අකුරැස්සේ සිට කඹුරුපිටිය හක්මන බසයක් බලා එයට කඹුරුපිටියේදී මවක් හා පුංචි පුතෙක් ගොඩවූහ.
”හක්මනට ටිකට් එකක් දෙන්න” ඇය මුදල් දෙමින් කොන්දොස්තරට කීවාය.
”මේ ළමයට අවුරුදු හතරට වැඩියිනේ ටිකට් එකක් ගන්න ඕන” කොන්දොස්තර කීවේය.
”එයාට තවම හතරක් වුණේ නෑ” මව කීවාය.
”නෑ අම්මේ .. මගේ වයස දැන් අවුරුදු හතයි. මම දැන් ඉස්කෝලේ දෙකේ පන්තියේ අම්මේ” දරුවා උස් හඬින් කීවේ මවට චෝදනාවක් ලෙසිනි.මවට කට උත්තර නැතිවිය. කොන්දොස්තර ළමයාටත් ටිකට් පත‍්‍රයක් නිකුත් කර මුදල් අයකර ගත්තේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පුතාගේ වයය හැංගූ මවට ටිකට් දෙකක්ම ගන්න වෙලා
ඩිලාන් Thursday, 28 March 2013 01:44 PM
නියමයි. (නි)
චතු Monday, 08 April 2013 04:12 PM
ඕකනේ කියන්නේ බෙන්තර ගඟෙන් මෙහාට බළල් පැටියෙක්වත් ගේන්න එපා කියලා (ස)
රොහාන් Sunday, 31 March 2013 08:00 AM
බස්ගාස්තු බැලුවහම දෙන්නෙකුට එකක් තමයි ගන්න වෙන්නේ. (නි)
සංජීව Saturday, 30 March 2013 06:36 PM
අම්මාගේ වයස කීයද දන්නෙ නැහැ නේද? (නි)
සමිපත් Friday, 29 March 2013 08:34 AM
සෝක් කොළු පැටියා.(නදී)
ලලිත්-එස්.එල් Friday, 29 March 2013 08:30 AM
පොඩි ළමයිට බොරු කරන්න උගන්වන්නේ බොහෝ විට දෙමවිපියන්මයි.(නදී)
ෂෙරිෆ් Friday, 29 March 2013 01:10 AM
අපේ රටේ කොතරම් ඉන්නවද දුප්පත් ජනතාව? හැමදේම ගනන් ගිහිල්ලා. අම්මලා බලන්නේ කීයක් හරි ඉතුරු කරලා දරුවන්ට උගන්වන්න. (නි)
චන්දන Friday, 29 March 2013 12:54 AM
නියමයි පුතා. (නි)
කපිල Thursday, 28 March 2013 08:15 PM
ගෑනු ඔහොම්මමයි (නි)
රුවිනි Thursday, 28 March 2013 03:05 AM
පුංචි ළමයි ඉදිරියේ බොරු කියන්න එපා. (නි)
ප්‍රෙමරත්න Thursday, 28 March 2013 01:31 PM
ඒ ළමයාගේ අම්මට සල්ලි නැති කමටද දන්නේ නැහැනේ ඒකම කළේ.(නදී)
හේවගේ Thursday, 28 March 2013 12:31 PM
මොකද්ද එහෙම කරන්න හේතුව (දී)
හේරත් Thursday, 28 March 2013 09:54 AM
හොද වෙලාවට එක කොලුවයි හිටියේ. පහක් හයක් හිටියා නම් තාත්තත් විකුනන්නයි වෙන්නේ. නේද මාමේ!(නදී)
සරත් Thursday, 28 March 2013 09:30 AM
පුංචි ළමයි වස නැහැ පැටියෝ.(නදී)
අලහප්පෙරුම Thursday, 28 March 2013 09:12 AM
ඉල්ලගෙන කනවයි කියන්නේ ඕවට තමයි.(නදී)
සුජා Thursday, 28 March 2013 08:37 AM
අම්මේ දරුවන්ගෙන්වත් යමක් ඉගෙනගත්තද?(නදී)
තාරක Thursday, 28 March 2013 07:55 AM
වරදක් නම් දඩුවම අනිවාර්යයි (දී)
සමන් Thursday, 28 March 2013 05:40 AM
අයියෝ සල්ලි (දී)