ජීවත් වීමත් හොඳයි. විනෝදයකුත් තියෙනවනේ.(නදී)

:       0       0

ඉන්දු ලංඩන් Tuesday, 17 December 2013 02:47 PM

රුවන්, මටත් බෝඩිම ටෙලි නාට්‍යය මතක් වුණා. සමාජයේ වැරදි අඩුපාඩු වලට හාස්‍යය හරහා පහරක් ගහපු රසවත් නාට්‍යයක්.(නදී)

:       0       0

ඉන්දු ලංඩන් Tuesday, 17 December 2013 02:47 PM

නිලූ ඔයා කාලෙකින්. ඔයාගේ කතාව හරියටම හරි. ඒත් මේ අයට සාධාරණ ජීවිකාවක් කරන්න සිතුණේ නැත්තේ ඇයි කියලා තේරෙන්නේ නෑ. සමහර විට පහසුවෙන් සල්ලි හොයන්න පුලුවන් නිසා වෙන්න ඇති. (නදී)

:       0       0

විදාන Tuesday, 17 December 2013 01:20 PM

බලන්නකෝ අද රටේ වෙන දේවල්... (නි)

:       0       0

විදාන Tuesday, 17 December 2013 01:20 PM

එක තැන පල් වෙන අදහස් නොදැමීම හොදයි නේද? (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 17 December 2013 01:13 PM

මොන බොරුව කරලා හරි සල්ලි හොයන්න හදන්නේ දැන් අපේ රටේ මනුස්සයෝ. තව කෙනෙක් රැවටීම වැරදියි තමා ඒත් ජීවත් වෙන්න බැරිව සියදිවි හානි කර ගන්නවාට වැඩිය මෙහෙම හරි මනුස්ස ජීවිත රෑක ගන්න එක හොදයි කියලා හිතෙනවා. දැන් රටේ තියන තත්වේ බැලුවම හිනා නෙමේ මේවා අඩන්න ඕනේ දේවල් ඇත්තෙන්ම. (නදී)

:       0       0

දිසානායක Tuesday, 17 December 2013 12:51 PM

ඉන්දු ,චන්දි අපිත් නත්තල් කාලේ මෙහෙම දෙයක් කළා නම් කීයක් හරි හොයා ගන්න තිබුනා.(නදී)

:       0       0

පද්මේ Tuesday, 17 December 2013 10:57 AM

චාර්ලී චැප්ලින් මතක් වෙනවා. කුඩා දරුවෙක්ට කියල ජනෙල් වලට ගල් ගහල චැප්ලීන් ජනෙල් වලට වීදුරු අල්ලලා සල්ලි අරගෙන අහුවෙන හැටි.(නදී)

:       0       0

රුවන් Tuesday, 17 December 2013 10:18 AM

මේ වගේ කතාවක් රූපවාහිනියේ “බෝඩිම“ විකට ටෙලි නාට්‍යයේ තිබුනා. . ඒ ටෙලිය බලල තිබුන කෙනෙක් හිටියානම් මේ වගේ දේවලට රැවටෙන්නේ නැහැ. එම නාටකයේ බසයක් තුල රොඩ්නි වර්ණකුල මහතා කනේ අමාරුවකට දයා අල්විස් (හොර වෙදා) ගෙන් බේත් දෙන දර්ශනයක් රඟපෑවා. මතක් වෙනකොට දැනුත් හිනා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site