X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


පූජ්‍ය-ගැබිනි- ආබාධිත: අපිටත් එකක් වෙන්කරනවා ...හලෝ...

බදුල්ල-කොළඹ බසයට ගොඩවූ මගියකු සිය ගමන්  මල්ලද බස්රථයේ රාක්කයේ තබා ආසනයක් ලැබෙන තුරු බලංගොඩ දක්වාම හිටගෙන පැමිණියේ කෙසේ හෝ පසුදින සිය පුද්ගලික ආරක්‍ෂක සේවා රාජකාරියේ යෙදිය යුතුම නිසාවෙනි.


බසය බලංගොඩදී තේ බීමට නතර කොට කොන්දොස්තර මහතා විසින් මගීන්ට නියෝගයක් කළේ විනාඩි විස්සකින් නැවත බසය ධාවනය වන බවටය. එම කාලය ප්‍රයෝජනයට ගෙන එම සිකියුරුටි මගියා අසල තිබූ කුලී රථයක නැගී කොහෝ දෝ ගොස් පැමිණියේ කොන්දොස්තරගේ නියෝගය පිළිපදිමිනි. බසය පනගන්වන්නට පෙර පසුපසට ගොස් තමන් ගෙනා බෝතල් භාගයක තිබූ යමක් ඔහු විනාඩි දෙකක් පමණ කාලයක් තුළ ෂොට් දෙකතුනක් කටේ හලාගත්තේය. වැඩිදුරක් නොයාම එම මගියාගේ ඉරියව්, කතාබහ, වෙනස් විය.


 කොන්දොස්තර අමතා මෙසේ කීය. මල්ලී තමුසෙ මා බසයට නගිනකොට කිව්වේ මගදී සීට් දෙන්නම් කියලා. තාම නැහැ. සීට් එකක් ලැබෙන තුරු මං පාපුවරුවේ වාඩිවෙලා යන්නද? බැහැ බැහැ වැටිලා මැරුනොත් අපට වගකියන්න බැහැ. 


යකෝ ........ බොරු කියලා මිනිස්සු රවට්ටලා සීට් දෙන්නම් කියලා මෙහෙම අමාරුවේ දාන්න එපා.


 “පූජ්‍ය පක්‍ෂයට” “අබාධිතයන්ට” “ගැබිනි මව්වරුන්ට” කියලා සීට් වෙන්කරලා තියනවා නම් බස් එකේ බේබද්දන්ට කියලත් සීට් එකක් වෙන්කරනවා. මම බිව්වෙ හිටගෙන යන්න බැරිකමට. තමුසෙට මේක උගන්වන්නයි.”


 කොළඹ ආසන්නයට යනතුරු මගීන් ගන්නට බසය නතර කරන හැමවිටම එම මගියා පාපුවරුව අසල සිට මෙසේ මගීන්ට කියා සිටියේය. 
“සීට් නම් ඉඩ නැහැ. හිටගෙන යන්න පුළුවන්නම් බසයට ගොඩවෙන්න.”
(ඕපනායක ඩබ්ලිව්.ජේ. මුණසිංහ) 



අදහස් (0)

පූජ්‍ය-ගැබිනි- ආබාධිත: අපිටත් එකක් වෙන්කරනවා ...හලෝ...

රාධා Saturday, 03 September 2016 10:19 PM

කොහොමටත් බදුල්ල-කොළඹ දුවන්නේ ගාට ගාටා යන "අර්ධ සුඛෝපභෝගී" බස් නේද? ලංගම බස් තව කීපයක් දාමුද. (නි)

:       0       0

ගුණවර්ධන Tuesday, 06 September 2016 06:47 PM

අද කාලේ බස් එකකට නැගලා පොඩ්ඩක් නොගෙන හිටියොත් පිස්සු තමයි. දන්නෝ දනිති! (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 06 September 2016 07:25 AM

නුවරින් පිටත්වන අවසන් රාත්‍රී බස් රථ සියල්ල බේබදු සේවා. ඒවගේ ඉන්න ඔක්කොම බේබද්දෝ .(බ)

:       0       0

ඉසුරු Tuesday, 06 September 2016 06:53 AM

බිල වුනත් කොන්දොස්තර මහත්තයට නියම පාඩම (බ)

:       0       0

සුජීව Monday, 05 September 2016 10:08 AM

රියදුරු ආසනය වෙන් කර තිබෙන්නේ බේබද්දන්ටයි (බ)

:       0       0

චන්න බුවනක Sunday, 04 September 2016 02:30 PM

‘මම බිව්වේ හිටගෙන යන්න බැරි කමට' කියල තියෙන එක ගැන තවත් වාරයක් අපි හිතන්න ඕනි. (බ)

:       0       0

ගුණවර්ධන Sunday, 04 September 2016 10:46 AM

මම නම් කියන්නේ බීමත්ව බසයට නඟින අයට ආසනයක් වගේම නොමිලේ චුයින්ගම්, සෙන්ට් එකක් දියයුතුයි. ඒ මොකද? ළඟින් හමන දුගඳ නිසා (නි)

:       0       0

සුජී Sunday, 04 September 2016 09:31 AM

නන්දලාල්,ඔච්චර වද වෙන්නේ මොකටද? බෙබේලා කට ගොන්නක් බීලා බස් එකට නගින එක නවත්වන්න කොන්දොස්තරට කොන්දක් තියෙන්න ඕන. (බ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 04 September 2016 09:28 AM

සවස් කාලයේ, බෝතල් හිස්වී, අඩි පෙනෙන විට, මේ අයට පුළුවන් නම් නිවෙස් බලා යාම සඳහා විශේෂ බස් සේවා දමන්නට බැරිද ?\ පාසල් සේවා,ඇඳුම් කම්හල් සේවා,මෙන් මෙම සේවය, හිස් බෝතල් සේවය කියල නම් කරන්න..(බ)

:       0       0

ජනහිත Sunday, 04 September 2016 06:29 AM

මේ මනුෂ්‍යයා කියන දේ කාටවත් නොතේරෙන පාටයි. කොන්දොස්තරලට ඕනෑ කොහොමහරි සාඩින් පුරෝලා වගේ මිනිස්සු ගෙනියන්න. සල්ලි මතම යැපෙන ලෝකයක මනුස්සකම නැහැ. මමත් රැකියාව කරන කාලේ මරදානෙන් බස් එකට නැඟලා බදුල්ලට ගිහින් තියනවා හිටගෙන. බෑග් එකත් එල්ලගෙන ලංගම බස් එකේ. ටික වෙලාවකටවත් කවුරුවත් ඉඳගන්න දුන්නේ නැහැ. ඒ මනුස්සයා කියන්නේ සිදුවූ අමාරුව හැරගන්න කටයුතු කළබවයි. මම මේක අනුමත කරනවා නොවෙයි. එ්ත් ඔය කවුරුවත් පස් වැනි සිල්පදය නොබිඳපු අය වගෙයි කතාකරන්නේ. (නි)

:       0       0

අබය Saturday, 03 September 2016 11:05 PM

මට පෙනෙන හැටියට නම් බේබද්දන්ට ආසන වෙන්කරලා හරියන්නේ නැහැ. ඔවුන්ට වෙනම බස්රථ සේවයක් පටන්ගත්තා නම් හරි. එතකොට අනෙක් අයට කරදරයක් නැහැ. (නි)

:       0       0

සරත් Saturday, 03 September 2016 02:44 AM

මොනවා උනත් උදේම හිනා ගියා ඇත්තටම \(රේ)

:       0       0

ශෙරීන් Saturday, 03 September 2016 07:18 PM

එහෙනම් ඉතින් බස් එක බේබද්දන්ගෙන් පිරිලා යයි. සීට් එකක් හින්ද කට්ටිය බී ගෙනම බස් එකට නගින්න පටන් ගනීවි.(රේ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Saturday, 03 September 2016 06:57 PM

\"බෙබේලට\" වෙන්කරන ආසනය බසයේ අන්තිම පේලියේ හැදුවොත් හොඳයි. එතකොට ඔවුන් එලියට දමන මත්පැන් ජරාව පිටුපස සිටින මගීන්ට නාන්න වෙන්නේ නැහැ. ජනේල වල වීදුරු ගලවා, මේ අයට අවශ්‍ය වූ බඩ හිස් කිරීමේ පහසුව සලසා තබන්න. ගුවන් යානාවල මෙන් වමනේ මලු ඉදිරිපස අසුනේ එල්ලා තබන්න ඕනත් නැහැ මේ ක්‍රමය නිසා.......(රේ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Saturday, 03 September 2016 06:42 PM

බෙබේලට වෙන්කරන ආසනය බසයේ(රේ)

:       0       0

සුජී Saturday, 03 September 2016 05:24 PM

අනේ මෙහෙමත් ගොන් කොමෙන්ට්...? ලංකාවේ ඉන්න බේබද්දන්ගේ ප්‍රතිශතයේ හැටියට ආසන දෙන්න ගියොත් හොඳට හිටී.ගැබිණි මවකටවත් ආසනයක් දෙන්නේ නැති නරුමයන් ඉන්නා රටකට මෙව්වා තමයි අඩු.....?(රේ)

:       0       0

ගුණවර්ධන Saturday, 03 September 2016 12:52 PM

බේබද්දන්ට ආසනයක් ,හෝ නිදාගැනීමට තැනක් බසය තුල ලබාදීම කාලෝචිත බවයි මගෙත් හැඟීම (රේ)

:       0       0

අර්ස්ච්ෆිකා-ජර්මනි Saturday, 03 September 2016 11:01 AM

අද ලංකාවේ බස්වල වැඩි දෙනෙක්ම ගමන් කොරන්නේ,කසිප්පු බීල අශීලාචාර විදිහටය,එමනිසා ඔවුන්ටත් \"බේබද්දන්ට පමණි\"කියල සීට් ටිකක් වෙන්කෙරුවොත්නම්,සද්ද නැතුව වාඩිවෙලා බුදියගෙන යයි නේද ?(රේ)

:       0       0

සෑම් Saturday, 03 September 2016 05:36 AM

කථාව ඇත්ත . (රේ)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 03 September 2016 05:24 AM

බේබද්දන්ටත් ආසනයක් වෙන් කරන එක කාලෝචිතයි.(රේ)

:       0       0

සුජීව Saturday, 03 September 2016 05:09 AM

බීල හරි මිනිහ හරි දේ හොඳට කියල දීල තියෙනවා ගූඩ් ඔහොම යන් (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site